‘යහපාලනයට හවුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..

September 29, 2019 at 11:20 am | lanka C news
‘යහපාලනයට හවුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..

යහපාලන රජයක් බිහි කිරීම සදහා එක්ව අමාත්‍ය ධූර හා නියෝජ්‍ය අමාත්‍ය ධූර ගණනාවක් දරා සිටි රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්ති මනත්‍රී හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සදහා එක් විය.

මෙම අවස්ථාවේදී තවත් එක්සත් ජාතික පක්ෂයට සහය පල කරන හිටපු ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන් මෙන්ම විවිධ වෘර්තිකයන්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්විය.

මෙහිදී ශ්‍රී ලංකා කොමිනිස් පක්ෂයේ ඇඹිලිපිටිය නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී නීතීඥ විජිත ජී පුංචිහේවා මහතාද මෙම අවස්ථාවට එක්වී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පල කරන බව ප්‍රකාශ කරන ලදී.

ස්වාධීන කණ්ඩායම් වලින් තරග කල අපේක්ෂකයන් මෙන්ම එම සාමාජිකයින්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මෙහිදී එක්විය.නීතීඥ වරුන් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාව හිටපු අමාත්‍ය ජයතිස්ස රණවීර මහතාගේ නිවසේ සංවිධානය කර තිබිණි.මේ සදහා කලාකරුවන් නියෝජනය කරමින් චිත්‍රපට නලු සංජය ලීලාරත්ත මහතා සහභාගී විය.මෙම අවස්ථාවට විහාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට හැකි විය.

මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ජයතිස්ස රණවීර මහතා කියා සිටියේ,මම යහපාලනයට සහයෝගය දක්වපු එක ගැන මම කණගාටු වෙනවා කණගාටුවෙනවා විතරක් නොවෙයි පුලුවන්නම් බෙල්ලත් කපා ගන්නවා බැරිකමට ඉන්නේ.බොරු කරන රට විනාස කරපු පාලකයන් දෙදෙනෙක් ගැන මම දුක් වෙනවා.

නරක කාලය ආවම ඔහොම තමයි මේ ලබල තියෙන්නේ හොද කාලය නරක කාලය ආවම විශ්ණු දෙයියොත් බට කොල කෑව කියන්නේ.යහපාලන රජය මතක් කරන්න එපා එහෙම රජයක් මේ රටේ කවදාවත් බිහිවෙන්න එපා කියල අපි ප්‍රාර්තනා කරමු.මේ රටේ බිහිවුන නරකම පාලනය තමයි යහපාලනය.

සජිත්ට අද රට ගොඩනගන්න ප්‍රතිපත්තියක් නැහැ.එයා කියනවා මේක හදවතේ තියනව කියල.අපි දන්නවනේ ඒ අයගේ හදවතේ තියෙන ඒව.එයාම කියනවා එයා පේමදාසගේ පුතා කියල.ඇත්තටම අපි දන්නවනේ පේමදාසලා කල ඒවා.ඉතින් එයාගැන අපි බයවෙන්න ඕන පිට සොත්ති උපාලි මතක්වෙනවා වෙන වෙන ඒව මතක් වෙනවා.සජිත් පේමදාස ආර්.පේමදාසගේ පුතා කියන එකම අපිට බය හිතෙනව මේ රට විනාශ කරනව කියල.මෙයා ආවොත් ටයර් යුගයක්,නිදන් කඩන යුගයක්.මංකොල්ලකන යුගයක් ඇතිවෙයි කියල අපි හිතනව.

– ප්‍රගීත් ජනක

140 views

11 Comments to “‘යහපාලනයට හවුල් වීම ගැන බෙල්ල කපා ගන්න හිතෙනවා.. මට සමාවෙන්න..’ යහපාලන ලොක්කෙක් එජාප පිරිසක් රැගෙන ගෝටාට එක්වේ..”

  1. ක්‍රිමිනල් says:

    😂😂😂😂😂😂

  2. සිරා says:

    ඉදිරි මාස කිහිපයේ මෙරට ආර්ථිකය තවත් කඩා වැටෙනවා.. ජනාධිපතිවරණයෙන් පසු බාර ගන්නේ එහෙම රටක්.. නමුත් ඒ වගකීම මා බාරගන්නවා..
    මේක තමයි අද ආර්ථිකයේ යථාර්ථය,ඉදිරි මාස කිහිපය තුල මේ ආර්ථිකය තවදුරටත් කඩා වැටෙනා බවට සැකයක් නැහැ. ජනාධිපතිවරණයෙන් පසු නව රජයකට වගකීම් බාරගන්නට සිදුවෙන්නේ මෙවැනි වාතාවරණයක් තුලයි – ගෝටාබය
    දිනකීපයකට කලින් ගෝටා කල මේ ප්‍රකාශයේ අරමුණ ඩොලර් මිලියන 480ක් ලබාගැනීමට මිලේනියම් චැලෙන්ජ් අත්සන් කීරීමට පසුබිම සැකසීමයි.

    • CIA කපුටා says:

      දී කිරට බළල්ලුත් සාක්කි ලු !!!!
      රඹුක්වැල්ල මහතා මෑතකදී මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඇමරිකාව විසින් යෝජනා කර ඇති ඇක්සා සහ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් සම්බන්ධයෙන් සලකා බැලීමට සූදානම් බවයි.

      • john the baptice says:

        ගෝටා දිනන්න ඕන ඒ නිසයි විමල්ලගෙන් ගම්මන්පිලලගෙන් කිසි කරදරයක් නැතුව ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නපුළුවන්

  3. CPS says:

    මේ මොන ලොක්කෙක්ද ? 😂 මනාප ටික වත් දිනාගන්න බැරි සිප්පි කෑල්ලක් විතරයි , එස් බී නාව්න්න හොඳයි තව 😂

  4. p.d goonawardena says:

    මේ ලොක්කා…පැත්තකට වෙලා ඉන්නවකෝ ඉස්සෙල්ල හිටිය වගේ …ගෝටාභය වැඩේ කරනවා….තමුසෙලා වගේ ගෙම්බෝ සම්බන්ධ උනහම යන ගැම්ම නැති වෙනවා…..තමුසේ ආවත් එකයි නැතත් එකයි ගෝටා යන ගමන යනවා…..ගිහින් ජයග්‍රහණය කරලා තමා පස්ස බලන්නේ…..පව් දෙන්නේ නැතිව වෙන දේ බලාගෙන ඉන්නවා….

  5. ඕෂධ says:

    මෙයාව කොලොන්න ආසන සංවිධායක තනතුරෙන් ඉවත් කෙරුවා පහුගිය කාලේ..ඒකට ඔරොප්පු වෙලා හිටියේ..ඒකයි පැන්නේ.

  6. Karu says:

    මහ චංදෙන් පැරදුණා.පළාත් සභාවට ඉල්ලුවා.යාන්තම් දෙවෙනි ගණන් කිරීමෙන් ගොඩ ගියා. මහ ඇමති කම නොදුන් නිසා මහින්දත් එක්කා තරහ වුණා. රස්සා ඉල්ලල ගිය ඇඹිලිපිටියෙ තරුණයන්ට සරම්පොට ගසල දාල පෙන්නුවා ‘මේ රස්සා නෑ කියල.’ තිස්ස මහත්තයා පස්සෙ ඇඹිලිපිටියටම එපා වුණා. මේ වගෙ අය එන කොට පොහොට්ටුකාරයින් බෙල්ල කපා ගන්න ඕනෑ.

  7. අඤ්ඤකොරස්රොස් says:

    කවුද බං මේ ලොක්කා අදමයි නම ඇහැවුවෙත්

  8. Sun says:

    Dear friends, Think twice before you are making decisions in the political world today as we can see all the professionals in the politics are moving towards the target at the moment. So think of the mistakes we made sometimes without understanding the principle of democracy. At this point someone is ready to lead the country to the direction we all wanted.

  9. Trumpets says:

    කොරන්න ඕන මගුල් ඔක්කොම කොරල අන්තිමට මං සුදන…..
    සංජය ලීලාරත්න නලුව පල්ම හොරෙක්. පොදු පෙරමුන ආන්ඩුවෙදි මිල්කෝ එකේ ඉදල උපරිමටම කෑව…

Main News