යලිත් සුක්කානම බැසිල් අතට.. රනිල් පසුපස බැසිල්..
May 13, 2022 at 10:02 pm | lanka C news
‘බැසිල් රාජපක්ෂ කියන්නේ සාටකය දමන රනිල් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ’ යන සමපාත වීම තිබෙන නිසා තම පක්ෂ 10ක එකමුතුව නව ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට සූදානම් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.
බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ 10ක එකමුතුවෙහි විශේෂ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
මෙහිදී අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා මෙසේද සඳහන් කළේය.
“යම් අරාජිකත්වයක් උත්සන්න වීමට ඉඩහැර බලා සිටීම අපේ වගකීම නොවෙයි. ආණ්ඩුවේ වැරැද්ද පෙන්වා දීම අපේ වගකීමක්. අපි ඒ වැරැද්ද පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අපව ආණ්ඩුවෙන් එළියට දැම්මා. ඒක අපි සතුටින් භාර ගත්තා. ඒ වගේම ඉන් පසුව මතුව තිබූ දේශපාලන අස්ථාවරභාවය වර්ධනය වීමට ඉඩ නොදී ඒ අවස්ථාවේ දිය හැකි හොඳම ප්‍රතිකර්මයක් ලබා දීම තමයි අපේ අභිලාෂය වුණේ. ඒ අනුව සකස් වූ කරුණු 11කින් යුත් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩපිළිවෙළ අපි ජනාධිපතිතුමාට පිළිගැන්වූයේ එය මහා නායක ස්වාමීන්වහන්සේලාට, අන්‍යාගමික පූජකතුමන්ලාට පිළිගන්වා, ජාතික සංවිධාන, වෘත්තීය සමිති සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ද අනතුරුවයි. ජනාධිපතිතුමා අපේ ඒ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩපිළිවෙළට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවා.
‘ගෞරවාන්විතව අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවීම’
එම වැඩපිළිවෙළට තිබූ ප්‍රධානතම බාධකය වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට දැක්වූ අකමැත්ත. අඩුම තරමින් හිටපු අගමැතිවරයා මීට සති දෙකකට පමණ පෙරවත් ඉල්ලා අස්වූවා නම් අද එතුමාට හැංගිලා ඉන්න, එතුමාගේ පාක්ෂිකයින්ට දරුණු, වියරු ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, රෝහිත අබේගුණවර්ධනලා, සනත් නිශාන්තලා වැනි එතුමාගේ සෙවණේ හිඳිමින් තක්කඩිකම් කළ අය එතුමාට සාමකාමීව පුටුවෙන් බැහැලා යන්න ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන් බැසිල් රාජපක්ෂට දැඩි වුවමනාවක් තිබුණා, එතුමා තවදුරටත් ධුරයෙහි තබාගන්න. අපි ධුරයෙන් ඉල්ලා අස්වෙන්න, කියා එතුමාගෙන් ඉල්ලා සිටියේ මෙහෙම ඉරණමකට මුහුණ දීමට සිදුවන බව කල්තියා දුටු නිසයි. ඒක තේරුම් ගැනීමට ඒ අයට බුද්ධිය තිබුණේ නැහැ. අපට කිසිසේත්ම උවමනා වුණේ නැහැ ‘මහින්ද රාජපක්ෂ’ කියන නායකයාව කුණු මාළු කෑල්ලක් ඉවත දමනවා වගේ ඉවත දමන්න. දිගින්දිගටම හිටියොත් එහෙම වන බව දුටු නිසයි කිව්වේ, ‘ගෞරවාන්විතව, සාමකාමීව ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනතන්ත්‍රයකට ඉඩ සලස්වන්න’ කියා. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා, රට ස්ථාවරභාවයට පත් කොට, ආර්ථික අර්බුදයට ද විසඳුම් ලබාදී ස්ථාවර පාලනතන්ත්රයක් පිහිටුවීම සඳහා මහ මැතිවරණයකට යාම තමයි අපේ අරමුණ වූයේ. මේ වැඩපිළිවෙළ දිගින්දිගටම කල්ඇදුනේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට දැක්වූ නොකැමැත්ත නිසයි.
‘බිහිසුණු මිනීමරු ප්රචණ්ඩත්වය’
ධුරයෙන් ඉල්ලා අස්වූ දිනයේ ද මේ අය ඉතාමත් මෝඩ, තකතීරු වැඩක් කළා. අරලියගහ මැදුරට සෙනග ගෙන්නලා ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, සනත් නිශාන්තලා මේ පිරිස උසිගන්වලා සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටින අරගලකරුවන්ට පහර දීමට යැව්වා. ඒ පහර දීම තුළින් රට පුරා ඉතාමත් බිහිසුණු, මිනීමරු ප්රචණ්ඩත්වයක් ඇති වුණා. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම ජීවිතය පවා දන් දීමට සිදුවුණා. එම දරුණු, මිනීමරු ප්රචණ්ඩත්වය ඇති වූයේ මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්ව ගිය ආකාරය නිසයි.
‘සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කළා’
කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වන විට අප සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට අදාළ අපේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයාට පිළිගන්වා, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කරමිනුයි සිටියේ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒ හැම පක්ෂයකින්ම අපි ඉල්ලා සිටියේ, ‘මේ රට අස්ථාවර වෙලා, අසරණ වූ වෙලාවේ සියලු භේද පසෙකලා, ජනතාව ගැන සිතලා මේ රට ආරක්ෂා කරගමු’ කියලයි. නමුත් අවාසනාවකට ඒ හැම පක්ෂයක්ම එක්කෝ ‘ආසයි බයයි’, ‘පස්සේ බලමු’ වැනි ප්‍රතිචාර දක්වමින් මඟහැර ගියා. ඒ කිසිවකුට මේ රටේ පාලන සුක්කානම අතට අරන්, මේ රට මේ අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමේ නායකත්ව භූමිකාව ඉටු කිරීමේ වුවමනාව ඇති බවක් අපි දුටුවේ නැහැ. යම් යම් පක්ෂවල පිරිස් ඇති කරපු බාධා කිරීම් ද මේ ක්‍රියාදාමය කල්ගත වීමට බලපෑවා.
‘රට ගොඩනගන හැටි’
මෙහිදී අපි ‘සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනතන්ත්‍රය භාරගතහොත් කොහොමද රට ගොඩනඟන්නේ?’ යන්න ඇතුළත් ලේඛනයක් ද සකස්කර තිබුණා. අප ඒ වැඩපිළිවෙළ එම පාලනතන්ත්‍රය පිහිටුවීමට ආසන්නයේ රට හමුවේ තැබීමටයි බලාපොරොත්තු වූයේ. එය සකස් කරනු ලැබුවේ අප තනියම නොවෙයි. විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. එහෙම සූදානමක අප සිටියදී තමයි, අනපේක්ෂිතව ජනාධිපතිතුමන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ඇත්තේ.
‘යහපත් පියවරට සහාය දෙනවා’
කවුරුන් හෝ අග්‍රාමාත්‍ය පුටුවෙහි සිටිය යුතුයි, නමුත් ඔහු මේ රට, මේ මොහොතේ ඉල්ලා සිටින ස්ථාවරභාවය ඇති කළ හැකි පුද්ගලයකු විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට අද විරුද්ධ වී සිටින විපක්ෂයේ පක්ෂ ද මේ තත්ත්වයට වගකිව යුතුයි. රනිල් වික්‍රමසිංහට මේ ‘පිනා චාන්ස් එක’ ලබාගන්න ඉඩ දී ඔවුන් නිහඩව බලා සිටියා. ඒක වෙනම කතාවක්. රනිල් වික්‍රමසිංහ මහතා මේ ආර්ථික අර්බුදයට එක්තරා ආකාරයක වගඋත්තරකරුවෙක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙවී ගිය වසර හතරහමාරක පාලන කාලය තුළ වැඩි පොලියට, වාණිජ මුදල් වෙළඳපොලෙන් ඩොලර් බිලියන දොළහකට අධික ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඔහුගේ පාලන කාලය තුළ රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් විදේශ විනිමය පනතට සිදුකළ සංශෝධන හේතුවෙන් රටට ඩොලර් එන, යන විදිය මහ බංකුව පවා දන්නේ නැහැ. මේවා මේ ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතු. මේ තත්ත්වයට වගකිව යුතු පාර්ශ්වකරුවකු අගමැති පුටුවේ තබාගත්තාම මේ අර්බුදය විසඳේවි, කියන මෝඩ විශ්වාසය අපට නැහැ. එහෙම වුණා කියලා අපි මේ පිහිටුවා ගනුලබන පාලනතන්ත්රයට එරෙහිව කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්න, ඊට එරෙහිව වෛරී දේශපාලනයක නිරතවීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා අප සියලුදෙනා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස විපක්ෂයේ හිඳිමින් නව ආණ්ඩුවේ යහපත් පියවරවලට සහයෝගය දෙනවා. නමුත් ‘ඔයාලාට ගෑස් දෙන්නම්, තෙල් දෙන්නම්, කිරිපිටි දෙන්නම්. හැබැයි ඒකට රටින් භාගයක් විකුණන්න ඕනේ’ ආදී කතා කියමින්, මේ මොහොතේ පවතින විෂම ජන මනසින් අයුතු ප්‍රයෝජන ලබමින් රට දීර්ඝකාලීන ලෙස පාවා දීමට මේ පාලනය සූදානම් වුවහොත් ඊට අප ඉඩ තියන්නෙත් නැහැ.
බැසිල් රාජපක්ෂට ගහන්න බැරිවුණු මැච් එක
අපට සැකයක් තිබෙනවා, ‘මේ පාලන සුක්කානම අතට අරන් රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ බැසිල් රාජපක්ෂට ගහන්න බැරිවුණු මැච් එක ගහන්න ද? කියා. මගේ අදහස නම්, ‘බැසිල් රාජපක්ෂ කියන්නේ සාටකය දමන රනිල් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ. මේ සමපාත වීම නිසයි මේ පාලනතන්ත්රයේ අභ්‍යන්තර පාර්ශ්වකාරයන් හෝ කොටස්කාරයන් වීමට අපි සූදානම් නැත්තේ. නමුත් රට අරාජික කිරීමට, අස්ථාවර කිරීමට, ප්රජාතන්ත්රවාදී පද්ධතිය බිඳ දමනවාට අපි එකඟ නැහැ. ඒ සියල්ලේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම වගකිව යුතු දේශපාලන භූමිකාවක් අපි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පක්ෂ 10ක එකමුතුව ලෙස ඉටු කිරීමට සූදානම්.”
මෙම මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
Den thamange jaame beraa ganna monawa hari bylaa kiyanawa.janapathi sarwa paakshika aanduwak pihituwanna kiwwane obalaa eda eda hitiya. Obalaa ehema hitiyata janapathi waga kiyanna owne rata gena. Nikan CARDBOARD WEERAYO unata practically ehema naa
මෙන්න බෝන් එගේන් වැඩක්.ආගමේ කලුදාලා වෙසක්.ගෝල්ෆේස් කාරයන් එහි කලු වෙසක් කූඩු එල්ලන්න යෑම වහාම නතර කළයුතුයි. වෙසක් අපහායට ලක්කරමින් මේ එතැන ඉන්න ආගම්කාරයන්ගේ වැඩකි.මුන් අරලිය මංදීරයේ පිරිත් දැම්මා කියා කෑහැගැහ්ව උන් නේද?
Ane gono… minihek wadak karana kota Baya da?
කොරන වැඩේ රට විකුණන එක නම්,ඒකට බය නොවෙන්නේ තෝ වගෙ ගොන්නු තමයි
Stop speculating
Let the new guy to do his job
If you find he is not doing it in a months time then pull him up.
Don’t try to be too clever just because you can talk and say any bullshit
බැසිල් ඕකා ගහලා පන්නන්නට ඔනේ ,එහෙම කලොත් නියමෙට රනිල් ගෙදර තමා
අනේ මේ ගොන් කතා කියන්න එපා බන්. බැසිල්ට පුළුවන් කමක් නැහැ රනිල් ව පාලනය කරන්න.
බොරු භීතිකා මවන්නේ නැතිව ,දැන් රටේ තියෙන ප්‍රබලම ප්‍රශේන්ට උත්තර හොයපල්ලා
තොපි කාලකන්නි ඔක්කොම 10-15 ට බෙදිලා මේ විනාශ කරන්නේ අපේ ,අපේ දරුවන්ගේ අනාගතය.
පුළුවනි නම් තොපි ඔක්කොම එකතු කරලා දියවන්නවේම ගිල්වන්ව .මොන කරුමයක් ද යකෝ මේක
අපිට රස්සාවක් කරගන්න නෑ ,දරුවන්ට ඉගෙන ගන්න නෑ , තොපි ඒ අස්සේ ටීක් බෝල ගහනwa ,
හැ* මැනෙන්න එපා බන්
කපුටු කාක් කාක් ක කැරි
රනිල් රනිල් රනිල් රනිල්
බැසිල් වික්‍රමසිංහ . . .
අවධානයෙන් සිටින්න,.! සමස්තය දූෂණය කරමින් විණාශ කරමින් මාත්රෲහූමිය විශාළාවක් බවට පත්කරමින් සමස්ථ ජනයා කුසගින්නේ අඳුරේ තබා දූශීත රජපතසසයන් සමස්තයේ රුධිරය උරාබොමින් කළහැකි සියළු කරිරැ කම් කරමින් මාත්රෲහූමිය දෙකඩ කර හෝ බළය රැකගැනීමට කුමන්ත්‍රණ සිදුතරයි,.! මහින්ද ශීරන්ති නාමල් චමල්, ශශේනද්ර, යෝෂිත, චීචී රනී ගූටා ඇතුළු දූශීත වළල්ල සංඝ භේදය, ආගම් අතර බෙදය ජාතිබේදය අවුස්සා මිනී මරා රට ගිනිබත් කර සමස්ථ ජනතාව අදූරේ කුසගින්නේ තබා.,ඡාතික සම්පත් ,රාඡ්‍යයේ මරමස්ථාන, ඉතාමත් නින්දිත පහත්ලෙස විදේශිකයන් සමඟ කොළ්ලකනුලබයි,.! සමස්ථ ඡනයාගේ බදුමුදල් ඵකතුවන භාන්ඩාගාරය මහබැංකුව කොටස්වෙළඳපළ,පාර්ලිමෙන්තුව ද ඇතුළුව, නීතියේ ආධිපත්‍ය ව්‍යවස්ථාව ඡනමතයද ඇතුළු සමස්ථ රාඡ්‍යය යාන්ත්‍රණයේ මරමස්ථාන පහත්ලෙස අවභාවිතා කරනු ලබයි,සමස්ථ රාඡ්‍යයේ මහඡනයා ගනිකා ව්රෘතියේ යෙදවීමට කුමන්ත්‍රණය කරනුලබයි,.! සමස්ථ දූශිත 225,.!රඡපකසස පාදඩ ඡනාධිපති අගමැති ඇතුළු දූශීතයන් විසින් මහඡන පරමාධිපත්‍යට පිටුපා,. දූශිතලෙස බළය ඩැහැ ගනිමින් සමස්ථ දූශණ වංචා යටගැසිමට ඉතාමත් දරැණුළෙසත් කූඨ කුහක තුච්ඡ ළෙසත් ක්රීයාත්මකයි,.! සමස්ථ 225 නැවත මතු කිසිදිනක මාත්රෘෘභූමිය වණාශකිරීමට නොපැමිනෙන ලෙස, කරදිය වළල්ලෙන් ඵපිටට පළවාහැරීමේ හෝ දුශිත පාදඩයන්ගේ දිවිතොරකරමින් හෝ ”මාත්රෘෘභූමියේ සිව්හෙළයේ සෑබෑ නිදහසේ අරගළය ඡයග්රහණයෙන් නිමාකිරීම සඳහා, දැවැන්ත අවසන් මහා සටනට සමස්ථය සුදානම් වන්න,.!
අවධානයෙන් සිටින්න,.!
උඹගැන අවදානයෙන් ඉන්නෙ
🔼 මේ ඉහත පෝස්ට් එක පල කල එකා බුද්ධි අන්ශයේ අවධානයට!!!!!!!!!!!!!!
බලනකොට බැසිල් නේ ලන්කාවේ සුක්කනම හසුරැවන්නේ.. තව ගෙවල් 100 ක් විතර නුදුරු අනාගතයේ ගිනි ගනී එහෙනම්
ඒ කියන්නේ, හිටපු එතනෝල් ඇමතිලා, කුඩු ඇමතිලා, උන්ගේ හොර ලේකම්ලා, ආයතන ප්‍රදානීන්, පහල ඉන්න ඇම්බැට්ටයෝ, කොන්ත්‍රාත් කාරයෝ ඔක්කොම ආයේ ගොඩ?