යලිත් සංචරණ සීමා..

October 23, 2021 at 3:20 am | lanka C news
යලිත් සංචරණ සීමා..

දැනට ක‍්‍රියාත්මක පලාත් අතර සංචරණ සීමා මෙම 31 වැනිදා අලුයම 04.00ට ඉවත් කිරීමට තීරණය කර ඇති බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පැවසීය.

මේ අතර  සංචරණ සීමා ලිහිල් කර ඇති මේ කාලය තුළ ජනතාව නොසැලකිලිමත් ලෙස හැසිරීම නිරීක්ෂණය වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

මෙම තත්ත්වය මත ඉදිරියේදී නැවතත් වෛරසය වර්ධනය වුවොත් සංචාරණ සීමා පැනවීමට සිදු ඇතැයිද ඔහු පැවසීය.

එනිසා එවන් තත්ත්වයකට නැවතත් රට ඇද නොදන්නැයි තමන් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස අනුගමනය කරන ලෙසත් ඔහු පැවසීය.

92,284 views

8 Comments to “යලිත් සංචරණ සීමා..”

  1. saman says:

    කොවිඩ් බෝවෙන්නේ ට්‍රිප් ගියොත් විතරද??? බස් වල, රෙදි කඩවල, වැඩ කරන තැන, පාරෙදි, පොලේදී, ඉස්කොලෙදි, බෝ වෙන්නේ නැතිද??????????

    • Tony says:

      So true, when I travel by bus, I try to sit near the window side, and avoid the crowded passengers in the bus. No meter separation. You need not go on a trip to contract Covid. You get in a public transport too. Those guys who warn us has never travelled in public transport.

    • S.P.Jayasinghe says:

      Modayek

  2. Anuradha says:

    අසේල මහත්මයෝ වඳුරන්ගේ බණ අසන්න බැහැ කියා ඔබ දන්නේ නැද්ද?

  3. Don sarath says:

    Kalakanni adu kule para jeppanta owa wadak ne doctor. Unta epa ne lankawa diyunu unoth. E nisa unge rassawa tamay rate duppath kama.

  4. MD says:

    විශේෂයෙන් වයසක වැඩිහිටියන් ට(පිරිමි පක්ෂය) කිසිම ගානක් නෑ.ලොකු චන්ඩි වගේ හැසිරෙන්නේ.තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් වැරැද්ද පෙන්නලා දුන්නට ගණන් ගන්නේත් නැහැ අවසානයේ ගහගන්නත් කථාකරනවා.

  5. Norata Eka says:

    එතකොට කොරෝනා හැමදාම පාලනය කරන්න හදන්නෙ සංචරණ සීමා වලින්ද??? එතකොට රටේ ඩොලර් ටික හින්දල vaccine ගැහුවෙ මොකටද??? දැන් ඉතින් ඇත්ත උහුලගන්න බැරි මන්ද මානසික set එක එයි දුවගෙන….මට බැට දෙන්න …

    • samantha says:

      thopi wage unta gahana ekath aparade. vaccine gehuwe. hedunoth amaru wen nethi wenna.marana adu wenna. eken hedena eka nawathin ne kiyla terum ganna one. hedena eka nawatinna minissu mask danna one. ath hodanna one.