යල කන්නයේ වී වගාවටත් කාබනික පොහොර දෙනවා..- කෘෂිකර්ම ඇමති
May 7, 2022 at 8:02 am | lanka C news
වී වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර කඩිනමින් ලබා දෙන බවත් වගා හානි සඳහා වන්දි ලබා දීම එළඹෙන සඳුදා සිට සිදු කරන බවත් කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය වන ඝන හා දියර කාබනික පොහොර ලබා දීමට මේ වන විටත් කටයුතු කර ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, යූරියා පොහොර කඩිනමින් ආනයනය කිරීමට කටයුතු සලසා ඇති බව ද සඳහන් කරන ලදී.
සමස්ත ලෝකයේම යූරියා පොහොර නිෂ්පාදනය අඩු මට්ටමක පවතින බව සඳහන් කළ අමාත්‍යවරයා මෙරට ගොවීන් සඳහා අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක්, රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමෙන් ඉන්දියාවෙන් ආනයනය කිරීමට මේ වන විටත් රජයට අයත් පොහොර සමාගම් විසින් කටයුතු සූදානම් කර ඇති බව ද සඳහන් කළේය.
වගා හානි සඳහා වන්දි ගෙවීම එළඹෙන සඳුදා සිට සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
පොහොර මිල සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පොහොර අලෙවිකරුවන් විසින් අධික මිලගණන් වලට පොහොර අලෙවි කිරීම තුළ ගොවියා අපහසුතාවට පත් වන බැවින් පොහොර අලෙවිය සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ගොවීන් සඳහා පොහොර සහනාධාරයක් ලබා දීමට ද කටයුතු සලසා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.
මාධ්‍ය ඒකකය,
කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශය
රටට වින කරන තවත් පිස්සෙක් මූ.තෝම compoas දා ගනින්
ඊට වඩා හොඳයි ලඟ තියෙන ඉස්කෝලෙට කියල කොල්ලො කෙල්ලො ටික එවල කුඹුරට චූ කරන්න කිව්වනම්. යූරියා සැපයුම. මේ දෙන කාබනික පොහොර ප්‍රතිඵලයක් නෑ.කොමිස් කුට්ටි.
කාබනික පොහොරටික තෝයි අළුත්ගමයයි කාපිය
ගොනෝ, මේ කාබනික පොහොර උඹලාගේ අත යට ගැහිල්ලට උඩ ගෙඩි දෙන්නක්. යුරියා කියන්නෙ නරක දෙයක් නෙමේ කියලා වැසිකිලියට ගියාම තේරෙයි. මේ හේතුව හින්ද මෙයාලා දාලා යන්නා නෑ. තාමත් ගැහිලි නැවතිලා නෑ. ගෙවීම් වලට ඉන්වොයිස් නැතුව ලග යන නැව්වලට මුදල් ගෙවන්නෙ ප්‍රමාද ගාස්තුවෙනුත් හොරා කාලාලු. මාධ්‍යය එය හෙලි කලා.
දැන් ප්‍රමාද වැඩියි. රතනයා පාදෙනිය මීහරකා සමග නොදන්නා කෘෂිකර්මය ගැන විශේෂඥ දැනුම ගැන ජනාධිපතිට දීපු ගිනිගෙඩිය තමා රසායනික පොහොර තහනම. මුන් දෙන්නා ගෝල්ෆේස් ගෙනැවිත් කසපහර දෙන්න ඕනෑ මේ කරපු විනාශයට. ඩොලර් නැතිව පොහොර තහනම් කරා උනත් මේ කාලකන්නි නොසිටින්නට ආන්ඩුවට පොහොර ගෙන්වීම නවතාලන්නට නොලැබෙනු ඇති
උබ කේරළ ගංජා ගහලද ඉන්නෙ, උබලට මිනිස්සු කියන්නෙ අය්යලා මල්ලිලා එක්ක රාජපක්ෂලා පවුලම චුත වෙන්න .