යල අස්වැන්න නෙලන්න ඩීසල් ලීටර දෙකෝටියක් ඉල්ලයි…

June 28, 2022 at 5:30 pm | lanka C news
යල අස්වැන්න නෙලන්න ඩීසල් ලීටර දෙකෝටියක් ඉල්ලයි…

2022 යල කන්නයේ මේ වනවිට දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 4,77,000ක පමණ වී වගාකර ඇත. 2022 ජුනි මාසයේ තුන්වන සතියේ සිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක අස්වනු නෙලීම ආරම්භ වන අතර, අස්වනු නෙලීම ඔක්තෝබර් මස දෙවන සතිය දක්වා සිදු කෙරේ.

අස්වනු නෙලීම 95%ක්ම සිදු කරනු ලබන්නේ යන්ත්‍ර භාවිතයෙනි. වී අස්වනු නෙලීම නියමිත අවස්ථාවේ සිදු නොකළහොත් හෝ යම් ප්‍රමාදයක් වුවහොත් විශාල වශයෙන් අස්වනු හානි සිදුවිය හැකිය. මේ නිසා නිසි කලට අස්වනු නෙලාගැනීම සිදු කළ යුතුව ඇත.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2022 යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් ලබාගත යුතු බව අනාවරණය කරමින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීමට නියමිතය.

එමෙන්ම ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කරනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි පලවල්වල අස්වනු නෙලීම සහ එම බීජ ගොවීන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බීජ ගොවිපලවල් හා බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇතුළුව ආයතන 44ක් වෙත ඉන්දන සැපයිය යුතුව ඇත.

එමෙන්ම ඉන්දියානු රජය මඟින් ලබාදෙන යූරියා මෙ.ටො. 65,000ක් බෙදා හැරීමට ද නියමිතව ඇති බැවින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් යූරියා පොහොර බෙදා හැරීමට සැලසුම් කර ඇත.

එම නිසා අප රටේ වී වගාවට අදාළව සිදු කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදී ඒ සඳහා ඉන්ධන ලබාදීම සිදු කළ යුතු බවට රජයේ අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත සටහනක් (Note to the Cabinet ) ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

– මාධ්‍ය ඒකකය

14,634 views

11 Comments to “යල අස්වැන්න නෙලන්න ඩීසල් ලීටර දෙකෝටියක් ඉල්ලයි…”

  1. මෝඩ බයියා says:

    ලන්කාවෙ දේසපාලුවො රාජ්‍ය නිලධාරී සහ චීවරධාරීන් ටික එක්කහු වෙලා බයියොන්ටත් එහා අන්දපු පිරිසක් වෙත්ද උන් තමා ගොයියො ඒකෙනුත් වී ගොයියො.ලන්කාවෙ තරම් වියදම් කාරී අකාර්‍යක්ෂම වී ගොවිතැනක් ලෝකෙ කොහෙවත් නෑ.අපේ රටේ වැඩිම ජල පරිභෝජනයක් යන්නෙ වී ගොවිතැනට.මේ වී ගොවිතැනට යොදවන සම්පත් සහ ශ්‍රමය ලාබදායී අපනයන බෝග වලට යොදෝල විදේශ විනිමය උපයල රටට ඕනි සහල් මීට වඩා ඉතා ලාබෙට ගෙන්වන්නත් පුලුවන්.කොහෙද මේ හොර රැල එක්කහු වෙලා ගොවිරජා කියල මෝඩ ගොවියව අන්දල උගෙ චන්දෙ මන්කොල්ල කාල ඌ බන්කොලොත් කරල වහ බොන තැනට පත් කරනව.

  2. Boo says:

    ප්‍රශ්නයක් තියෙන වෙලාවටත් ප්‍රශ්නයක් නැති කාලෙ විදිහටම වැඩ කරන්න ඕනෙ කියලා හිතෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට විතරමද හැබෑට? මේ අධ්‍යාපනයේ ප්‍රශ්නයක්ද ? නිර්මානශිලිත්වය බින්දුවටත් පහලින්. ඔය ඩීසල් කෝටි දෙකේ සල්ලි දීලා මිනිස් ශ්‍රමය දාලා ගොපම් කපාපල්ලා.

    • සවාධීන says:

      අඩෝ Boo , උබත් වරෙන් ගොයම් කවි කියල ගොයම් කපන්න සුනඛ ධාථුවා.

      • Boo says:

        මොකෝ බං හදිසියෙ රෙන්න බර වෙලා. උඹේ සිස්ටම් එක හදිසියෙම චේන්ජ් වෙලා වගේ. බලු දොස්තර කෙනෙක් වත් හම්බ වෙයන් පයින් ගිහිං

    • සයිමන් says:

      හන්දි ගානෙ ත්‍රී වීල් තියාගෙන අත පය හොල්ලන්නෙ නැතුව සල්ලි හම්බ කරන්න හදන රස්තියාදුකාර සෙට් එක දාල ගොයම් කපමු. ඩීසල් ඕනත් නෑ පෙට්රල් ටිකත් ඉතුරුයි.

  3. Dengu Nona says:

    Paraakramabaahu Rajjuruwage kaale Indhana Gennuwe “Anda Manda” doopathen !

  4. Appuhamy says:

    Use trains to transport fertiliser to the closest railway station. Get the Army to distribute as much as possible directly from the stations.

  5. හරමානිස් says:

    ,නොදකින් කාලකණ්ණි .. යකෝ ඉස්සර වාගෙ කපහල්ලකො දෑකැත්තෙන්.

  6. Kandy Whip says:

    Only land and water is ours. All other things are coming from abroad for paddy cultivation. This is not right. Like in the past we need to get people involved in preparing land, planting and harvesting so that money is circulating among people in the area. So all will be winners and country also winning as we don’t have to send money abroad when doing paddy cultivation

  7. saman says:

    calculation is wrong. For Hqr 42.5 ltr ??????

Main News