මුදල් ඇමතිකම ගන්න සබ්රි බෑ කියයි.. අලුත් මුදල් ඇමති මෙන්න…

May 15, 2022 at 9:20 am | lanka C news
මුදල් ඇමතිකම ගන්න සබ්රි බෑ කියයි.. අලුත් මුදල් ඇමති මෙන්න…

හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතාට නැවතත් මුදල් අමාත්‍ය ධූරය බාරගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබේ.

නමුත් සබ්රි මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සඳහන් කර ඇති තමන්ගේ පවුලේ අයගෙන් එල්ලවන දැඩි විරෝධය මධ්‍යයේ තමන්ට නැවතත් මුදල් අමාත්‍ය ධුරයේ කටයුතු කළ නොහැකි බවයි.

නමුත් තමන් ඉදිරියටත් ආණ්ඩුවට සහාය දෙන බවද හෙතෙම සදහන් කර තිබේ.

ජනාධීපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවති ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ඔහු මේ බව පවසා ඇත.

මේ අතර වාර්තා වන්නේ මුදල් අමාත්‍ය ධූරය ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත්කරනු ඇති බවයි.

ඉදිරියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරන මෙරට නියෝජිත පිරිසේ ප්‍රධානිත්වය අග‍්‍රාමාත්‍යවරයා විසින් දරනු ඇත.

181,588 views

34 Comments to “මුදල් ඇමතිකම ගන්න සබ්රි බෑ කියයි.. අලුත් මුදල් ඇමති මෙන්න…”

  1. Kasun says:

    රනිල් ගේ දුර්වලකම් ඇත. නමුත් මේ අවස්ථාවේ කල් මරන්නේ නැතුව අභියෝගය බාරගත්තේ ඔහු විතරය. මේ අවස්ථාවට මුහුණ දීමට ඔහුට සුදුසුකම් ද ඇත. කෙසේ හෝ මේ අවස්ථාවේ ජනතාව මරුකටින් බේරාගැනීමට ඉදිරිපත් නොවී කට පමණක් කියවමින් සිටින පුද්ල්ගලයන්ට මගේ Vote එක නන් ඉදිරියේ නොලැබෙ. ජනතාව ඉතා අසීරු basic needs වත් නැටි තැනකට වැටි සිටින විට contribute කරන්නේ නැති උන්, පසුවටත් මොකටද. (When the going gets tough, the tough get going)

  2. Felix says:

    Sabri Gen Eya Asuwe Netha… Ohuta Kiyala Dunna Andamata Ohu Prakasaya Kala, Aaanduwe Inna One Nisa
    Deal Eke Kekak Thama Ranil PM Wagem Finance Minister….. (Eya Den Rajapaksha Family Eke Wagai) Namuth Eya Ada Pawathina Thathwaya Yatathe Awashya deyak

  3. නියම වැඩකාරය. ෂූවර් එකටම ලෝක බැංකූව මහ දවල් දියවන්නාවට බාවනවාමයි. ජයවේවා. says:

    නියම වැඩකාරයා. ෂූවර් එකටම ලෝක බැංකූව මහ දවල් දියවන්නාවට බාවනවාමයි. ජයවේවා.

  4. නියම වැඩකාරය. ෂූවර් එකටම ලෝක බැංකූව මහ දවල් දියවන්නාවට බාවනවාමයි. ජයවේවා. says:

    නියම වැඩකාරයා. ෂූවර් එකටම ලෝක බැංකූව මහ දවල් දියවන්නාවට බාවනවාමයි. ජයවේවා.225ටම එක චන්ඩීයා බටලන්දෙන්.

  5. රටේ එකා says:

    All going forward according to the western script. Everyone start planning how to flee the country.

  6. රටේ එකා says:

    2015 මහින්ද එලවන්න වැඩි පුරම මැදිහත් උනේ කවුද? ඉන්දියාව. අරමුණ උනේ රනිල් බලතල සහිත අගමැතිකමට පත් කරගැනීම.

    වර්ථමාන ණය අර්බුදයට වැඩි පුරම වග කියන්න ඕනෙ කවුද? යහපාලන ආණ්ඩුව. ඔවුන් ඩොලර් බිලියන 12ක් ඩොලර් බැදුම්කර විකුනලා ඒ සල්ලි වලින් රජයේ සේවකයොන්ගේ පඩි වැඩි කරා. ගම්පෙරලිය කරා. ඒ බැදුම්කර තියෙන්නේ කාගේ අතේද? බටහිර රටවල ව්යාපාරිකයොන්ගේ අතේ.

    ඊට පස්සේ බලයට ආපු ගෝටාභය හිතාමතා ගෝ ගොන් කමට චීනය සම්පූර්නයෙන් තරහා කරගෙන ඉන්දියාවට ලන් වෙනවා. මග පෙන්වීම මිලින්ද මොරගොඩගෙන්. අපේ ආර්ථික ප්‍රශ්නය අපි කලින් විසදගන්නවා වෙනුවට අන්තිම මොහොත වෙනකන් ඉදලා ඉන්දියාවෙන් කීයක් හරි ඉල්ලගෙන ජීවත් වෙන තත්වෙට රට පත්කරගන්නවා. දැන් ඉන්දියාව කියන ඕනෙ දේකට එකග වෙන්න වෙනවා හැර වෙන කරන්න දෙයක් නෑ.

    ඊට පස්සේ එනවා අරගලය. අරගලයට අවශ්ය සමාජ මාද්ය මෙහෙයවීම කරන්නේ කවුද? පැතුම් කර්නර් කියන ඒ වෙනකොට එන්ගලන්තෙට වෙලා හිටපු තරුණ දේශපාලන ක්‍රියාකරුවා. තමන්ට අවශ්ය මිනිස්සු ගෙන්නගෙන අරගල වලට අවශ්ය පුහුණුව දෙන්න බටහිර රටවල් හරි දක්ශයි. ඔවුන් ඊට පස්සේ අටවගන්නවා මයිනා ගෝ ගම. අරමුණ පොහොට්ටුවෙන් කවුරු අගමැතිකමට දැම්මත් මිනිස්සු බාරට බස්සලා එලවා ගැනීම. ඔය දේශපාලන ව්යාකූලත්වය අස්සේ තනාපති කාර්යාල දෙක තුනක් අගමැතිකමට රනිල්ව යෝජනා කරනවා. සුපුරුදු පරිදි අනිත් පක්ශ වලවත් එකගතාවක් නැතුව පවුල ඇතුලේ කතා කරලා ඊට කැමති වෙනවා.

    දැන් මයිනා ගෝ ගම වෙනුවට රනිල් ගෝ ගමක් අරගලකරුවන් හදාගන්නවද? නැත. ඔවුන් කියන්නේ ගෝටාභය ඉවත් වෙන්න ඕනෙ කියලා. ගෝටාභය ඉවත් වෙනවා කියන්නේ මොකක්ද? රනිල් ජනාධිපති වෙනවා.

    ඒ පාර අලි සබ්‍රි මුදල් ඇමතිකම ගන්නම බෑ කියනවා. ඒකෙ ප්‍රතිපලයක් විදියට රනිල් මුදල් ඇමතිත් වෙයි.

    ඔය තියෙන්නේ 2015 ඉදන් 2022 වෙනකන් අපේ රටේ ඉතිහාසය. අනාගතයේ වෙන දේවල් ඔය ඉතිහාසය එක්ක සම්බන්ධ කරගන්න.

  7. Boo says:

    පොඩි උන්ට උන්ට ගෑස් නැතුවනේ අමාරැ වුනේ. දැන් හෙට අනිද්දා ගෝටා ගියාම රනිල් ජනාධිපති. එතකොට ඉල්ලගෙන කාපියවු ගොං හැත්ත. ගෑස් ලැබෙයි බඩ කට පුරා. හොඳම වැඩේ තොපිට.

  8. කුකුලා says:

    අනුර කුමාර පාපතරයා බොරු කතා හදමින් ලන්කාවෙ අයවැය වගේ සියගුනයක් රාජපක්ෂලා හොරකම් කරගත් බව කිව්වා. අනුර කුමාරට බැරිද ඔය මුදල් ඇමති කම අරගෙන රට හදන්න. මීට පස්සේ ලපයා පාර්ලිමේන්තුවෙන් එලවා දමන්න ඕනෑ. ඕකා රටට ආදරේ නම් මේ වෙලාවේ මුදල් ඇමති කම අරගෙන රට හදන්න ඕනෑ.

  9. අසන්ක says:

    ලක්ශ 10ක් හොයාගෙන මාසෙකට 15% පොලියට දීපල්ල. උද්ධමනය අවුලක්ම නෑ. ගොඩම තමා. අත්දැකීමෙන් කියන්නේ

  10. gamaya says:

    මුලදී මහින්ද මුදල් ඇමති රනිල දැන් මුදල් ඇමති කෙලවලා තියැයි.

Main News