යලි කිසිදා නොවන දේශපාලන පෙරළි එයි.. ආණ්ඩුවේ අකල් මරණය ළගමයි..

October 22, 2018 at 3:24 am | lanka C news
යලි කිසිදා නොවන දේශපාලන පෙරළි එයි.. ආණ්ඩුවේ අකල් මරණය ළගමයි..

කිසිදාක සිදු නොවන ආකාරයේ පෙරළිකාර සිදුවීම් සිදුවන කාල පරිඡ්චේදයක් බවට මේ වකවානුව පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

පසුගිය වකවානුව තුල ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි දිගින් දිගටම ප්‍රකාශ කලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හැටියට අපි ප්‍රකාශ කලා රනිල් මෛත්‍රී ආණ්ඩුවට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් මේ කරගෙන යන ක්‍රමවේදය තුල ආණ්ඩුවේ නියම කාලය ඉන්න වෙන්නේ නැහැ කියන එක අපි ප්‍රකාශ කලා.

අපි ප්‍රාර්ථනා කලා මේ යන ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වෙනවා ඒ නිසා ඉක්මනින්ම මේ ආණ්ඩුව අවසානයක් විය යුතුයි කියන මතය අපි දැරුවා.මේ ආණ්ඩුව අනුගමනය කරපු ආර්ථික ක්‍රමවේදය දේශපාලන උපාය උපක්‍රමත් සමග ආණ්ඩුවට ඉදිරි ගමනක් නැති බව ඉතා සත්සුදත්සේ පැහැදිලිවම අපිට පෙනී ගියා.

අපි මේක කියනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙනුත් එක්සත් ජාතික පක්ෂයේ පාර්ශවයෙනුත් දිගින් දිගට දිගින් දිගටම ප්‍රකාශ කෙරුනේ අපි අතර ඉතාමත් ස්ථිරසාර ශක්තිමත් බැදීමක් තියනවා මේ ආණ්ඩුව හෙල්ලෙන්නේ නැහැ මේක පෙල්ලෙන්නේ නැහැ.මේක පෙල්ලන්න බැහැ නියම කාලයේම මේ ආණ්ඩුව යනව කියල ඒ අය ප්‍රකාශ කලා.

මේ ආණ්ඩුව යන ගමන අනුව ස්භාවික මරණයක් නොවෙයි අකල් මරණයක් වීමේ ඉඩකඩ වැඩියි කියන එක අපි කියා සිටියා.ඒ තත්වය අද රට හමුවේ දක්නට ලැබෙනවා.ගරු ජනාධිපතිතුමා විසින් පසුගිය සතියේ මහජන බැංකුව ලංකා බැංකුව සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය මේ තුනේ තියන සභාපතිවරු අධ්‍යක්ෂක මණ්ඩලය විසිරුවා හරින්න කියල වහාම ඉල්ලා අස්වෙන්න කියල වහාම නියෝගයක් කලා.මේක ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කලා.ඊට පසුදින වන විට විෂයභාර ඇමතිවරයා හැටියට කිරිඇල්ල අමාත්‍යවරයා කියනවා ලංකා බැංකුව හා මහජන බැංකුව මගේ විෂය පථයට අයත් දෙකක්.මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හරින්නට ජනාධිපතිවරයාට බැහැ.ඒක කල හැක්කේ මට පමණයි කියල කියන ප්‍රකාශය තුල මේ රටේ විධායක ජනාධිපතිවරයා නැවත වතාවත් අමු අමුවේම හෑල්ලුවට ලක්කරල දැම්මා අමාත්‍ය කිරිඇල්ලේ විසින්.

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අයිතිවෙන්නේ මලික් සමරවික්‍රම අමාත්‍ය වරයාගේ අමාත්‍යාංශයට.මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වහාම ප්‍රකාශයක් කරනවා. ආයෝජන මණ්ඩලය ඔවුන්ගේ සේවය ගෞරවණීයයි ප්‍රසංසනීයයි කියල ප්‍රකාශයක් නිකුත් කරල ජනාධිපති මෛක්‍රීපාල සිරිසේන මහතාට අතුල් පහරක් එල්ල කරනවා.මේ වන විටත් අධ්‍යක්ෂක මණ්ඩල ඉවත්වෙලා නැහැ.

– ඇඹිලිපිටිය ප්‍රගීත් ජනක

49 views

12 Comments to “යලි කිසිදා නොවන දේශපාලන පෙරළි එයි.. ආණ්ඩුවේ අකල් මරණය ළගමයි..”

  1. seewaka says:

    AHALAMA EPA WELA MONA POYATADA..?

  2. මෙයාලගෙ ප්‍රකාශත් ගෝඨාගෙ ද්විත්ව පුරවැසිකම වගේ. ආණ්ඩුව අද වැටෙනවා හෙට වැටෙනවා කියනවා පහුගිය අවුරුදු 4ටම උනේ නෑ. ගෝඨාගෙ ද්විත්ව පුරවැසිකමත් අද අතාරිනවා හෙට අතාරිනවා කියනවා හැබැයි වෙන්නෙ නෑ.

  3. බන්ඩා says:

    රනිල්ග‌ෙ බල තන්හාව සඳහාම රනිල් සහ ගජ මිතුරැ කල්ලිය විසින් හිතා මතාම බ‌ෙදුම්වාදී ක‌ොටි ප්‍ර‌ොක්සි TNA සතුටු ක‌ොරන්න නිර්මානය කල 19 ට සරත් වීරස‌ේකර හැර මහින්ද ග‌ෙ මංත්‍රිලත් රැවටුනා.

    • චන්දිමානි says:

      එපමණක් නොවෙයි. පලාත් සභා ඡන්දය කල්දාන පනත් සංශෝධනය කරන සංශෝධන පනතට, 16 දෙනාත් ඡන්දය දුන්නා. නැත්නම් 2/3 නැතිකරන්න තිබුණා. එහෙම වුනානම් අද අපිට පලාත් සභා ඡන්දය ලැබෙනවා. ඒකට මේ 16 දෙනාත් වගකියන්න ඕනැ.
      ඒ විතරක් නොවෙයි. අද විනිමය අනුපාතය කඩාගෙන ඉහල යන්න ප්‍රධාන හේතුව වන පැවති විනිමය පාලන පනත අහෝසි කරන්නත් මේ 16 දෙනා ඇතුළු මුළු ශ්‍රීලනිපයම ඡන්දය දුන්නා. එනිසා මේ විනාශයේ වගකීමෙන් බැහැර වීමට ඔවුන්ට කිසි සේත්ම නොහැකියි.

  4. parakum says:

    Keep on dreaming man.

  5. මාල රෝහිත says:

    මේ ආණ්ඩුව තව ටික දවසක් තිබුනොත් රටක් කියල දෙයක් ඉතුරු වෙන්නෙම නෑ.

    • Janathawa says:

      HOLD the due provincial council elections immediately,without depriving the peoples’democratic rights of electing their own representatives.Why the Foreign embassies ,.NGOs,civil organisations are dumb and silent about it. The people in this Country can imagine how Male Nurse’s organisation (which seem to wash the Siri Kotha’s toilets) would have behaved , if such postponement was done during the previous regime.

    • Wijebahu says:

      Oka umba dan awurudu hatharak thisse mathurunawa, nawatthapan umbe kan karatchhale.

    • ගිගිරි says:

      ආ..ආ..උඹට දැන් ඇත්ත තේරිලා නේද ? අද මිනිස්සු ළඟ රත්තරන් තියා ඉමිටේෂන් මාලවත් නෑ කරේ බඳින්න.

    • එහෙනම් ඉතින් කට්ටියම එකතුවෙලා මෙතන කමෙන්ට් කොටන වහල්ලු සෙට් එකත් අරගෙන අර ජඩබලයෙන් ආණ්ඩුව පෙරලුවා වගේ ආණ්ඩුව පෙරලන්නයි තියෙන්නෙ.

  6. ratawesiya says:

    janapathi thumani
    MUNTA PENSION EKATATH KELAWENNA WAHAMA PARLIMENT WISURUWANNA OBATA AATHMA GAURAWAK NETHNAM OHE INNA

  7. Hari says:

    Anea ayea JANBALA KOLABATA GENNADA HADANE NAMAL WATH EKTHU KARAGANA Ha ……Ha …Lol

Main News