යලි රාජපක්ෂ අණ්ඩුවක් ආවොත් මගේ ජීවිතය අනතුරේ.. තුන් මාසයක් තුල රාජපක්ෂලාට දඬුවම් කරන්න මං සූදානම්..- ජනපති
July 4, 2017 at 10:54 pm | lanka C news
පොලීසිය, FCID හා නීතිපති දෙපාර්තමේන්තුව තමනට තුන් මසක කාලයට ලබා දෙන්නේ නම් රාජපක්ෂ යුගයේ දුෂිතයිනට දඬුවම් කර පෙන්වන බව ජනාධිපති මෛත්රීපාල සරිසේන මහතා කැබිනට් මණ්ඩලය හමුවේ පවසා ඇත.
අලුත් ආණ්ඩව යටතේ ගත වූ කාලය මුළුල්ලේම රාජපක්ෂ යුගයේ සුපිරි හොරුන් අල්ලා නැතැයිද පවසා ඇති ජනාධිපතිවරයා පොලීසියට, FCID නීතිපති දෙපාර්තමේන්තුවට ඉහල බලපෑම් එල්ල වන බවද සදහන් කර තිබේ.
දුෂිතයන්ට දඬුවම් නොදීම නිසා තම ජීවිතයට තර්ජනයක් ඇති බවත් තමන් ජනාදිපතිවරණයට ඉදිරිපත් වූයේ ජීවිතයම පරදුවට තබමින් බවත් යලිත් රාජපක්ෂ ආණ්ඩුවක් පැමිණියහොත් අගමැති රනිල්ට හෝ එජාපයට ප්රශ්නයක් නොවනු ඇති බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.
මේ ආකාරයෙන් අද පැවති කැබිනට් හමුව දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ කතාවෙන් පසු ඇමතිවරුන් අදහස් පල කිරීම නිසා මහත් ගාලගෝටියක් වී ඇත.