යලි පදිංචි වූ ගම්මානයකට වල් අලින්ගෙන් දැඩි හානි…
December 4, 2017 at 2:06 am | lanka C news
මන්නාරමේ මාන්තෙයි බටහිර වෙල්ලාන්කුලම් ගම්මානයට මේ දිනවල වන අලි රංචු පිටින් පැමිණ ගොවීන්ගේ වගාවන්ට දැඩි ලෙස හානි සිදුකොට ඇති බවට එම වැසියන් කියා සිටිති.
වෙල්ලාන්කුලම් ගම්මානයට වන අලින්ගෙන් වැඩිපුරම හානි සිදුව ඇත්තේ කෙසෙල් පැපොල් හා එළවළු වගාවන් වලටය.
මෙම ගම්මානයේ පවුල් 53 ක් ජීවත් වන අතර ඔවුන් සියලු දෙනාම යුද සමයේදී පදිංචිය අතහැර ගොස් යළි පැමිණ යළි පදිංචි වූ වැසියෝය.
මීට සතියකට පෙර මෙම වන අලි උවදුර සම්බන්ධයෙන් පළාතේ වනජීවී කාර්යාලයට ඉදිරිපත් කළත් ඔවුන් කිසිවෙකුත් පැමිණ වන අලින් පලවා හැරීමට පියවර නොගැනීම නිසා දිනෙන් දින වන අලින්ගේන් සිදු වන හානි වැඩි වන බවටත් වල් අලින් පලවා හැරීමට බලධාරීන් ඉක්මන් විසඳුමක් ගත යතු බවට මන්නාරමේ වෙල්ලාන්කුලම ගම්මානයේ වැසියෝ වැඩි දුරටත් කියා සිටිති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
අලින්ගේ ජිවත් වෙන වනරක්ෂිත විනාශ කරමින් මුස්ලිම් කොළණි හදන විට ඒ අහිංසක සතුන්ට ආහාර කෝ ? ගම්වලට කඩාවැදීම හැර මේ සතුන් වෙන මොනවා කරන්නද ? අලින්ගේ ජිවත්වන පරිසරයට කරන විනාශය වහාම නතර කල යුතුයි ..වත්මන් රෙජීමය මේ අලින්ගේ ප්රශ්නයට වග කිව යුතුයි