යලිත් සුක්කානම බැසිල් අතට.. රනිල් පසුපස බැසිල්..

May 13, 2022 at 10:02 pm | lanka C news
යලිත් සුක්කානම බැසිල් අතට.. රනිල් පසුපස බැසිල්..

‘බැසිල් රාජපක්ෂ කියන්නේ සාටකය දමන රනිල් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ’ යන සමපාත වීම තිබෙන නිසා තම පක්ෂ 10ක එකමුතුව නව ආණ්ඩුවේ කොටස්කරුවන් වීමට සූදානම් නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.

බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ 10ක එකමුතුවෙහි විශේෂ මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජානිපෙ නායකවරයා මෙසේද සඳහන් කළේය.

“යම් අරාජිකත්වයක් උත්සන්න වීමට ඉඩහැර බලා සිටීම අපේ වගකීම නොවෙයි. ආණ්ඩුවේ වැරැද්ද පෙන්වා දීම අපේ වගකීමක්. අපි ඒ වැරැද්ද පෙන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අපව ආණ්ඩුවෙන් එළියට දැම්මා. ඒක අපි සතුටින් භාර ගත්තා. ඒ වගේම ඉන් පසුව මතුව තිබූ දේශපාලන අස්ථාවරභාවය වර්ධනය වීමට ඉඩ නොදී ඒ අවස්ථාවේ දිය හැකි හොඳම ප්‍රතිකර්මයක් ලබා දීම තමයි අපේ අභිලාෂය වුණේ. ඒ අනුව සකස් වූ කරුණු 11කින් යුත් සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩපිළිවෙළ අපි ජනාධිපතිතුමාට පිළිගැන්වූයේ එය මහා නායක ස්වාමීන්වහන්සේලාට, අන්‍යාගමික පූජකතුමන්ලාට පිළිගන්වා, ජාතික සංවිධාන, වෘත්තීය සමිති සමග ඒ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ද අනතුරුවයි. ජනාධිපතිතුමා අපේ ඒ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩපිළිවෙළට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූවා.

‘ගෞරවාන්විතව අගමැති ධුරයෙන් ඉල්ලා අස්නොවීම’

එම වැඩපිළිවෙළට තිබූ ප්‍රධානතම බාධකය වූයේ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට දැක්වූ අකමැත්ත. අඩුම තරමින් හිටපු අගමැතිවරයා මීට සති දෙකකට පමණ පෙරවත් ඉල්ලා අස්වූවා නම් අද එතුමාට හැංගිලා ඉන්න, එතුමාගේ පාක්ෂිකයින්ට දරුණු, වියරු ප්‍රචණ්ඩත්වයට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, රෝහිත අබේගුණවර්ධනලා, සනත් නිශාන්තලා වැනි එතුමාගේ සෙවණේ හිඳිමින් තක්කඩිකම් කළ අය එතුමාට සාමකාමීව පුටුවෙන් බැහැලා යන්න ඉඩ දුන්නේ නැහැ. විශේෂයෙන් බැසිල් රාජපක්ෂට දැඩි වුවමනාවක් තිබුණා, එතුමා තවදුරටත් ධුරයෙහි තබාගන්න. අපි ධුරයෙන් ඉල්ලා අස්වෙන්න, කියා එතුමාගෙන් ඉල්ලා සිටියේ මෙහෙම ඉරණමකට මුහුණ දීමට සිදුවන බව කල්තියා දුටු නිසයි. ඒක තේරුම් ගැනීමට ඒ අයට බුද්ධිය තිබුණේ නැහැ. අපට කිසිසේත්ම උවමනා වුණේ නැහැ ‘මහින්ද රාජපක්ෂ’ කියන නායකයාව කුණු මාළු කෑල්ලක් ඉවත දමනවා වගේ ඉවත දමන්න. දිගින්දිගටම හිටියොත් එහෙම වන බව දුටු නිසයි කිව්වේ, ‘ගෞරවාන්විතව, සාමකාමීව ධුරයෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනතන්ත්‍රයකට ඉඩ සලස්වන්න’ කියා. සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවා, රට ස්ථාවරභාවයට පත් කොට, ආර්ථික අර්බුදයට ද විසඳුම් ලබාදී ස්ථාවර පාලනතන්ත්‍රයක් පිහිටුවීම සඳහා මහ මැතිවරණයකට යාම තමයි අපේ අරමුණ වූයේ. මේ වැඩපිළිවෙළ දිගින්දිගටම කල්ඇදුනේ මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට දැක්වූ නොකැමැත්ත නිසයි.

‘බිහිසුණු මිනීමරු ප්‍රචණ්ඩත්වය’

ධුරයෙන් ඉල්ලා අස්වූ දිනයේ ද මේ අය ඉතාමත් මෝඩ, තකතීරු වැඩක් කළා. අරලියගහ මැදුරට සෙනග ගෙන්නලා ජොන්ස්ටන් ප්‍රනාන්දුලා, සනත් නිශාන්තලා මේ පිරිස උසිගන්වලා සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටින අරගලකරුවන්ට පහර දීමට යැව්වා. ඒ පහර දීම තුළින් රට පුරා ඉතාමත් බිහිසුණු, මිනීමරු ප්‍රචණ්ඩත්වයක් ඇති වුණා. එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තම ජීවිතය පවා දන් දීමට සිදුවුණා. එම දරුණු, මිනීමරු ප්‍රචණ්ඩත්වය ඇති වූයේ මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත්ව ගිය ආකාරය නිසයි.

‘සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කළා’

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වන විට අප සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීමට අදාළ අපේ වැඩපිළිවෙළ ජනාධිපතිවරයාට පිළිගන්වා, ඒ පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කරමිනුයි සිටියේ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඒ හැම පක්ෂයකින්ම අපි ඉල්ලා සිටියේ, ‘මේ රට අස්ථාවර වෙලා, අසරණ වූ වෙලාවේ සියලු භේද පසෙකලා, ජනතාව ගැන සිතලා මේ රට ආරක්ෂා කරගමු’ කියලයි. නමුත් අවාසනාවකට ඒ හැම පක්ෂයක්ම එක්කෝ ‘ආසයි බයයි’, ‘පස්සේ බලමු’ වැනි ප්‍රතිචාර දක්වමින් මඟහැර ගියා. ඒ කිසිවකුට මේ රටේ පාලන සුක්කානම අතට අරන්, මේ රට මේ අවදානම් තත්ත්වයෙන් මුදවා ගැනීමේ නායකත්ව භූමිකාව ඉටු කිරීමේ වුවමනාව ඇති බවක් අපි දුටුවේ නැහැ. යම් යම් පක්ෂවල පිරිස් ඇති කරපු බාධා කිරීම් ද මේ ක්‍රියාදාමය කල්ගත වීමට බලපෑවා.
‘රට ගොඩනගන හැටි’

මෙහිදී අපි ‘සර්වපාක්ෂික අන්තර්කාලීන පාලනතන්ත්‍රය භාරගතහොත් කොහොමද රට ගොඩනඟන්නේ?’ යන්න ඇතුළත් ලේඛනයක් ද සකස්කර තිබුණා. අප ඒ වැඩපිළිවෙළ එම පාලනතන්ත්‍රය පිහිටුවීමට ආසන්නයේ රට හමුවේ තැබීමටයි බලාපොරොත්තු වූයේ. එය සකස් කරනු ලැබුවේ අප තනියම නොවෙයි. විද්වතුන්, වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිස් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. එහෙම සූදානමක අප සිටියදී තමයි, අනපේක්ෂිතව ජනාධිපතිතුමන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කර ඇත්තේ.

‘යහපත් පියවරට සහාය දෙනවා’

කවුරුන් හෝ අග්‍රාමාත්‍ය පුටුවෙහි සිටිය යුතුයි, නමුත් ඔහු මේ රට, මේ මොහොතේ ඉල්ලා සිටින ස්ථාවරභාවය ඇති කළ හැකි පුද්ගලයකු විය යුතුයි. රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමට අද විරුද්ධ වී සිටින විපක්ෂයේ පක්ෂ ද මේ තත්ත්වයට වගකිව යුතුයි. රනිල් වික්‍රමසිංහට මේ ‘පිනා චාන්ස් එක’ ලබාගන්න ඉඩ දී ඔවුන් නිහඩව බලා සිටියා. ඒක වෙනම කතාවක්. රනිල් වික්‍රමසිංහ මහතා මේ ආර්ථික අර්බුදයට එක්තරා ආකාරයක වගඋත්තරකරුවෙක්. රනිල් වික්‍රමසිංහ මහතාගේ ගෙවී ගිය වසර හතරහමාරක පාලන කාලය තුළ වැඩි පොලියට, වාණිජ මුදල් වෙළඳපොලෙන් ඩොලර් බිලියන දොළහකට අධික ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඔහුගේ පාලන කාලය තුළ රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් විදේශ විනිමය පනතට සිදුකළ සංශෝධන හේතුවෙන් රටට ඩොලර් එන, යන විදිය මහ බංකුව පවා දන්නේ නැහැ. මේවා මේ ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතු. මේ තත්ත්වයට වගකිව යුතු පාර්ශ්වකරුවකු අගමැති පුටුවේ තබාගත්තාම මේ අර්බුදය විසඳේවි, කියන මෝඩ විශ්වාසය අපට නැහැ. එහෙම වුණා කියලා අපි මේ පිහිටුවා ගනුලබන පාලනතන්ත්‍රයට එරෙහිව කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්න, ඊට එරෙහිව වෛරී දේශපාලනයක නිරතවීමට බලාපොරොත්තු වන්නේ නැහැ. ඒ නිසා අප සියලුදෙනා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස විපක්ෂයේ හිඳිමින් නව ආණ්ඩුවේ යහපත් පියවරවලට සහයෝගය දෙනවා. නමුත් ‘ඔයාලාට ගෑස් දෙන්නම්, තෙල් දෙන්නම්, කිරිපිටි දෙන්නම්. හැබැයි ඒකට රටින් භාගයක් විකුණන්න ඕනේ’ ආදී කතා කියමින්, මේ මොහොතේ පවතින විෂම ජන මනසින් අයුතු ප්‍රයෝජන ලබමින් රට දීර්ඝකාලීන ලෙස පාවා දීමට මේ පාලනය සූදානම් වුවහොත් ඊට අප ඉඩ තියන්නෙත් නැහැ.
බැසිල් රාජපක්ෂට ගහන්න බැරිවුණු මැච් එක

අපට සැකයක් තිබෙනවා, ‘මේ පාලන සුක්කානම අතට අරන් රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ බැසිල් රාජපක්ෂට ගහන්න බැරිවුණු මැච් එක ගහන්න ද? කියා. මගේ අදහස නම්, ‘බැසිල් රාජපක්ෂ කියන්නේ සාටකය දමන රනිල් වික්‍රමසිංහ, රනිල් වික්‍රමසිංහ කියන්නේ ටයිකෝට් අඳින බැසිල් රාජපක්ෂ. මේ සමපාත වීම නිසයි මේ පාලනතන්ත්‍රයේ අභ්‍යන්තර පාර්ශ්වකාරයන් හෝ කොටස්කාරයන් වීමට අපි සූදානම් නැත්තේ. නමුත් රට අරාජික කිරීමට, අස්ථාවර කිරීමට, ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය බිඳ දමනවාට අපි එකඟ නැහැ. ඒ සියල්ලේ ආරක්ෂාව වෙනුවෙන් ඉතාම වගකිව යුතු දේශපාලන භූමිකාවක් අපි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පක්ෂ 10ක එකමුතුව ලෙස ඉටු කිරීමට සූදානම්.”

මෙම මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

105,814 views

24 Comments to “යලිත් සුක්කානම බැසිල් අතට.. රනිල් පසුපස බැසිල්..”

  1. ජෙප්පන්ට පිස්සු says:

    ඉස්සර ජේවීපී කාරයෝ ජේ ආර් මරමු කියලා පෝස්ටර් ගැහුවා. මෙදාපාර බැසිල් මරමු කියලා මුන් පෝස්ටර් ගහවි. ඒතරමට ජෙප්පන්ට බැසිල් පෙන්නනට බැහැ.

  2. sira says:

    danwath kata wahagena hitu nariya.karanna apu ekata wade karanna dila.thopi karala giyade nisa thama ada me mohothe minissu mehema duk vidinne

  3. අනන්ද says:

    මේ රටේ තියෙන්නෙ බැසිල් කුනාටුව විතරයි. එහෙමනම් හෙට අනාගතයේ රනිල් ඇතුලු නඩේට ඩෙවි පිහිටයි. ගෝටා පසු පස මෝඩ අයියා මල්ලි හිටිය නිසා දැන් ගෝටාට කට පුක ඩෙකම අකුලගෙන ඉන්න වෙලා

  4. ඇල්වතූර says:

    විමල් පිටුපස ආප්පයා.

  5. Anju says:

    All these people – saji, wimal, sira, udaya , jvp anura, are NOT INTERESTED IN THE WELFARE OF THE MASSES. They just want power & glory. Same with cardinal & sobitha priest. Lost respect for all of them.

    I dont like Ranil- but at this moment he is trying to SAVE US ALL, FROM ECONOMUC COLLAPSE AT A TIME THAT EVEN CB GOVERNER WANTS TO LEAVE. Therefore I am THANKFUL THAT RANIL CAME to be PM. All right minded people should suport him.

  6. දැන් ඉතින් කොච්චර බෙරේ ගැහුවත් වැඩක් නෑ ඔබගේ දේශපාලනයට සදහටම තිත තියලයි තියෙන්නේ විමලේ. ඔයා පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ සැරේ විතරයි.

  7. සහන් says:

    බල්ල මැරුන මැක්කෙක් උඩුබුරනව..

  8. Mohan says:

    Ranil has a better brain than Basil. He doesn’t need Basil’s advice.
    Wimal is trying give the credit to Basil for Ranil’s work and try to lift the image of Rajapakses. Because, there is no political future for Wimal without the Rajapakses.

  9. Shyamika says:

    මේගොල්ලන්ගේ දේශපාලන ඩිල් වලින් පිඩාවට පත්වන්නේ මේ රටේ කිසිම පක්ෂයකට සම්බන්ද නැති සාමාන්‍ය මිනිස්සු. මේකේ කමෙන්ට් කියෙවුවම පේනවා එක එක පක්ෂවලට කඩේ යන අය ඒ ඒ පක්ෂ වෙනුවෙන් අදහස් ඉදිරිපත්කරනවා මිසක් මේ රටේ මිනිස්සුන්ගේ අනාගතය වෙනුවෙන් පිරිසිදු රටක් වෙනුවෙන් කතා නොකරන බව. තක්කඩි දේශපාලකයන් මොන ගේම් ගැහුවත් මිනිස්සු හරියට නිවැරදිව ඉන්නවා නම් ඊලග චන්දයෙන් රට ගොඩ දා ගන්ඩ පුළුවන් ඒත් මේ රටේ බහුතරයක් හොරු හින්දා උන්ට ඕන හොර පාලකයන්ව

  10. JR says:

    විමල්ගෙ හිත හොඳයි ගරක්කෝලත් හැදුවා

Leave a Comment