යහපාලනය අමු බොරුවක්.. නීල හොරුන් ගැන ඇහැ ගහගෙන සිටිනු.. මා ඔබ සමගයි..- අමාත්‍යංශ ලේකම්වරුන්ට ජනාධිපති දන්වයි..
December 22, 2018 at 10:39 pm | lanka C news
නීති විරෝධි කටයුතු සහ අක්රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යාංශ ලේකම්වරුන් අමතමිනි.
නව අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමෙන් අනතුරුව ඔවුන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රට සහ ජනතාව වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගන්නා රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මෙන්ම පෞද්ගලිකව ද තමා සෑමවිටම පෙනී සිටින බවයි.
යහපාලනය යන වචනය අප කොතෙක් භාවිතා කළ ද මෙරට රාජ්‍ය පාලනය පිරිසිදු පාලනයක් බවට වූ සහතිකය තවමත් අපට ජනතාවගෙන් ලැබී නොමැති අතර, රටේ ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍ය පාලනය වෙනුවෙන් නිසි ලෙස තම වගකීම් ඉටුකරන්නැයි ද ජනාධිපතිතුමා මෙහිදී සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.
වංචාවට, දූෂණයට සහ අක්රමිකතාවයට එරෙහි සටන සමග නිරන්තරයෙන් රටේ ජනතාව අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා රාජ්‍ය සම්පත් විනාශ කරමින් සහ ජනතා මුදල් සොරකමි කරමින් සිදුකරන වංචා දූෂණ සැමදා රහසක්ව නොපවතින අතර එය කෙදිනක හෝ මහජනතාව හමුවේ අනාවරණය වන බවත්, නියත වශයෙන්ම වැරදිකරුවන්ට දඬුවම් විදීමට සිදුවන බවත් කියා සිටියේය.
දුගී බවින් තොර රටක් සහ විනයගරුක සමාජයක් ගොඩනැගීම අද අප හමුවේ ඇති ප්‍රධාන අභියෝග බවට පත්ව ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එම අභියෝග ජය ගැනීමේ දී මෙරට රාජ්‍ය නිලධාරින් කෙරෙහි තමා පූර්ණ විශ්වාසයක් තබා ඇතැයි ද සඳහන් කළේය.
අමාත්‍යාංශවල මෙන්ම අමාත්‍යාංශ යටතේ ඇති සියලු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල කාර්යභාරය පිළිබඳ නිරන්තරයෙන් සොයා බලමින් ඒවා නිවැරදිව මෙහෙයවීම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව සඳහන් කළ ජනාධිපතිතුමා මසකට වරක්වත් අදාළ ආයතන වෙත ගොස් කාර්යමණ්ඩල හමුවී ඔවුන් දිරිමත් කිරීමට සහ අවශ්‍ය මගපෙන්වීම් සිදු කිරීමට කටයුතු කිරීම පිළිබඳව ද නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අවධානය යොමු කළේය.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.
– ජනාධිපති මාධ්‍ය ඒකකය
Janadhipathige Duwageth, Banageth horawal allanawada?
රනිල් සුමාන්දිරන් සහ අනුර-දාස සෙට් එක සහ ඇමතියො ඉන්නෙ සිරිසේනගෙ පවුලෙ වැරදි හොයන්න!
thawamath thopi moota kadey yanawa noveda?
Colombo hotel ekaka parking area eke athe bather wune government officials la neweda hello?
Tho thamai hour rakinne wal para siriyawathie
හොර පවුල් , කූඨ ව්‍යාපාරික හවුල් ,දෙබිඩි පුරවැසියන්, NGO නඩ,බටහිර අතකොළු ජනතාවගෙන් බලය සොරාගෙන ඔවුන්ගේ පාලනයට ගෙන ඇති රටකි මේ !!!! ඔවුන් ප්රජාතන්ත්රවාදය ,යුක්තිය,සාධාරණත්වය,දියුණුව ගැන දිනපතා අපට දේශණා තබති.
වෙන එකෙකුගේ අතට නොදී ජනතා පරමාධිපත්‍යය අපි අප ලඟම තබා ගමු !!!
දූෂිතයන්,හොරැන්,මිනී මරැවන් එක්වී ජනතාවට, මව්බිමට එරෙහිව පිහිටුවාගෙන ඇති මේ “දූෂිත රාජ්‍යය” පලවා හැර “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුවක්” බිහි කරමු !!!! – (People’s Republic). (සැ.යු : ජනතාවට චන්දෙකින් ආණ්ඩුවක් වෙනස් කරන්න පුලුවන් හා එය නීත්‍යානුකූලයි නම් “ඒ ජනතාවම” ලක්ෂ ගණනින් වීදි බැස අළුත් රාජ්‍යයක් සාදා ගැනීමේ ඇති වැරැද්ද කුමක්ද ? )
බ්‍රිතාන්‍ය විසින් සිය නව යටත් විජිතය සඳහා පිලියල කල 1978 ව්‍යවස්ථාව කූඨ ලේඛණයකි.අදෘශ්‍යමානව තව දුරටත් අපේ රටේ කටයුතු වලට මැදිහත් වීම, ආර්ථික මර්මස්ථාන පාලනය, සූරා කෑම මෙම කූඨ ලේඛණය තුලන් බටහිර රටවලට ඉඩ සලසාගෙන ඇත.මෙම ව්‍යවස්ථාව හිස මුදුුනේ දරාගෙන සිටින හැම කෙනෙක්ම අමනයෙකි.
මේ ව්‍යවස්ථාව හැසිරවෙන්නේ බටහිරට අවශ්‍ය ආකාරයටයි….. සිය සුරතල් යැංකි ඩිකී ජේ.ආර්ගේ කාලයේ විධායකයද …… J.Rගේ බෑණා රනිල් යුගයේ අගමැති හා පාර්ලිමේන්තුවද තවත් වරක අධිකරණයද ඔවුන් සිය බළල් අඩු ලෙස යොදා ගන්නා ආකාරය පැහැදිලිය.