යහපාලනය ඇරඹූ ‘පිබිදෙමු පොලොන්නරුව’ කැලෑ වැදිලා.. එලොවටත් නෑ.. මෙලොවටත් නෑ..

October 5, 2021 at 2:03 am | lanka C news
යහපාලනය ඇරඹූ ‘පිබිදෙමු පොලොන්නරුව’ කැලෑ වැදිලා.. එලොවටත් නෑ.. මෙලොවටත් නෑ..

පසුගිය යහපාලන ආණ්ඩුව මගින් රජයේ මහජන මුදල් වියදම් කර බාගෙට හැදූ ගොඩනැගිලි වල් වැදී ඇති බවත් ඒවා විධිමත් ව ගොඩනඟා ජනතා සුබ සෙතට භාවිතා කළ යුතු බවත් පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා පැවති අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එසේ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා එහිදී මෙසේද පැවසුයේ,

පිබිදෙමු පොලොන්නරුව කියලා සංවර්ධන වැඩ කරන්න පටන් ගත්තා. ඒවායේ වැඩ බාගෙට එලොවටත් නෑ. මෙලොවටත් නෑ අපිට ඒවා කැලෑ වදින්න වල්බිහි වෙන්න දෙන්න බෑ. ඒවා ජාතික ධනය. මේ විදිහට මහජන මුදල් නාස්ති වෙන්න දෙන්න බැහැ. පොලොන්නරුව නවනගරයේ වැඩ අවසන් නොකල පරිපාලන ගොඩනැගිල්ල අවුරුදු පහක් තිස්සේ  අකර්මණ්‍ය වෙලා තිබෙනවා. පොලොන්නරුව තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය පහසුකම් ලබාදීමට එම ගොඩනැගිල්ල ලබා ගැනීමට අවශ්‍යයි. පුරවර විශ්වවිද්‍යාලය එහි පිහිටුවා පොලොන්නරුවේ ඉහළ අධ්‍යාපනයක්  සහිත  දරු පරපුරක් බිහි කළ යුතුයි. ඒ සඳහා මෙය හොඳ පියවරක් යැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම එහිදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන ලදී. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය වන පරිදි සිරිපුර නගරය ග්‍රාමීය රෝහලක් ඉදිකිරීම. මනම්පිටිය නගරය මූලික කරගෙන වසංගත රෝග නිවාරණය සඳහා රෝහලක් ඉදිකිරීම. අඩු ආදායම් පවුල් සඳහා නොමිලේ විදුලිය ලබා දීම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීම. ඒ අතර විය. එම සියලු යෝජනාවන් සංවර්ධන කමිටුව විසින් අනුමත කරන ලදී.

උතුරුමැද පළාත් ආණ්ඩුකාරවර  මහීපාල හේරත් මහතා, පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන කමිටු  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි විය.

– ප්‍රසන්න අධිකාරි

15,130 views

8 Comments to “යහපාලනය ඇරඹූ ‘පිබිදෙමු පොලොන්නරුව’ කැලෑ වැදිලා.. එලොවටත් නෑ.. මෙලොවටත් නෑ..”

  1. බු බඹා says:

    බලන්න චමුදීතයා හරි මුද්ලිගේ (හරි tv) ඔය තිරු නඩේසන්ව ඉන්ටර්වීව් කරලා ඇඟේ සුදු හුණු ගාලා ඒවන්නේ නාද්ද කියලා

  2. 3% ට බය බයියා. says:

    වංචාවෙන් දූෂණයෙන් තොරව ලංකාව පාලනය කිරිමට හැකි වන්නේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .

  3. eng mhipala says:

    yako harako anunta banimin sunakayek wenna epa. WEDA KARALA P3NWAPAN. ADUKULE GATHIYADA?

  4. බයිසන් says:

    මූ නම් නියම අපතයෙක්. පොළොන්නරුවට රජ කාලෙටත් නොකරපු විශාල සංවර්ධනයක් යහපාලන ආණ්ඩුව කරල තියෙනවා කියල එක ඇහැක් විතරක් තියෙන මිනිහෙකුට ක් පෙනෙනවා. 2015 ට ඉස්සර නිකං පරණ ගමක් වගේ තිබුණ පොලොන්නරුව දැන් ලංකාවෙ තියෙන දෙවැනි විශාලතම සහ විධිමත්ම නගරය බවට පත්වෙනවා තියෙනවා. මේ යකා තවම සත පහක වැඩක් කලේ නැහැ. පරාක්‍රම සමුද්‍රයෙ බැම්මට වැඩක් දීල ගාණක් කපාගන්නේ විතරයි බලන්නෙ. වැලි ලොරි වලින් කප්පං ගන්නවා. කැලෑ කපල විකුණනවා. පුලුවන් හැම තැනින්ම පගා ගහනවා. මූ හරියට පරණ චිකාගෝ නගරයේ හිටිය මංකොල්ලකාරයෙක් වගේ තිරිසනෙක්.

  5. Saleem says:

    ඒකවත් නමක් නැහැ. රාජෆක්ස පාලනය නිසා මුළු රටම අමු සොහොනක් වෙලා තියෙන්නේ?

  6. හිඟුරක්ගොඩ ගොවිරාල says:

    මූ ඉස්සෙල්ලම පොළොන්නරැවෙන් ඡන්දෙ ඉල්ලපු කාලෙ ජපානයෙන් කුණු කොල්ලෙට ගෙන්නපු පරණ බයිසිකල් ටිකක් බෙදල මිනිස්සු රැවැටිටුවා. පොළොන්නරැවට සත පහක සේවයක් කළේ නෑ. රාජපක්ෂලාට වන්දනාමාන කරපු එක තමයි කරපු එකම වැඩෙි. යහපාලන කාලයේ තරමි ඉතිහාසයේ කවරදාකවත් පොළොන්නරැවට වැඩක් කෙරී නෑ. මූ ඇවිල්ල ගොනෙක්. කාලයක් පන්සලක ගල් කොල්ලෙක් වෙලා හිටපු එකෙක්. කෙළෙහිගුණ නැති ජඩයෙක්. ලබන මැතිවරණයෙන් පස්සෙ මුගේ දේශපාලනේ අහවරයි. එතෙකං ඔහොම ගොං කතා කිය කියා හිටපං.

  7. SAMAN says:

    මූ ඉස්සෙල්ලම පොළොන්නරැවෙන් ඡන්දෙ ඉල්ලපු කාලෙ ජපානයෙන් කුණු කොල්ලෙට ගෙන්නපු පරණ බයිසිකල් ටිකක් බෙදල මිනිස්සු රැවැටිටුවා. පොළොන්නරැවට සත පහක සේවයක් කළේ නෑ. රාජපක්ෂලාට වන්දනාමාන කරපු එක තමයි කරපු එකම වැඩෙි. යහපාලන කාලයේ තරමි ඉතිහාසයේ කවරදාකවත් පොළොන්නරැවට වැඩක් කෙරී නෑ. මූ ඇවිල්ල ගොනෙක්. කාලයක් පන්සලක ගල් කොල්ලෙක් වෙලා හිටපු එකෙක්. කෙළෙහිගුණ නැති ජඩයෙක්. ලබන මැතිවරණයෙන් පස්සෙ මුගේ දේශපාලනේ අහවරයි. එතෙකං ඔහොම ගොං කතා කිය කියා හිටපං.

  8. Kalu Albot says:

    Deshapaaluwo Polonnaruwa winaasa karanawa, tharangeta wage. Mun okkoma suiri Thakkadi!

Main News