යහපාලනයම ඇස් බැන්දුමක්..- ෂමින්ද්‍ර ෆර්නැන්ඩස්…|| ගිය වසර දෙකේම ආණ්ඩුවට යමක් කරන්න බැරි වුනා..- යහපාලන ලොක්කා
July 5, 2017 at 9:20 am | lanka C news
සිරස රූපවාහිනියේ “දවස” දේශපාලන වැඩසටහන සඳහා ඊයේ සහභාගි වු “ද අයිලන්ඩ්” ඉංග්‍රීසි පුවත්පතේ ප්රවෘත්ති කතෘ ෂමින්ද්‍ර ෆර්නැන්ඩස්ගෙන් දේශපාලන විචාරක අසන ලද ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ඔහු පැවසුවේ මේ ආණ්ඩුව අද වනවිට පොරොන්දු වු කිසිවක් ඉටුකර නොමැති ඇස් බැන්දුන් ආණ්ඩුවක් බවත් මහා බැංකුව හොරකම් කරන අය පන්සලේ පිංකැටය රැකිමට උත්සහ ගැනීම විහිලුවක් බවයි.
ආණ්ඩුව පාර්ශවය වෙනුවෙන් සහභාගි වු ආණ්ඩුවේ උපාය මාර්ග කළමනාකරණය එජන්සියේ සභාපති අශෝක අබේගුණවර්ධන කියා සිටියේ පසුගිය අවුරුදු දෙකහමාරක් තුල විද්වතුන් හැටියට විශාල උත්සහයක් ආණ්ඩුව ජනතාවට පොරොන්දු වු වෙනස සිදු කිරීමට ගත් බවත්, ඒ සියල්ලම ආණ්ඩුව කරවන ප්‍රධාන පක්ෂ දෙකේ දේශපාඥයන් ගේ හැසිරීම නිසා කඩාකප්පල් වූ බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස මේ ආණ්ඩුව අසාර්ථක තත්ත්වකට මේ වනවිට පත්ව ඇති බවයි. ඒ නිසා ඉදිරි වසර දෙක තුල ආණ්ඩුව නිසි මගට ගැනීමට මෙන්ම හරි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට බලකිරීමට අවශ්‍ය සිවිල් සංවිධාන එකතු කරන බවකි.
වීඩියෝව මෙතනින්
අශෝක අබේගුණවර්ධනලය්, සිවල් සංවිධානය් ඉදිරි වසර දෙක තුල අමුඩ ගහල ලැහැස්ති වෙනකොට කෝච්චිය ගිහින් ඉවරය් කිලය
ඩොලර් ගිලින මහ දැනමුත්තන්ට තේරෙන්න නැති එක ගැන පුදුම වෙන්න එපා.