යහපාලනයට දැන් අවුරුදු දෙකයි.. මිනිස්සු හොද කියන්නේ තුන්වෙනි අවුරුද්දේ පටන්..
January 3, 2017 at 3:50 pm | lanka C news
2017 වසර නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් වල දූවිලි පිසදමා හොරුන්ට, දූෂිකයන්ට නිසැකවම නඩු පැවරිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ 2017 නව වසරේදී ගොතටුව පාරමිතා බෞද්ධ විහාරයට රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා ශබ්ද විකාශන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවයකදීය.
2017 නව වසර මේ රටේ ජනතාවට විශාල බලාපොරොත්තු තියාගන්න පුළුවන් වන වසරක් කියලා විශ්වාස කරන්න පුළුවන්. යහපාලනය ගෙනල්ල අවුරුදු දෙකක් තව සතියකින් සම්පූර්ණ වෙනවා. සාමාන්‍යයෙන් වෙනසක් අපේක්ෂා කරන ආණ්ඩුවකින් බලාපොරොත්තු ඉතා විශාලයි.වෙනසක් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ විශාල පීඩනයකින් ලක්වෙලා හිටපු නිසයි. ජනතාව අපේක්ෂා කරන දේ ඉටු නොවුනාම ඔවුන් දැඩිලෙස රජයට චෝදනා කරන්න පටන් ගන්නවා. නමුත් ආණ්ඩුවක 3 වන වසර ගෙවෙන විට තමයි වැඩ ප්‍රතිඵල පේන්න ගන්නේ. එතකොට තමයි ජනතාව හොද කියන්න පටන් ගන්නේ.
ප්‍රජාත්‍රන්ත්‍රවාදය, නිදහස, මානව අයිතිවාසිකම් ලබා දීම පසුගිය අවුරුදු දෙකේදී සිදු වුනා. ඒකාධිපතිකමට ගිය රට ආපස්සට හැරවීම සිදු කෙරුනා නමුත් රැකියා දශලක්ෂයේ ව්‍යාපෘතිය, වේගවත් සංවර්ධනය කිරීම කියන එකේ ජනතාවටගේ පැත්තේන් විශාල චෝදනාවන් එල්ල වෙනවා. එමෙන්ම දූෂිතයන්ට දඩුවම් ලබා දීමේ සම්බන්ධවද විශාල චෝදනාවන් එල්ල වෙනවා. නමුත් ඒ දූෂිතයන් සම්බන්ධව යට ගහලා තියෙන පරීක්ෂණ ටික අඛණ්ඩවම පසුගිය වසර දෙක තුළ සිදු කලා. ඒ නිසා මේ අවුරුද්දේ අපිට ප්‍රාර්ථනා තියාගන්න පුළුවන් හොරුන්ට, මිනීමරුවන්ට, දූෂිකයින්ට නිසැකවම දඩුවම් ලැබෙන වසරක් කියලා. හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිල් වල දූවිලි ටික පිහදාලා එලියට අරගෙන ඒකට අවශ්‍ය නිසි නීති ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම තමයි මේ රටේ ජනතාවට සුභ අළුත් අවුරුද්දක් වේවායි කියනකොට දේශපාලනඥයෝත් රජයත් හිතේ තියා ගන්න ඕන දේ. මොකද හේතුව අපි ලබන අවුරුද්දෙත් දූෂිතයන්ට දඩුවම් දෙන්න කියනකොට ජනතාවට රජය කෙරෙහි විශ්වාසය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යාවී.
– මිනුර රෂාන්ත
මං අහන්නෙ මේකයි…පහුගිය කාලෙ තියනව කියන ඒව.පැත්තකින් තියමු නොදැකපුව නේ සුරංගනා ලෝක නේ…දැන් එලිපිටම සිදුවෙන බැදුම්කර හොර කම්,හැරිසන්ගේ වී කොල්ල කෑම්..ජනතෙව බොරැ කියල රැවටීම,නාවික හමුදා පතිගෙ අහිංසකයන්ට තඩි බෑම්…බදු ගහල ජනතාව හූරන් කෑම….වැඩ කරපු මිනිස්සුන්ට බාෙරැ චෝදනා කරල අපහස කරපුවට…. මහින්ද අරන් ගෙවල තිබුනු ගෙවමින් පැවතුන නය ගෙවනවයි කියල බොරැ කියල ඒවගේ කිහිප ගුනයක නය අරන් විනාශ කරල දාල ජනතාව නය බරින් පීඩිත කරන මේ රට පාවල දෙන්නන්ගෙ වැරදි වලට දඩුවම් දෙන්නෙ කවද්ද….?
කවදාවත් නැහැ,මුන්ට මොකුත් බැහැ…
මීලඟ රජයක් පත්වූ දිනයකදී
තුන වෙන කොට ආණ්ඩුවේ හොඳ නෙවි ඇදුම් බෑග් ටික ලැහැස්ති කර ගත්තා නම් හොදයි මරික්කාර් මහත්තයෝ අර සිරසේ පරන රක්ෂාවට යන්න.
nodakin muge kate renna one kare tambia
හරියටම හරි එක තමයි මුගේ කටට කරන්න ඕනේ.මු සිංහල පොඩ්ඩක් කටේ ගාගත් පළියට එනවා අපිව තම්බන්න පලයන් හදයෝ යන්න
සරුප පැටියා උපන් ගමන් කාපු බැඳුම් කරේ කාපු හැටියෙන් . අපට තේරුනා මේ අලි බබා ට දත් එන්න කලින් විස දල උපතින්ම තිබිල කියල. . මේ කියන ගොන් කතා අහන්න කියවන්න හරක් ලෝකේ නැහැ. එකේදී දෙකේදී උන දේම තමා තුනේදී වෙන්නෙත්.. මිනිස්සු හොද කියන්නේ තුන්වෙනි අවුරුද්දේ අපේ තුනටම කෙලව ගන්න එක නේද ලොකු තැන..”
මේ ජාති වාදී හම්බය පන්සලටත් ගිහින් සිංහලය රවට්ටන්න බොරැ කියන්නෙ ‘ටකිය කිට්මන්’ ක්රමයටය්.
තෝ තුන්වෙනි අවුරුද්දෙ කියන්න බලාගෙන ඉන්නෙ හතරවෙනි අවුරුද්දෙ හොඳවෙයි කියලද?
අනාගතය ගෑන කිසිම දෑක්මක් නෑතිව නිකං කටමෑත දොඩවන, අද නැත්නම් හෙට හරියයි කිය කියා මිනිස්සුන්ගෙ ඉහට ඉහළින් කැරට් අලයක් පෙන්නන මේ වගේ අපතයන්ට චන්දෙ දුන්නු අවලමුන්ට දැන් හරි සනීප ඇති.. තව අවුරුදු ගණනක් ඉන්නයි බලාපොරොත්තුව.. කට ඇරියොත් කිව්වෙ බොරුවක්මයි.