යහපාලනයට රට ගෙනියන්න හරිම අමාරුයි.. මහින්ද හිටියා නම් කොහොම හරි කරනවා..- ඇමති අර්ජුන

November 29, 2017 at 3:50 pm | lanka C news
යහපාලනයට රට ගෙනියන්න හරිම අමාරුයි.. මහින්ද හිටියා නම් කොහොම හරි කරනවා..- ඇමති අර්ජුන

“අපි මොන සේවය කළත් අපේ අතින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදට දඬුවමක් හම්බ වෙන්න ඕන…” යැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ බව පැවසුවේ අද (29) සිය අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමිනි.

“රටේ නීතියට කාටවත් අතට ගහන්න බැහැ. රටේ නීතියක් තියෙනවා, රටේ නීතිය හරි විදියට ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක ජනාධිපතිතුමාටත් එකයි. අගමැතිතුමාටත් එකයි. රාජපක්ෂ මහත්තයටත් එකයි. කාටහරි ඕනෙනම්, වරදක් කළ අයකුට දඬුවම දුන්නට පස්සේ ඒකෙන් නිදහස් කරන්න, ඒක පුළුවන් රටේ නායකයා විදියට ජනාධිපතිතුමාට. මම ලෝක කුසලානය දින්නා කියලා මම වරදක් කළාම කාටහරි ඒක වහලා තියන්න පුළුවන්ද ? අපිට දඬුවම දෙන්න ඕන.

අපි මොන සේවය කළත් අපේ අතින් වරදක් වෙලා තියෙනවා නම් ඒ වරදට දඬුවමක් හම්බ වෙන්න ඕන, ඒ දඬුවම කොයි විදියකටද ක්‍රියාත්මක කරන්න ඕන කියන එක ගැන රටේ නායකයා ලෙස ජනාධිපතිතුමාට ඕන වෙලාවක තීරණයක් ගන්න පුළුවන්. ඒක මම දකින දෙයක්. මම කියන්නේ නැහැ රාජපක්ෂවරුන්ව ඇතුළට දාන්න ඕන කියලා. මම කියන්නේ නැහැ, වෙන කෙනෙක්ව ඇතුළට දාන්න ඕන කියලා. හැබැයි වැරදිකරපු මොන පුද්ගලයාද ඒ පුද්ගලයා දැන ගන්න ඕන නීතිය කියන එක හැමෝටම එකයි කියන එක. හැබැයි සමහර අයට ඒක තේරෙන්නේ නැහැ. අපේ ආණ්ඩුවටත් ඒක තේරෙන්නේ නැහැ….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ සම්මුති ආණ්ඩුව දෙකඩ කිරීමට යම් අයෙක් උත්සාහ ගන්නේ නම් එය රටේ ජනතාවට එරෙහිව යන්නක් බවයි.

“මේ රටේ ජනතාව මේ නායකයින් දෙදෙනාට බලයක් දුන්නේ එකට ගමනක් යන්න. ඉතිං එහි වෙනසක් කරනවා නම් ඒක ‍රටේ ජනතාවට කරන ලොකු ප්‍රහාරයක්. ඒ ගැන එතුමන්ලා තීරණයක් ගත යුතුයි. මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි දේශපාලනය උගන්වන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. නමුත් මේ රටේ මිනිසුන්ගේ අපේක්ෂාව වුණේ දෙදෙනාම එකට එක්ව රට පාලනය කිරීම. නැත්නම් රටේ මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරක් ජනවරම දෙන්න තිබුණා ‍ආණ්ඩුවක් හදන්න. නැත්නම් යූ. එන්. පී. එකට විතරක් දෙන්න තිබුණා. ඒ‍ දෙකටම දෙන්නේ නැතිව හිර කළේ දෙගොල්ලම එකට එක්ව ඉදිරියට යන්න කියලා. ඒක සෝභිත ස්වාමීන්වහන්සේත් අපත්වීමට ‍කලින් කිව්වා. ඉතිං මම හිතනවා එය අපි ඉදිරියට ගෙන යාතුයි කියලා. මොකද ඒ ක්‍රමයෙන් අපිට ගොඩාක් ප්‍රශ්න අද වන විට විසඳා ගන්න පුළුවන් වෙලා තියෙනවා

අද යහපාලනය කියන එක තාමත් මේ රටට හුරු නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. සමහරවිට මහින්ද රාජපක්ෂ මහත්තයා හිටියා නම් මේ ප්‍රශ්න මොනවහරි කරලා පාගලා දාලා ඉවර කරනවා. නමුත් අපේ නායකයෝ දෙන්නම එහෙම කරන්න දෙන්නේ නැහැ. ඉතිං මම හිතනවා යහපාලනය වීම නිසාම රට ගෙනියන්න හරි අමාරුයි කියලා. බැහැයි අපි හරි දේ කරනවා. විශේෂයෙන්ම බැඳුම්කරයේදී අගමැතිතුමාගෙනුත් ප්‍රශ්න කළා. එය තමයි අපි කළ යුත්තේ. අපි පසුගිය කාලේ දැක්කා ඇමැතිවරුන්ව බේරපු හැටි. නමුත් අද එහෙම නෑ. අද අපේ හුඟාක් ඇමතිවරු වැරද්දක් කරන්න බයයි. කාගෙන්වත් සමාව හම්බ වෙන්නේ නැහැ. ඒක මං හිතන්නේ‍ හොඳ ආදර්ශයක්. ඒක ඉස්සරටත් කළ යුතුයි. අපිට බලය දුන්නේ ඒක කරන්න. ඒක නොකරවානම් අපිත් මේ ආණ්ඩුවේ ඉන්න ඕනද කියන එකත් අපි තීරණය කරන්න ඕන. මම තාම කල කිරිලා ඉන්නේ.

පහුගිය කාලේ අපි කිව්වා දූෂිත පුද්ගලයෝ ඉන්නවා. වැරදි කරපු අය ඉන්නවා. ඒවට හරි තීරණ ගන්න කියලා. ඒවා නොකිරීම ගැන මම කලකිරිලා ඉන්නේ. නමුත් ආණ්ඩුව එකට තියාගෙන යන වැඩපිළිවෙලේ මම ඉන්නවා…..” යැයිද අමාත්‍ය අර්ජජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

– තමීර මංජු

59 views

9 Comments to “යහපාලනයට රට ගෙනියන්න හරිම අමාරුයි.. මහින්ද හිටියා නම් කොහොම හරි කරනවා..- ඇමති අර්ජුන”

  1. Gunaruwan says:

    Loka kuslane dinne Aravindayi, Jayasuriyayi ne ?

    • Sathasivam says:

      Ethakota Arjunaya nikan balagena hitiya witharai. Uoo neththan ada Muralidaran gedara. Suddanta tharjanaya karanta tharam edithra nayakayek moo. Ekata api moota garu karanta ona. Hebei den nam moo anthima sawuththu ekek bawai penenne.

    • 8 පාස් නෑති බූරු අර්ජුන says:

      මූ තනියම ගහල ලෝක කුසලාන දිනල තියන්නෙ ටීම් එකේ අනිත් 10 දෙනා බුදියගෙනෙ ඉඳල තියන්නෙ. අනේ 8 පාස් නෑති බූරු අර්ජුන

  2. Jeewantha says:

    Arjuna is a good man.But unfortunately in the wrong side.

  3. Niru says:

    This bugger has gone nuts. There is no connection between what he says at the beginning and the end. People in this country suffered for 30 years without any development. In 5 years since 2009 there was an amazing change. Then in 2015 the country was cursed again with people like you trying to make a change. Now all are suffering except those who are deaf and blind and the stupid Yahapalana assholes who are making money.

    • Chethiyasena says:

      This is the latest trend of government politicians speeches.
      Blurting out unrelated nonesense all garbage.

  4. Siri Jayawickrama says:

    Arjuna is very capable person. He should be with Mahinda

  5. lesti says:

    Whatever said and done Arjuna is one of those who made Sri Lankans proud..there was a time we were wearing Srilanka T-shirt proudly in foreign countries..but, now we got nothing to be proud of what so ever… we are hiding…But, his political vision needs to be revamped..just follow your heart conscience and do the right thing people will still support you…you are in the wrong camp bro…

  6. 8 පාස් නෑති බූරු අර්ජුන says:

    මූ තනියම ගහල ලෝක කුසලාන දිනල තියන්නෙ ටීම් එකේ අනිත් 10 දෙනා බුදියගෙනෙ ඉඳල තියන්නෙ. අනේ 8 පාස් නෑති බූරු අර්ජුන

Main News