යලිත් ලොක්ඩවුන්..?

August 24, 2021 at 2:10 pm | lanka C news
යලිත් ලොක්ඩවුන්..?

රටේ ඇති වී තිබෙන කොරෝනා අවදානම නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකළ හොත් නැවත නැවතත් රට වසා දැමීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවිට රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔවුන් කියා සිටියි.

සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරස ප්‍රභේද ය ඉතා වේගයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාදනය දීමේ හැකියාවක් සහිත බවයි.

ඒ සමගම මරණ අනුපාතය ද ඉහළ යාමක් දැක ගැනීමට හැකි බව ද පැවසූ ඔහු අනාගතයේ දී මීටත් වඩා දරුණු වෛරස් ප්‍රභේද ඇතිවිය හැකි බවටත් අනතුරු ඇගවීය.

වසංගතය පාලනයේ ප්‍රධාන වගකීම වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරෙන බව ද පැවසූ ඔහු ඒ සදහා එම ඒකකයේ කමිටු හයක් පත්කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අධීක්ෂණය යටතට පත් කරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.

101,069 views

25 Comments to “යලිත් ලොක්ඩවුන්..?”

  1. prabath says:

    මේ පිස්සු දොස්තරලට තියන එකම බෙහෙත ලොක් ඩවුන් විතරද?
    දිග‍ටම ලොක් ඩවුන් කලාම අපේ ගෙවල් වල මිනිස්සුන්ට කන්න දෙන්නේ කවුද

    • Bandara says:

      මේ දොස්තරලට පිස්සු තියන එකම බෙහෙත ලොක් ඩවුන් විතරද?

    • යොවුන් රාණි says:

      ඔබ හරි. අපේ රටේ බහුතරයක් හැලිය වතුර නටනකම් ඉන්න කකුළුවෝ වගේ. පළවෙනි රැල්ල ආපු වෙලාවේ නිකරුනේ රට වහන් ඉන්නේ ඇයි ? ඒකෙන් වෙන ආර්ථික විනාශය ඉසාරහට දරා ගන්න බැහැ, ඒ නිසා නිකරුනේ මුළු රටම ලොක් දවුන් නොකර අදාල ග්‍රාම නිලධාරී වසම් විතරක් ලොක් කරන්න කියල මේකේ අත කැඩෙනකම් කොමෙන්ට් දැම්මා. මෙතන ඉන්න මොකුත් නොදත් නූගත් වහල්ලු ඒ අදහසට විරුද්ධව වැලලුණා. ආන්ඩුවේ පඩි ගන්න රජයේ නිලධාරීන්, රාජ්ය සේවකයින්, ගුරුවරුන් ට මේ කිසි දෙයක් අදාල නැහැ. කිසිම දවසක IMF එක අපේ රටේ මේ ණය කන්දරාව ට කරගහන්න ලෝන් දෙන්නේ නැහැ. එකම හේතුව රාජ්‍ය ණය බර, අනවශ්‍ය රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය බර ඩුකරගැනීමට දැකමක් නැති වීම. අපේ රටේ දොස්තර ලා ඇතුළු රජයේ සේවකයෝ කී ලක්ෂයක් ඉන්නවද මේ ලොක් ධවුන් අස්සේ වැඩ නොකර පඩි ගන්න. ඉතින් රට බංකොලොත් නොවී තියෙයිද ? මම නම් කියන්නේ ලෝක්දවුන් කාල සීමාව තුළ අඩුවෙන් වැඩ කිරීම තුළ ආර්ථිකයට හානියක් වෙනවා නම් ඊට සමගාමීව එහෙම වැඩක් නොකරන සියලුම සේවකයන්ගේ වැටුප කප්පාදු කරන්න , විශේෂයෙන් ගුරුහොරුන්ගේ.

  2. Nawodhi says:

    Lock down only in areas where C-19. If you close whole country economy will collapse and people up-rising and civil war. Medical people only know one side of the easy solution.

    • කැවුම් සිරියා says:

      ඔබට මට නොතේරෙන දේ මේ රටේ බහුතරයක් බත් කන හරක් ට නොතේරෙන එක තමයි ප්‍රශ්නේ. රටක් දුවන්න නම් රටේ මිනිස්සු වැඩ කරලා ඊට සරිලන මුදලක් උපයා ගත යුතුයි, නැත්නම් යමක් නිෂ්පාදනය කරලා හෝ සේවාවක් සපයා මුදලක් ලබා ගත යුතුයි. මේ දේවල් අඩපණ උනහම මිනිස්සු අතේ සල්ලි කෝ. රජයට ආදායම් කෝ. විදෙස් සම්ප්‍රේෂණ නැත්නම් කොහොමද රට දුවන්නේ ? අපේ රටේ බහුතරය මෙතරම්වැදගත් සරල ආර්ථික කරුණු දන්නේ නැහැ.
      පළවෙනි රැල්ල ආපු වෙලාවේ නිකරුනේ රට වහන් ඉන්නේ ඇයි ? ඒකෙන් වෙන ආර්ථික විනාශය ඉසාරහට දරා ගන්න බැහැ, ඒ නිසා නිකරුනේ මුළු රටම ලොක් දවුන් නොකර අදාල ග්‍රාම නිලධාරී වසම් විතරක් ලොක් කරන්න කියල මේකේ අත කැඩෙනකම් කොමෙන්ට් දැම්මා. මෙතන ඉන්න මොකුත් නොදත් නූගත් වහල්ලු ඒ අදහසට විරුද්ධව වැලලුණා. ආන්ඩුවේ පඩි ගන්න රජයේ නිලධාරීන්, රාජ්ය සේවකයින්, ගුරුවරුන් ට මේ කිසි දෙයක් අදාල නැහැ. කිසිම දවසක IMF එක අපේ රටේ මේ ණය කන්දරාව ට කරගහන්න ලෝන් දෙන්නේ නැහැ. එකම හේතුව රාජ්‍ය ණය බර, අනවශ්‍ය රාජ්‍ය වියදම්, රාජ්‍ය ණය බර ඩුකරගැනීමට දැකමක් නැති වීම. අපේ රටේ දොස්තර ලා ඇතුළු රජයේ සේවකයෝ කී ලක්ෂයක් ඉන්නවද මේ ලොක් ධවුන් අස්සේ වැඩ නොකර පඩි ගන්න. ඉතින් රට බංකොලොත් නොවී තියෙයිද ? මම නම් කියන්නේ ලෝක්දවුන් කාල සීමාව තුළ අඩුවෙන් වැඩ කිරීම තුළ ආර්ථිකයට හානියක් වෙනවා නම් ඊට සමගාමීව එහෙම වැඩක් නොකරන සියලුම සේවකයන්ගේ වැටුප කප්පාදු කරන්න , විශේෂයෙන් ගුරුහොරුන්ගේ.

  3. Nandasoma Suriyaarachchi says:

    At this pathetic situation, every efforts should be taken to control this pandemic. Without controlling it all other efforts will be in vain………! Only the death rate would be increased…………..!!

  4. චන්ද දායක says:

    දැන් දාලා තියන ඇඳිරි නීතිය නම් විහිලුවක්.ඇඳිරි නීතිය කියන වචනෙ තිබ්බ අගෙත් නැහැ .පොරවල් සත පහකට ගනන් ගන්නේ නෑ අපේ පැත්තෙ. ඔය පැත්ත හරි නම් හරි.

  5. dev says:

    ane nikan pala yanna
    dr unama hitanne okkoma dananwa kiyala

    umbalage go upades nisa minissuth maruna lokeye arthiketath kela una . ekena marei dan 10 gunayak minissu

  6. Saman says:

    අපි මොනව හරි කරන්න බලන්නම් අපි දොස්තරලා නේ..

  7. Silva says:

    ජෝසප් ස්ටාලින් ඔබට අපේ විප්ලවීය ආචාරය. ඔබ රැගෙන ගිය ගුරුවරුන් විදුහල්පතිවරුන් , ඔවුන්ගේ පවුල්වල අය, ඔවුන්ගේ ගෙවල්වල අහලපහල අය මේ වනවිට කොවිඩ් මධ්‍යස්ථානවල මරණය හා සටන් වදිමින් සිටී.

    • මගේ පුතා රට උඹේ පුතා ප් පාරේ says:

      ස්ටාලින් කියන්නේ කොටියෙක් ………ජවිපෙ ISIS නියෝජනය ඉබ්‍රහිම් (පාස්කු ප්‍රහාරය ) ,LTTE නියෝජනය ස්ටාලින් ,සිංහල අධ්‍යාපනය ,රට වනසන නියෝජනය අනුර කුමාර දිසානායක ………..

      • ජානක says:

        උබල කියන ඒවට කොහෙන්ද බන් අපි හිනාවෙන්න ඕන.

  8. කුඹුක්කණ් says:

    මේ වැඩ බැරි, ප්‍රතිකාර නැති ටාසන් ලව ගෙදර යවලා වැඩ පුලුවන් දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් කොරෝනා මර්ධනයට යොදාගන්න කං, කියන කියවන එකම කතාව ලොක්ඩවුන් විතරයි.

    බටහිර ඇලොපති වෛද්‍යවරුන් ගේ අදෝනාව පහත දැක්වේ

    අපිට බෑ, ලොක් ඩවුන් කරපං
    අපිට දෙන්න බෙහෙත් නෑ ලොක් ඩවුන් කරපං
    අපේ නොහැකියාව නිසා මිනිස්සු මැරෙනවා ලොක් ඩවුන් කරපං
    අපේ විද්‍යාව fail ලොක් ඩවුන් කරපං
    වැක්සීන් ගහපං, ඒත් මැරෙනවා ඒක හිංදා ලොක් ඩවුන් කරපං.

    • Maha Sinhale says:

      කොවිඩ් ලෙඩ්ඩු ඉස්පිරිතාලවලට ගෙනියන්නෙ නැතුව වෙද්දුන්ට බාර දුන්නනම් අඩු ගානෙ වෙද්දු ටිකවත් මෙලහට මැරිලා.

      • Aurora says:

        බූරුවෝ අමිල සංජිව වැනි නියම හෙළ වෙදවරු මාස්ක් නොදමා කොරෝනා රෝගින්ට් ප්‍රතිකාර කරනවා. තවම එකම හෙළ වෙදවරයකුටවත් කොරෝනා වැලඳුනේ නැහැ. නමුත් ස්ථිරව දැනගන්න තියන විධියට රාගම රෝහලේ දොස්තරලා රෝගීන් ළඟටවත් යන්නේ නැහැ. ලෙඩුන්ට බේත් දෙන්නෙත් සුවවුන රෝගීන් මගින්. මේ බටහිර දොස්-තරලා බොරුකාරයෝ, තමුන්ට ප්‍රතිකාර නැතිබව දැනගෙනම පිදුරු ගොඩේ ලැගපු බල්ලා වගේ රෝගීන්ට ප්‍රතිකාර කරන්න හෙල්වෙදුන්ට ඉඩ දෙන්නේ නැහැ. මුන්ගේ කුහක කම. දැන් ආපහු හැරෙන්න බැහැ මුන්ට. හැබැයි ආණ්ඩුවේ ඉන්න පොන්නයන්ටත් බැරිද වසංගත රෝග පනත වෙනස් කරලා තමුන්ට චන්දෙ දුන්න මිනිස්සු මරණෙන් බේරගන්න.

    • Fernando says:

      If anyone wants they can get the treatment from aurveda doctors. It is not banned here.

  9. Priyantha says:

    ඉන්දියාවේ ඩෙල්ටා….ලංකාවට ගෙනාවේ කවුද…..හෙට අනිද්දා කියයි…ධීවර උද්ඝෝෂණ නිසා මාලුන්ට …කැස්බෑවන්..තල්මසුන් ට කොරෝනා හැදුනා…උන් තමා මැරිලා ගොඩ ගහන්නේ කියලා..කිසි හේතුවක් නෙවෙයි හේතුව…ආසමත්කම..

  10. Nawodhi says:

    Yes lock-down but no monthly salary for medical people. Next day they will say no lock-down only areas where C-19 has to lock-down. These people are most blessing group of free education therefore consider about others those who get thing hard working.

Main News