යහපාලනය කැබිනට් අනුමැතිය නැතිව කල වැඩක් හෙලිවෙයි..

March 5, 2021 at 8:40 am | lanka C news
යහපාලනය කැබිනට් අනුමැතිය නැතිව කල වැඩක් හෙලිවෙයි..

උතුරු මැද පළාත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මාර්ග රැසක සංවර්ධන කටයුතු මහාමාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 04 දින ආරම්භ වුණි.

මේ යටතේ කිලෝමීටර් විසි හතක දිගින් යුත් තලාව කැකිරාව මාර්ගය (B 213), කිලෝමීටර් හතක දිගින් යුත් කැකිරාව ගනේවල්පොල මාර්ගය (B212) කිලෝමීටර් හතළිස් පහක දිගින් යුත් ගනේවල්පොල දාච්චිහල්මිල්ලෑව මාර්ගය (B133) කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිතය.

මිලියන හයදහස් හත්සීය හතළිස් පහක (6745) මුළු වියදම යටතේ කිලෝමීටර් අසූවක දුරක් සංවර්ධන කෙරේ.

පසුගිය යහපාලන රජය මෙම මාර්ග සඳහා කැබිනට් අනුමැතියකින් තොරව සංවර්ධන කටයුතු ආරම්භ කරන මුවාවෙන් මුල් ගල් තබා ඇතත් සංවර්ධන කටයුතු සිදුවී නොමැත.

මෙම අවස්ථාවට ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,හිටපු උතුරුමැද ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් මහතාඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

19,493 views

5 Comments to “යහපාලනය කැබිනට් අනුමැතිය නැතිව කල වැඩක් හෙලිවෙයි..”

  1. SL says:

    බෝඩ් ලෑල්ලට කීයද ?
    ඩුබායි වල high way හදල ඒවා රථවාහන වලට අරින කල් දන්නේ කොන්තරාත් කාරයයි ,අදාළ අමාත්‍යාශයේ නිලධාරිනුයි විතරයි .
    මේ වගේ කෝටි ගණන් වියදම් කරලා ,මහජන හමු තියල කරන බයිලා නැහැ
    බයිලත් නැහැ රටත් දියුණුවෙනවා ……………….ඒකට අපේ ඇමතියෝ.

    • LS says:

      ඒක තමයි නියම ගැහිල්ල. මොකෙක්වත් දන්නෙ නෑ. අපේ එහේ ඉන්න අය පොරවල් වෙලා උඩුබුරනව.

      • Dubai says:

        නමුත් ශ්‍රී ලංකාවේ සිටින දේශපාල යන් රට ඩුබායි මෙන් සාදනු ඇත පවසයි

  2. kamal says:

    නලින්දසිල්වා නොදන්න මියන්මාර් බේරාගැනිමේ මහමෙහෙයුම කිරිබත්ගොඩ හිමි
    පුතේ මියන්මාර් විනාශ වෙන්න ඉඩ දෙනවද. නැතිනම් කිම් ඉල්සුං වගේ නායකයෙක් ගෙනවද.නැතිනම් කපටි විදියට උද්ඝෝෂණ මෙහයවන අය අත්අඩංගුවට ගන්නවාද. උත්තරය ඒක තමා කපටි උද්ඝෝෂණ ඔක්කොම නවත්වන්න ඔනේ. හමුදා පාලනයක් ඇතිවුනොත් කවුද දිනන්නෙ නමුත් එය රහසක් නමුත් හමුදා පාලනයට වඩා හොද පාලනයක මේ ලොකේ නැ. මිට කිරිබත්ගොඩ හිමි.

  3. pramuka wijerathna says:

    hari dan ogollo wada karala pennanna ko

Main News