යලි ලබාගත නොහැකි අයුරින් බලය ඕනෑ..- උතුරු මහඇමති

September 6, 2017 at 11:20 am | lanka C news
යලි ලබාගත නොහැකි අයුරින් බලය  ඕනෑ..- උතුරු මහඇමති

කිසිවෙකුට යලි බලය ලබා ගත නොහැකි අයුරින් නීත්‍යානුකූල බලයක් ලැබෙන්නේනම් දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හැකි බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශවරන් මහත කියා සිටියේය.

ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ප්‍රධාන අමාත්‍යවරයා සභාපතීත්වය දරන දෙමළ ජනතා සංසදයේ විද්වත් හමුවක් යාපනය වීරසිංහම් ශාලාවේදී රැස්වූ අවස්ථාවේදී මාධ්‍යට අදහස් දක්වමිනි.

එහිදී ප්‍රධාන අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ,

‘අපිට ඕන බලය බෙදීමක් ඒක ඒකීය පාලනයක් තුල ආවත් කමක් නැහැ ෆෙඩරල් පාලනය තුල ආවත් කමක් නැහැ කියලා ඇත්ම් පිරිස් කියනවා ඒ වගේම අපි මෙතනින් වෙන්වෙලා යන්න යනවා කියලා ඇතමුන් අතර බියක් ඇති වෙලා ඒ ගැන කව්රුත් බියක් ඇති කරගත යුතු නැහැ ඕන නම් අපිට ඉන්දියාව , බ්‍රිතාන්‍ය හෝ වෙන ඕන රටක් හරහා හරි එහෙම වෙන් නොවන බවට සහතික වෙන සම්මුතියකට එලඹෙන්න පුලුවන් මෙතනදී අපි කියන්න ඕන එකීය පාලනයක් තුල කොතරම් බලය බෙදීමක් සිදු වුනත් ඒක ස්ථීර නැහැ නීත්‍යානුකූල නැහැ ඒ දුන්නු බලය දීපු අයම නැවත ලබාගනීවි කියන තත්වයකට කවදහරි පත්වෙයි කියල අපි අමතක කරන්න හොඳනැහැ බහුතර අය අපිව පාලනය කරන විදිහට බලයක් සහිතව නිර්මාණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නෙ නැහැ ඒ නිසා අපිට කිසිවෙකුට යලි ලබාගන්න බැරි වෙන අයුරින් බලය නීත්‍යානුකූලව ලැබිය යුතුයි එහෙම වුනොත් විතරයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳා නිදහසේ මේ රට තුල ජීවත් වීමට අවස්ථාව උදා වෙන්නේ යනුවෙනි.

මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් , පලාත් සභා කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිධරන් , ඇතුලු විදවත් පිරිසක් සහභාගී වී සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

62 views
Main News