යහපාලනය උදා නොවූයේ නම් කොළඹ කොටස් වෙළද පොල ලෝකයේ හොදම තැනකයි..

September 19, 2018 at 1:20 pm | lanka C news
යහපාලනය උදා නොවූයේ නම් කොළඹ කොටස් වෙළද පොල ලෝකයේ හොදම තැනකයි..

කොළඹ කොටස් වෙළද පොලේ සමස්ථ මිල දර්ශකය ඒකක 6000 න් පහලට කඩා ගිය අතර අවසාන වරට සමස්ථ මිල දර්ශකය ඒකක 6000 මට්ටමේ තිබුනේ 2012 ජූලි මස මා සුරැකුම්පත් හා විනිමය කොමිසම් සභාවේ සභාපති ලෙස කොටස් වෙළදපොල නියාමනය බාර ගන්නා අවස්තාවේය.

එතැන් සිට වසර 2 1/2 ක කාලය තුල කොළඹ කොටස් වෙළද පොලේ සීඝ්‍ර වර්ධනයක් සිදුවූ අතර 2014 දෙසැම්බර් වන විට සමසථ මිල දර්ශකය ඒකක 7299 දක්වා ඉහල ගොස් තිබුනි. විදේශ ආයෝජකයෝ වැල නොකැඩී ඇදි ආ අතර දේශීය ආයෝජකයින්ද විශාල වශයෙන් ලාබ ලැබූහ.

2014 අවසන් වන විට කොළඹ කොටස් වෙළද පොල ආසියාවේ තිරසාරම කොටස් වෙළද පොල ලෙස සම්මාන ලබා තිබුන අතර කොළඹ කොටස් වෙළද පොල එහි ආයෝජකයින්ට 25.3% ක ඉහලතම ප්‍රතිලාබ ලබා දී තිබුනි. වෙළදපොලේ දිනක ආදායම දල වශයෙන් රුපියල් මිලියන 1400 ඉක්මවා තිබුනි .

යහපාලනය බලයට නොඑන්නට මේ වන විට කොළඹ කොටස් වෙළද පොල ලෝකයම දන්නා කොටස් වෙළද පොලක් බවට පත් කිරීමටත් ඒ හරහා ලංකාවේ ආර්ථිකය විශාල දායකත්වය ලබා දෙන්නටත් අපට ඉතා පහසුවෙන්ම පුලුවන් කම තිබුනි.

එහෙත් කොළඹ කොටස් වෙළද පොලේ ආයෝජකයන්ට පූරුවේ පවක් පල දුන් නිසාදෝ යහපාලනය බලයට විත් අද කොටස් වෙළද පොල මේ කනගාටු දායක තත්වයට පත් වී ඇත. පසු ගිය වසර කිහිපය තුල කෙතරම විශාල පිරිසක් කොලඹ කොටස් පොල හරහා තම වටිනා ආයොජන නිරපරාදේ නාස්ති කරගන්නට ඇත්ද ?

– නාලක ගොඩහේවා FB

8,882 Viewers

10 Comments to “යහපාලනය උදා නොවූයේ නම් කොළඹ කොටස් වෙළද පොල ලෝකයේ හොදම තැනකයි..”

  1. Saman says:

    ආ….මේ ගොඩහේවානේ…….
    මම හිතුවේ ඇත්තටම එහෙම වෙලා කියලා..

  2. John the baptice says:

    වික්‍රමසිංහට ඕනේ විදියට රට කරන්න දීලා සිරිසේන බකංනිලන් ඉන්නවා

  3. sunimal says:

    අද රට පත්වෙලා තියෙන සහ පත්වෙමින් යන තත්ත්වය ගැන රටේ බුද්ධිමත් ජනතාව කල්පනා කරන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය ඉවර කරලා සංවර්ධනය කරා ගෙන යමින් තිබුණු රට අද මේ හවුල් ආණ්ඩුව විසින් ගෙනියන්න හදන්නේ කොතැනටද කියලා අපි සිතිය යුතුයි. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන බොරු බේගල් කියමින් බලයට ආ මේ මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව රට ගෙනියන්නේ අගාධයකට බව අද පැහැදිලි වෙලා තිබෙනවා.

  4. Saradiel says:

    යමපාලනය

    රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ
    අගනා කියන දේ විකිණිය යුතුය රටේ
    අමන දනන් කැ ගැහුවත් හතර වටේ
    එවා නො වික්කොත් අපි හැම මකර කටේ

    දළදා මැදුර අධිකව මිල කල හැකිය
    සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය
    කලුගල් වලට විකුනා ගෙන සිගිරිය
    සිගිරි කුරුටු ගී බයිලා කල හැකිය

    හොර්ටන් තැන්න දී ක්‍රිඩා පිටියකට
    පවරා සිංහ රාජය ලී මෝලකට
    දුන්හිද ඇල්ල හරවා ජල විදුලියට
    සමනල කන්ද බදු දේමු හොටලයකට

  5. නාපෝලියේ අපි says:

    සමන් කියන නමින් ඉන්න හාදයා…හෙන චරිතයක්ද…? ආචාර්ය නාලක ගොඩහේවා වගේ උගත් බුද්ධිමත් රටට දැයට ආදරය කරන මිනිස්සුන්ට සමච්චල් කිරීමෙන්ම සමන්ගේ බුද්ධි මට්ටම ලෝකයට පේනවා…

    • Wijebahu says:

      Godahewa wants rajapaksa to come and rescue him from jail. Thats why he is shopping for Rajaoaksa with no cloths on.

  6. Rasika says:

    When I was work in Dubai during 2011. I Invested around 5 million SLR. on SL Share market. At 2015 the balance is Rs. 60,000 only. Up to Now Balance is 40,000 Rs only. I lost not only the money, whole of my life due to dirty politics of Sri Lanka

  7. Nalin says:

    Oh this guy’s conduct is a disgrace to all the engineers of University of Moratuwa

  8. Dana says:

    Stock market was manipulated during MR time, Nalaka Godahewa, Dhammika Perera, Nimal Perera, Ajith Devasurendra were part of the gang. What they did was artificially manipulate the Stock Market, they earn lot and quit. Normal investors lost all there money to these thiefs. Nalaka you dont need to us who u are..

Main News