යලි ඇදිරි නීතිය ගැන අනිල් ජාසිංහ පහදයි..

July 15, 2020 at 9:10 am | lanka C news
යලි ඇදිරි නීතිය ගැන අනිල් ජාසිංහ පහදයි..

පවතින තත්ත්වය මත රට තුළ මේ මොහොතේ ඇඳිරි නීතිය පැනවිමේ කිසිදු උවමනාවක් නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

කොරෝනා සංගතය රට තුළ ව්‍යාප්තියක් මේ වනතෙක් වාර්තා වී නැති බවද ඔහු පෙන්වා දෙයි.

ආසාදිතයන් හමුවන ඇතැම් ප්‍රදේශ සඳහා මේ වනවිටත් සංචරන සීමා පනවා ඇති බව ද ඔහු කියා සිටියේය.

ඉදිරි දින කිහිපයේදී ද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා විය හැකි බවත් තවදුරටත් ඉතා දැඩිව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද භාවිතා කරන ලෙසත් ඔහු දැඩිව ඉල්ලයි.

0 views

17 Comments to “යලි ඇදිරි නීතිය ගැන අනිල් ජාසිංහ පහදයි..”

  1. 77 UNP says:

    ජාසිංහ මහත්තයෝ කන්ද කාඩු රෝගීන් උනත් මම හිතන්නේ ඉන්දියාවෙන් ආපු අය කියලා. නැත්නම් අපේ ලොකු ස ට වරදින්න බැහැ.
    අනිත් එක රෝගීන් පාලනය කිරීමට යුධ හමුදාපති ආරක්ෂක ලේකම් තුමා ගත් වැඩපිළිවෙළ අගය කරන්න ඕන. අපි තමා මේ නිරෝධායන කෑම්ප් ලෝකෙටම හදුන්වා දුන්නේ. එකේ ක්‍රෙඩිට් එක මේ කුහක විපක්ෂය ගන්න හදනවා. ඒ වගේම තමා සැමන් පරිප්පු දිනපතා ආහාරයට ගැනීමෙන් වගේම ගෝෂකාරි බෑන්ඩ් සංගීතය මගින් කොරෝනා පාලනය කරන්න පුළුවන් කියලත් රූ 5000න් මාසයක් තුන්වේල කාලා පවුලක් ජීවත් වෙන්න පුළුවන් කියලත් අපේ ස හොයා ගත්ත. මේ හැම දෙකටම අපි මේ රජයට ණය ගැතියි. තාමත් අපේ රටේ ඩෙංගු මරණ කොරෝනා මරණ වලට වඩා කිහිප ගුණයක්. අවුරුද්දකට 300 විතර මැරෙනවා. ඒක නිසා කලබල නොවී හැමෝම මේ වෙලාවේ කොරෝනා බය අයින් කරලා ඉලෙක්ෂන් එක ගැන ෆෝකස් කරන්න ඕන. කොරෝනා ඔය දොස්තර ල කියන තරම් කළු නැහැ. ඉවසමු තව සති 3 යි නේ. අපිට කන්න බොන්න නැතත් අතේ සතේ නැතත් ඉන්න හිටින්න රටක් නැතත් කොහොම හරි කතිරෙ ගහන්න ඕන 5 වෙනිදාට යාළුවෝ ඔක්කොම.