‘යහපාලනය අවසන් කිරීමේ දින 100 වැඩපිලිවෙල’ ඇරඹෙයි.. ඉන් පසු අදීන, අභීත නායකයාට රට බාරයි..

June 26, 2019 at 6:48 pm | lanka C news
‘යහපාලනය අවසන් කිරීමේ දින 100 වැඩපිලිවෙල’ ඇරඹෙයි.. ඉන් පසු අදීන, අභීත නායකයාට රට බාරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය.

අගෝස්තු මස 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සමුළුවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මෙන්ම මෙරට සියලූම ප‍්‍රගතශීලී, දේශපේ‍්‍රමී, ජාතික, ඇතුළු සියලූ බලවේග නියෝජනය කරන අපේක්‍ෂකයා රටට දැනුම් දීම තවදුරටත් රහසක් නෙමෙයි. මෙම මහා සමුළුවෙන් පසුව 12 වැනිදායින් පසුව ආරම්භ වෙනවා ආණ්ඩුවේ ගමන අවසන් කිරීමේ දින 100 වැඩපිළිවෙල. පසුගිය දින කිහිපය තුළ ජනාධිපති අපේක්‍ෂකත්වයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඌරුවරිගේ වන්නිලඇත්තන් සහ රාජිත සේනාරත්නටත් රුචිය තිබෙන බවට දැකගත හැකි වුණා. මේ වන විට බොහෝ දෙනෙක්ට ජනාධිපති අපේක්‍ෂක නාමලේඛනයට තම ඇතුළත් කර ගැනීමේ කුමන හෝ රෝගයකින් පෙළෙන බව පේනවා. දැන් ජනාධිපති අපේක්‍ෂක නම්, කණ්ඩායම් යෝජනා රැුසක් කරළියට ඇවිත් තිබෙනවා.

මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්ද? නිසැකයෙන්ම ලෝක බලවතුන් ඉදිරිපිට දණනොගසන නායකයෙනක් විය යුතුයි. අන්තවාදයට, ත‍්‍රස්තවාදයට එරෙහිව කොන්දේසි විරහිතව සටන් කළ හැකි බියනැති නායකයෙක් විය යුතුයි. දරුවන්ට ආදරය කරන සංස්කෘතික මිනිසෙක් විය යුතුයි. 21 වැනි ශතවර්ෂයට ඔබින, උචිත දැනුමින් පිරි නායකයෙක් විය යුතුයි. සියලූම ජනවාර්ගික කණ්ඩායම්වලට මේක මගේ රට කියන රටක් හදන නායකයෙක් විය යුතුයි. එහෙම නැතුව ඇස් ගිලිලා තිබෙන, මහන්සිපාට, නිදා ගන්නේ නැති කෙනෙක් රාජ්‍ය නායකයෙක්ට ගැළපෙන ලක්‍ෂණ නෙමෙයි.

පාස්කු ප‍්‍රහාරයෙන් ඒ ගැන කැළඹිලා පශ්චත්තාපයෙන් සංවේගයෙන් ජනතාව සිටින විට ඒකට මුවාවෙලා ආණ්ඩුව බරපතල තීන්දු කිහිපයක් ගත්තා. වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැම්මා. සමෘද්ධිය මුළුමණින්ම දේශපාලනීකරණය කළා. පැල්වත්ත සහ සෙවණගල රාජ්‍ය සීනි සමාගම් ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ සාක්කුවලට දෙන්න අවශ්‍ය පනත් සම්මත කර ගත්තා. පාස්කු ප‍්‍රහාරයට මුවාවෙලා රාජ්‍ය ඔත්තු සේවාවන් නිරුවත් කළා. එළිදරව් කළා. රාජ්‍ය බැංකු පෞද්ගලීකකරණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් ඉන්නෙත් මේ කාලයේදීයි. මාධ්‍ය දඩයම් කිරීමට පනත් සකස් කරමින් සිටිනවා. කිසිම ආණ්ඩුවක් නොගෙනා පනතක් ගේන්න හදනවා අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කරන මාධ්‍යවේදීන්ව සිරගත කරන්න, දඩයකට යටත් කරන්න. විපක්‍ෂයේ මැදිහත් වීම නිසා ප‍්‍රතිතස්ත පනත ගේන්න බැරි වුණා. දැන් හදනවා වෙනම ආකාරයකින් පනත් ගේන්න.

ආණ්ඩුවේ දුර්වලකම පිළිබඳ විවිධ කාරණා එළියට ඇවිත් තිබෙනවා. 19 වැනි සංශෝධනය මේකට වගකියන්න  ඕන කියා ජනාධිපති ප‍්‍රකාශ කරනවා. අද කැබිනට් මණ්ඩලය කියන කිසිම දෙයක් කවුරුත් කරන්නේ නැහැ. අපේ මැතිවරණ ක‍්‍රමය තමයි දේශපාලන අස්ථාවරත්වයට හේතුව. වත්මන් මැතිවරණ ක‍්‍රමය, සමානුපාතික මැතිවරණ ක‍්‍රමය මුල් වරට හඳුන්වා දුන්නේ 1988 පළමු මහ මැතිවරණයෙන්. 88 මහ මැතිවරණයෙන් පසුව 2015  අගෝස්තු මැතිවරණය දක්වා මැතිවරණ හතක් පවත්වා තිබෙනවා. ඉන් මැතිවරණ පහකින්ම ආවේ සුළුතර ආණ්ඩු. ඒ නිසයි පාර්ලිමේන්තුවේ සිටින නාස්තිකවාදීන්ට දණනමන්න වෙලා තිබෙන්නේ. ලංකාවට පළාත් සභා හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිරටයි. දැන් ඒ දෙක පළාත් සභා නැතිවයි ක‍්‍රියාත්මක වෙන්නේ. මේ රටේ දේශපාලන අස්ථාවරත්වයට හේතුවන මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවා. අපි ඒක අනිවාර්යයෙන්ම වෙනස් කරනවා. ඊළඟ ජනාධිපතිවරයාගේ පළමු වගකීම වෙන්නේ මේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමයි. ඒ ගැන සැකයක් ඇති කරගන්න එපා.

– චමින්ද කරුණාරත්න

129 views

23 Comments to “‘යහපාලනය අවසන් කිරීමේ දින 100 වැඩපිලිවෙල’ ඇරඹෙයි.. ඉන් පසු අදීන, අභීත නායකයාට රට බාරයි..”

  1. sam says:

    එහෙම නැතුව ඇස් ගිලිලා තිබෙන, මහන්සිපාට, නිදා ගන්නේ නැති කෙනෙක් රාජ්‍ය නායකයෙක්ට ගැළපෙන ලක්‍ෂණ නෙමෙයි.. කොහොමද හර්ද සැත්කමක් කරපු රෝගියෙක් ?.

Main News