යහපාලනයේ දූෂණය අංක එකට.. වංචාවෙන් අනන්තයට.. අලුත්ම සුප්‍රසිද්ද සමීක්ෂණ වාර්තාව මෙන්න..
October 22, 2017 at 10:30 pm | lanka C news
ශ්‍රී ලංකාවේ සති අග ඉංග්‍රීසි පුවත්පත් අතර ජනප්‍රියතම මෙන්ම වැඩිම පාඨකය ප්‍රමාණයක් කියවන පුවත්පත වනුයේ සන්ඩේ ටෛම්ස් පුවත්පතයි, සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු ව්‍යයාපාර ප්‍රජාව මෙහි පාඨකයන් වන අතර විදේශ තානාපතිවරු ඇතුළු ජාත්‍යන්ත ප්‍රජාව මෙම පුවත්පත්වල නිගමනයන් කෙරෙහි විශාල උනන්දුවක් දක්වයි.
අද ඉරිදා 22 වෙනිදා සන්ඩේ ටෛම්ස් පුවත්පත විසින් තම පාඨකයන් අතරේ පවත්වනු ලැබු වර්තමාන ආණ්ඩුව සම්බන්ධ ජනමතයක ඡන්දය ප්‍රකාශ කල අයුරු ප්‍රසිද්ධියට පත් කොට තිබුනි.
1. රටේ සමස්ථ දූෂණය අඩුවි ඇත්ද? – no – 89%, yes – 5 %, අදහසක් නොමැත – 6%
2. ජීවන වියදම් හා උද්දමනය අඩුවී ඇත්ද? no – 87%, yes – 5 %, අදහසක් නොමැත – 8 %
3. රජයේ කොන්ත්‍රාත් ලබාදීම සහ ටෙන්ඩර් ක්‍රියාවලිය. – අති දූෂිතයි – 82%, no – 5%, අදහසක් නොමැත 13%
4. පොහොසතුන් වැඩි බදු ගෙවිය යුතුය – පිලිගත නොහැකිය 52%, yes 22%, අදහසක් නොමැත 26%
ඉහත සමීක්ෂණය අනුව යහපාලන ආණ්ඩුවේ වසර 3 කට ආසන්න කාලය තුල පසුගිය රජයට සාපේක්ෂව කිසිම ප්‍රගතියක් ලබාගැනීමට නොහැකි වූවා පමණක් නොව එදා ආණ්ඩුවේ අවසාන කාලයේදී හෝ මෙවෙනි ජනතාවගේ අකමැත්තක් හෝ අප්‍රසාදයක් නොතිබුණ බැව් එම කාලයන් තුල සන්ඩේ ටෛම්ස් පුවත්පත කල සමීක්ෂණ හරහා අනාවරනය කරගත හැකිය.
හප්පා… මෙවුන් තියන්න වටින්නේ නෑ… අංක 2ට කවුද දන්නේ නෑ නේ…
අංක දෙකටත් ඉන්නෙ මුන්මයි හලෝ.
අංක 2ට ඉන්නේ අමෙරිකාවේ බකිංහැම් මාලිගාවෙන් රන් අස්සයො ගෙනැල්ලා දිනපතා නුවරඑළියට හෙලිකොප්ටරයේ ගිය, ලැම්බෝගිණි 25 – 30ක් තියාගෙන හිටපු, ඩුබායි බැංකුවේ ඩොලර් බිලියන 1.8 තියෙන, ලංකා හොස්පිටල් එක ලියවගත්තු, රටපුරාම අළුත් හෝටල් හදාපු, හයිවේ රත්තරනින් හදාපු, මිග් වලින් ගහපු ජනතා මතයට බයේ එක එක අටම්පහුරු දාල ඡන්ද කල්දාපු, රාජ්‍ය දේපල විකුනපු, කොටින්ට ඕනෙ විදියට නැටවිච්ච, අන්තිමේ හමුදාවත් පාවල දීල රටත් කෑලි වලට කඩන්න හදාපු රාජපක්ෂ තමා.
Do you still see those dreams. Very pathetic.
Please do a visit to angoda hospital soon.
ඇත්තට බකිංහැම් මාලිගාව තියෙන්නෙ ඇමරිකාවෙද ??
Yes…its in the University of Virginia, US&A. Here is the link
http://www.virginia.edu/webmap/popPages/14-buckinghampalace.html
ඒකෙන් කියන්නෙ ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ නෙමෙයි කියලනෙ…! ඔක අපි කියන්නෙ 2014 දෙසැම්බර් මාසෙ ඉඳලමනෙ….!!