යලි හමුදාපතිකම ෆොන්සේකාට.. ජනපති කැබිනෙට්ටුවේදී දන්වයි..බාරගන්න ෆොන්සේකා සූදානම්.. විරොධතා මර්ධනය අරමුණයි..

April 26, 2017 at 10:03 pm | lanka C news
යලි හමුදාපතිකම ෆොන්සේකාට.. ජනපති කැබිනෙට්ටුවේදී දන්වයි..බාරගන්න ෆොන්සේකා සූදානම්.. විරොධතා මර්ධනය අරමුණයි..

ප‍්‍රාදේශීය සංවර්ධන ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී යුද හමුදාපතිකම හෝ සියලු ආරක්ෂක අංශවල නායකත්වය බාර ගන්නැයි ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා විසින් සරත් ෆොන්සේකා මහතාගෙන් ඉල්ලා සිටි බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

අද වන විට රටේ ඇතිවී තිබෙන උද්ඝෝෂණ රැල්ල පාලනය කිරීම සදහා මෙම යෝජනාව කල බවත් ප‍්‍රමාණවත් බලයක් සහිතව දෙන්නේ නම් තමන් ඊට සූදානම් බව ඇමති ෆොන්සේකා ප‍්‍රකාශ කල බවද කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත වැඩි දුරටත් පැවසීය.

කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙක කරන ඇමති සරත් ෆොන්සේකා පවසන්නේ ජනාධිපතිවරයා තමනට එවන් යෝජනාවක් කැබිනට් මණ්ඩලයේදී නොකල බවයි.

නමුත් අත්‍යවශ්‍ය සේවාවන් හදිසි අවස්ථාවකදී පවත්වා ගෙනයාම හා කළමනාකරණය කිරීම සංවිධානයක් පිහිටුවා එය තමන් යටතට පත් කිරීමට යෝජනා කල බවද කී ඔහු එය බාර ගැනීමට තමන් සූදානම් බවද කීය.

51 views

49 Comments to “යලි හමුදාපතිකම ෆොන්සේකාට.. ජනපති කැබිනෙට්ටුවේදී දන්වයි..බාරගන්න ෆොන්සේකා සූදානම්.. විරොධතා මර්ධනය අරමුණයි..”

  1. බයියා says:

    ඇයි බ0 SF ට මෙච්චර බය ,
    මුන් ඔක්කොම එකයි අවු 5 න් 5 හට ජනතාව රවට්ටලා උන් මාරුවෙන් මාරුවට සැප ගන්නවා අපි මරා ගන්නවා