යලිත් සීමා දාන්න වෙයි.. ආර්ථිකය කඩා වැටී බොහෝ දුක් විදින්න වෙයි..

November 11, 2021 at 10:40 am | lanka C news
යලිත් සීමා දාන්න වෙයි.. ආර්ථිකය කඩා වැටී බොහෝ දුක් විදින්න වෙයි..

ජනතාවගේ හැසිරීමක් අයහපත් වුවහොත් නැවතත් සංචරණ සීමා පැනවීමට තීරණය වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

ජනතාව කොරෝනා පාළනයට දක්වන දායකත්වය මත සංචාරණ සීමා පැනවීම හෝ නොපැමිණි වීම තීරණය වනු ඇතැයිද ඒ මහතා පැවසීය.

ජනතාව වසංගතය පාලනය ලබා දෙන දායකත්වය මත මෙම අවාසනාවන්ත තත්ත්වය රටින් තුරන් කළ හැකි බවත් ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වෛරස පාලනයේ යහපත් තත්වයකට පැමිණ ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

දැනට සාර්ථක එන්නත්කරණයක් සිදුව ඇති නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජීවත් වීමට ජනතාව වග බලා ගත යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.

වසංගත තත්වය ඉතා දීර්ඝ කාලයක් පැවැති ඔහු ආර්ථික ප්‍රශ්න බොහෝ මතුවිය හැකි බවත් බොහෝ පිරිසකට දුක් විඳීමට සිදුවිය හැකි බවත් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

කොළඹ දී මාධ්‍ය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පල කරන ලදී.

36,427 views

9 Comments to “යලිත් සීමා දාන්න වෙයි.. ආර්ථිකය කඩා වැටී බොහෝ දුක් විදින්න වෙයි..”

  1. කකුල කැඩූ says:

    මේ මොන ගොබ්බයෙක්ද? මේකට පුලුවන් රට වහන්න විතරයි.

  2. ගමේ මනුස්සයා says:

    ලෝකයේම කොරෝන තියෙනවා.එහෙම ආර්ථිකය මෙහෙම දුක් විඳින තරමට කඩා වැටුන වෙනත් රටවල් මොනවාද? පරිපාලන ප්‍රශ්න තියෙන වෙනත් රටවල් ගැන නෙමෙයි කියන්නෙ.

    • බන්ඩා says:

      ඉංගිරිසි තේරෙනව නම් BBC world serice අහපන්.

  3. Norata Eka says:

    එන්නත්කරනය සාර්ථක වුනාට එන්නත අති අසාර්ථකයි නේ…. ඉතින් වසංගත මර්ධනයට තාමත් පිහිටක් වෙන්නෙ සංචරණ සීමා පමනයි …

  4. 3% ට බය බයියා. says:

    වංචාව ,දුෂණය ,නාස්තිය නැති කර රට වලපල්ලට නොදා ජනතාවට සහන දීලා ලක් මාතාව නැවතත් ගොඩ දාන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

  5. SL Revolution says:

    වත්මන් රාජ්‍ය තුල ශ්‍රී ලාංකිකයන් භයානක හා අනතුරුදායක ලෙස ධ්‍රැවීකරණයකට ලක් වී ඇත.එම ධ්‍රැවීකරණයේ මූලික වශයෙන් ආකාර තුනකි.ආර්තික වශයෙන් පොහොසත් හා පීඩිත-දුප්පත්-අසරණ ධ්‍රැව.සමාජීය වශයෙන් සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්‍රැව. අවසානයේ කී සිංහල බෞද්ධ, මුස්ලිම්, දෙමළ ධ්‍රැවීකරණයේ භයානකම දෙය නම් නිජභූමි පදනම් වූ භූමි,පලාත් හා දිස්ත්‍රික්ක පදනම් කරගෙන එකිනෙක ජනකොටස් කෙරෙහි ජනිත වූ අවිස්වාසයන්,බිය,වෛරය සහිතව එම ධ්‍රැවීකරණය වීමයි.මාතෘභූමිය වෙනම රාජ්‍ය වලට කැඩී යාමට මෙම ධ්‍රැවීකරණය හේතු විය හැක. මේ අනතුරෙන් රට ගලවා ගත හැකි එකම මොඩලය සමාජවාදයේ මූලධර්ම මත පදනම් වූ රාජ්‍යයක් පමණි.මන්ද අවුරැදු 73ක් ක්‍රියාවට නැගුණු රාජ්‍ය අසමත් හෙවත් fail බැවිනි.
    සමාජවාදයේ මූලධර්ම මත පදනම් රාජ්‍යයක් තුල ඉහත කී සියලු ධ්‍රැවීකරණයන් අවමවේ,රටේ භූමිය පොදු රාජ්‍ය දේපල වීම තුල ඉඩම් පිලිබඳ පවුද්ගලික අයිතිය අහෝසිි වී නිජබිම් උන්මාදයද සුව වේ.SL Revolution යනු ලංකාවේ විද්‍යාත්මක,අධ්‍යාත්මික,සාධාරණ “අනාගත විසදුමයි”. එය පසුගිය අවුරැදු 73ක දේශපාලනයට සම්බන්ධයක් නැති හා එහී කොටස්කරුවන් නොවූ,නොවන එමෙන්ම වත්මන් දේශපාලන පක්ෂ,සංධාන හා පෙරමුණු වලට පරිබාහිර වූ නව්‍යමය උපතකි.

  6. sunimal says:

    බැල්කනියෙන් පැනලා ඔලුව හප්පිලාද ? කොහෙද සිටියේ දැන්ද දන්නේ රටේ ආර්ථිකය කඩා වැටුණු බව ? බොරුකාරයෝ

  7. Saleem says:

    කොහොමත් මුංට රටක් ආණ්ඩු කරන්න දැනුමක් නැහැ. ජාතිවාදය හා වසංගතය තමයි මුංගෙ පළිහ. මාරුවෙන් මාරුවට හැංගෙන්නෙ ඕව පිටිපස්සේ තමයි. හිජාබ් හා ගව ගාතන තහනම් කරනවා කියලා දුන්නා ටොෆි ටිකක්. බඩ ගින්න ඉවසගෙන හරි 69m බයියො බලං හිටියා ඒ සොමිය ලැබෙයි කියල. මොකුත් වුනේ නැහැ. ඊට පස්සේ බයියො නොසන්සුන් වෙන්න ගත්තම දැම්ම වල් ලෝ වල් කන්ට්‍රි ලණුව. ඒකත් බොද වුනාම දැං ගහල තියෙන්නේ කොරෝනා ලොක්ඩවුන් කොළෙ. මුලා කිරීම් මිස මුං
    ගං විසදුම් නෑ.

  8. සෙංකඩගල නිළමෙි says:

    මෙි ඇමතියගෙ කයිවාරැව විතරයි, වැඩ නෑ. මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම අචිචාරැවක්. රාජ්‍ය ඇමතියයි මූයි නයයි, මුගටියයි වගේ. ඖෂධ සංස්ථා සභාපති වියත්මගේ ප්‍රසන්න ගුණසේන කියන්නෙ ඇමතියට පිස්සු කියලා. අමාත්‍යාංශය දෙකට බෙදිලා. කිසිම සමිබන්ධීකරණයක් නෑ. පවිත්‍රා අස්කරලා කෙහෙළිය දැමිමා කියන්නෙ රත්තරං දීලා පිත්තල ගත්තාවගේ වැඩක්. තමුංගෙ ගෙදර කාල දීසිවල ඉතුරැවෙන මස්, මාළු කෑලිටික ගණන්කරල ෆ්‍රිජ් එකේ දාල, සේවකයින්ට හාල්මැස්සො හොදි එක්ක දංකුඩ කන්න දෙන මෙි ඇමතියා රටට වැඩ කරයිද? මොනව උනත් ගෑණිගෙ හැකර කටටනමි මූ පටිට බයයි.