යලිත් ලොක්ඩවුන් හෝ දැඩි සංචරණ සීමා…

November 24, 2021 at 2:10 pm | lanka C news
යලිත් ලොක්ඩවුන් හෝ දැඩි සංචරණ සීමා…

කොරෝනා වෛරස් ව්‍යාප්තිය බරපතළ වීමක් සිදුවුවහොත් දෙසැම්බර් මස නැවතත් රට වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදුවූවොත් එය පුදුමයට කරුණක් නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

දැනට ආසාදිතයන් දෛනිකව හත්සීය ඉක්මවා වාර්තා වීම බරපතළ තත්ත්වයක් ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

එනිසා පවතින තත්වය සලකා බලමින් උත්සව සමයේ දැඩි නීති පනවන්නේ රට වසා දමනවා ද යන්න පිළිබඳව ඉදිරියේදී රජය තීරණය කරනු ඇතැයිද ඔහු පැවසීය.

මීට පෙර ද උත්සව කාලයේ රට විවෘතව තැබීමෙන් කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගිය බවත් ඔහු සඳහන් කරයි.

මෙහිදී රට නො වසා තබා ගැනීමට ජනතාව වගකීමෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ වලට අනුගතව කටයුතු කිරීම ඉතාම වැදගත් බවද ඔහු තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

154,042 views

12 Comments to “යලිත් ලොක්ඩවුන් හෝ දැඩි සංචරණ සීමා…”

  1. මහජනතාව says:

    ලවුඩ්ස්පීකර් දමාගෙන කඨින පිංකම් කල හාමුදුරුගොල්ලට නම් මොකද ? වෙලාවට දානේ. වළඳලා පාඩුවේ පන්සලට වෙලා ඉන්න පුළුවන් රට වැහුවත්.. ඒත් අහිංසක මිනිස්සුන්ට එහෙම ඉන්න පුළුවන්ද ?

  2. Susantha says:

    කොරෝනා වැඩිවෙයි කියලා නෙවෙයි මේ ලොක්ඩවුන් කරන්ඩ යන්නෙ මහජනතාව පාරට බහිනවා කියලා දන්න නිසා, තෙල් මිල දී ගන්න සල්ලි නැති නිසා වාහන දාවනය අඩු කරන්න

    • ලක්පුතා says:

      ඔවු. ජාමේ බේරගන්න. කලින් පාර කොච්චර කට කැඩෙනකල් කියන්න උනාද රට වහගන්න. දැන් ඉල්ලන්නෙම නැතුව වහන්න යන්නෙ එකයි.

  3. senalika says:

    මේ කාලකන්නි බල්ල‍ා දන්න එකම විසදුම රට ලොක් ඩවුන් කරන එක විතරයි.
    මුන්ට ලෙඩේට බෙහෙත් කරන්න දන්නේ නැහැ

    • කුඹුක්කණ් says:

      සිරාවට , කෝටි ගණං වියදං කරවලා වැක්සීන් කියන ලබ්බ ගැස්සෙව්වා,
      දැන් ආයෙ රට වහනවලු

      අනේ මෙහෙම නෝන්ජල් වෛද්‍ය සේවයක්
      හෙම්බිරිස්සාවකට වත් බෙහෙතක් නැති, ඒ වුනාට වට පඬි කම විතරක් ඇති.
      ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා රඟන රැඟිලි.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    ඔය දොස්තර හේමන්තයව වෙන රටකට පිටුවහල් කරන්න. හැමදාම මුගෙ ඇඬියාව. රට වහල මුගෙ පඩිය සම්පූරනයෙන්ම නවත්වන්න ඕන.

  5. kanday says:

    How can it spread? 100% over 30 vaccinated. 90% over 20 vaccinated. 84% over 16 vaccinated.

    Only kids under 16. Adults are most likely going to be okay. Don’t stress too much. Wear your mask everywhere though as a precaution for the next 1 year.

  6. Silva says:

    මොකවත් ලොක්ඩවුන් කරන්න ඕන නැහැ, බේරෙන්න ඕන නම් සෞඛ්ය උපදෙස් පිලිපදින්න ඕන. එහෙම නැති උන් මැරුනාවේ

  7. ස්වාධීන says:

    මේ කොරෝනා රෙද්ද ඈති දැං, මේ කොරොනා කොරෝනා ගගා කෑ ගහන උන් ටික බදලා දන්න, නැත්තම් මේ රට කරන්න වෆනේ නෑ, දිවුණු රටවල් වත් කොහොමවත්ම ඔය රෙද්ද ගනංගන්නෙ නෑ දැං,

Leave a Comment

Main News