යල කන්නයට පොහොර ගේන්නත් ඩොලර් නෑ.. ශ්‍රේණිගත කිරීම්වලින් පහල දැමීම නිසා බරපතලයි..
January 22, 2022 at 3:00 pm | lanka C news
යල කන්නය සඳහා පොහොර ආනයනය කිරීමේදී ජාත්‍යන්තර පොහොර සැපයුම්කරුවන් මෙරට බැංකුවල ණයවර ලිපි සම්බන්ධව විශ්වාසය අඩුවීම නිසා ජාත්‍යන්තර බැංකුවක අනුකූලතා සහතිකයක්ද ඉල්ලා සිටින බව පොහොර ආනයන සමාගම්වල නියෝජිතයෝ පවසති.
මෙම තත්ත්වය නිසා යල කන්නය සඳහාද පොහොර ආනයනය කිරීමේ බරපතළ අර්බුදයක් මතුවී ඇතැයි ඔවුහු පවසති.
පොහොර ආනයනය සඳහා සමාගම්වලට මහ බැංකුවෙන් මෙතෙක් ඩොලර් නොලැබුණු බවත්, දේශීය බැංකුව ගෙවීම් පැහැර හැරියහොත් විදේශ බැංකුවෙන් මුදල් ගෙවිය හැකි පරිදි ඇපකරයක් පොහොර සැපයුම්කරුවන් ඉල්ලා සිටින බවත්, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් පහත වැටීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයිද ඔවුන් කියයි.
දේශීය බැංකුවලින් ලබාදෙන ඇපකර පිළිනොගන්නා තත්ත්වයක් උද්ගතවීම නිසා ඉදිරි යල කන්නයේදී පොහොර සැපයීම අවිනිශ්චිත බවද සමාගම් නියෝජිතයන් සඳහන් කරයි.
ඉදිරි යල කන්නය සඳහා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයත් ලක්ෂ එකහමාරත් අතර ප්‍රමාණයක් පැවතිය යුතු වූවත්, සමාගම්වල ඇත්තේ දළ වශයෙන් මෙට්‍රික් ටොන් දස දහසක පමණ ඉතා සුළු පොහොර ප්‍රමාණයක් බවත්, සමාගම් සතුව යූරියා පොහොර නොමැති බවද ඔවුන් කියයි.
– aruna
From one crisis to another…. with no end in sight.
අපේ රටේ පරක්රමබාහු රජ දවස රට ස්වයන්පෝෂිත වී විදේශ වලට පවා ආහාර අපනයනය කල පෙරදිග ධාන්‍යාගාරය බවට පත් වූයේ රසායනික පොහොර, කෘමිනාශක භාවිතයෙන් නෙමෙයි.ඒ නිසා එක්වරම නොහැකි නම් පියවරෙන් පියවර හෝ මේ රසායනික වලින් ඉවත් වීම හොඳ දෙයක්.
බූරුවෝ එදා දවස ජනගහනය කීයද, කන්න උවමනා සහල් ප්‍රමාණය කොපමණ ද, අපේ රටේ ගොවි භූමි ප්‍රමාණය කොපමණ ද, ඒ අනුව අක්කරයට බුසල් 30ක අස්වැන්නත් ප්‍රමාණවත් බව දැන ගනු. අද ජනගහනය 100 ගුණයකින් වැඩියි.
පොහොර නැතත් කන්න නැතත් ඉන්න රට ඉතුරු උනේ කවුරු නිසාද කියන එක අමතක කරන්න එපා.
Kalakanni gotata hena 7 ma gahapan!
දැන් ජනතාවගේ එකම ඉල්ලීම රජය ඉල්ලා අස්වීමයි.