යහපාලනය එපා වී පොලොන්නරුවේ දස දහස් ගණන් පොහොට්ටු පිපේ.. පොහොට්ටුවට බැදෙන්න දැවැන්ත ජන ගගක්..[Photo]
August 7, 2017 at 1:20 pm | lanka C news![යහපාලනය එපා වී පොලොන්නරුවේ දස දහස් ගණන් පොහොට්ටු පිපේ.. පොහොට්ටුවට බැදෙන්න දැවැන්ත ජන ගගක්..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/08/989898.jpg)
‘අද මේ රටේ තියෙන්නේ අසම්මත තුප්පහි ආණ්ඩුවක්, සුද්දන්ට නැගලා යන්න අලි දුන්නාට අද නඩු නැහ, ඒත් කරඩුව වඩම්මන අලියා ගත්තට පන්සලේ හාමුදුරුවන්ට නඩු. සාරි දුන්නා බයිසිකල් දුන්නට මහන මැසින් දුන්නාට නඩු දාල නැහ, ඒත් සිල් සමාදම් කරනවන්න සිල් රෙදි දුන්නාම නඩු, කැලන්ඩර් දුන්නා දිනපොත් දුන්නා එවාට නඩු නැහ ඒත් හතර පෝය සහ අවුරුදු චාරිත්‍ර තියෙන ලිතක් ජනතාවට දුන්නාට නඩු. මේක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය, අද මේ ගහන්නේ අපේ බෞද්ධ උරුමයට අපේ සංස්කෘතියට මොකද මේ රටේ වසර 2500 ක් සිට පැවත එන අපේ චාරිත්‍ර වාරිත්‍ර වාරිත්‍ර විනාශ කොට අසම්මත ජාතියක් කරා අපේ රට ගෙන යෑමට මේ තුප්පහි ආණ්ඩුව කටයුතු කරන බව මෙයින් පැහැදිලි’ යයි ඊයේ පොලොන්නරුවේදි හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසිය.
‘අපි ආණ්ඩු කරද්දි කාගෙන් හෝ කොන්ත්‍රාත්තුවක් දීලා අරක්කු බලපත්‍ර දීල පගාවක් තියා අඩුම ගානේ කාගෙන්වත් එහෙම දීලා තේ කොප්පයක් හරි බිලා කියලා කිසිම චෝදනාවක් අපිට නැහ. අපිට අද නඩු දාල හිරේ දාන්න හදන්නේ ජනතාවට දුන්න දේවල් වලට, ඒවාට නඩු දාලා හිර ගෙවල් එකක නෙවි දාහක දැම්මත් අපිට ඒක ලොකු ගෞරවයක්, ඒක ආඩම්බරයක්. මොකද ජනතාවට සහන සලස්වා අපිට හිරේ ගියාට කමක් නැහ.
අද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කන්න 4 ක් පාලු වෙලා කිසිම සහනාධාරයක් නැහ, රූපවාහිනියේ ගුවන් විදුලියේ කියනවා සහන මල්ලක් දෙනවා කියලා මම අහනවා ඒක මේ පොලොන්නරුව ජනතාවට ඒක ලැබුනා ද කියලා ඇසු විට එහි රැස්ව සිටි ජනතාව මහා හඩෙන් “අපිට දුන්නේ නැහ” යයි කිවේය. අද මහා ලොකුවට රටින් හාල් ගෙන්වනවා කියලා ආඩම්බරෙන් කියන අයට මම කියනවා මහින්ද රාජපක්ෂ යුගයේ කෘෂිකර්මය දියුණු කොට ගොවි ජනතාව අවශ්‍ය පොහොර මල්ලේ සිට සෑමා සහනාධාරයක්ම දීල අපි මේ රට හාලින් ස්වංපෝෂිත කොට ගොවියා නගා සිටුවුවා,එදා මුලු රටම වැඩබිමක් කොට රටපුරා යෝධ සංවර්ධනයක් කලා අද ඒ සියල්ලම නැවතිලා, අපි අනාගතයේදි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයක් යටතේ මේ නැවතුන වැඩ සියල්ලම නැවත ආරම්භ කරනවා පමණක් නොව විකුණපු වරාය පවරා ගෙන එය ජනතාව සතු කරනවා’ යැයි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
පොලොන්නරුව පාර්ලිමේන්තුව මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඇතුළු පොලොන්නරුව දිස්ත්‍රික් පලාත් සභා මැති ඇමතිවරු ප්‍රදේශිය සභා හිටපු නියෝජිතයින් ඇතුළු විශාල ජනතාවක් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ සමාජිකත්ව ප්‍රවර්ධන වැඩසටහන සඳහා සහභාගි වී සිටියේය.
මේවා දැකලා මයිතූනයට සසලවලා උන, පව් බන්.
When this rouge BR is going into cell?
He was in the cell for distributing sil redhi to buddhists.
Now it is time for the Central Bank Bond robbers to go to prison.
true
JAYA WEWA
පාලනයක් ගැන අයනු ආයනු වත් නොදැන මහ පුටුම ඕන උන නරිනාටක අම්බරුවන්ට ගෙදර ගියාට පස්සෙ මල ගෙදරකවත් ගියහම
ගනං ගනීවිද දන්නෙ නැහැ. කිරි දෙවූ සැනිං නොමිදේ.
G L ge picture eka nehe ne banner eke
දැන් බැඳුන්කර හොරැ කල්ලියද ජී එල් ගෙ පින්තූරෙද උඹට ප්‍රශ්ණෙ
jaya wewa! jayawewa! jayama wewa!!!
wedak nee, basila hambayata rata deela iwarayi… okun pitipasse yanna epooo
Dhawaldha?
Kohomada sill ganna kashtiya?
Wayasakas adahanne rajalawa. Kootiyak kollo Kello ne bola.
මයිතූනය siya divi hani karaganeeda danne nehe mewa dakala.
Chathuri kellath pohottuwak bada ganeeda ?
Pissu katha kiyanna epa…Chathuri mage kella…side Kick eka