යහපාලනය ගෑවුන කෙනෙක් ජනාධිපතිරවණයට එන්න එපා..

September 10, 2019 at 8:02 am | lanka C news
යහපාලනය ගෑවුන කෙනෙක් ජනාධිපතිරවණයට එන්න එපා..

යහ පාලන “ආණ්ඩුව නියෝජනය කරන කිසිවෙකුට ළඟ එන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් ,එවැන්නෙක් ඉදිරිපත් වුවහොත් ජනතාව නිසි ප්‍රතිචාර දැක්වීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් ,විපක්‍ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය .

අද වන විට ජනතාව පත් ව සිටින්නේ එදි නෙදා ජීවත් වීමටවත් නොහැකි අර්බූදකාරී තැනකට යැයි කී ඒ මහතා ,මෙයට විසඳුම නම් ජන හිතකාමී ආණ්ඩුවක් ඉක්මනින් පිහිටුවා ගැනීම යැයි ද සඳහන් කළේය .

හෙට්ටිගේ මහතා මේ බව කීවේ ,දෙනියාය -කීරිවලගම ප්‍රදේශවාසීන්ගේ ආරාධනයෙන් සුහද හමුවකට සහභාගී වී ,රටේ වත්මන් දේශපාලන තත්වය ගැන අදහස් දක්වමිනි .

එහිදී ඒ මහතා මෙසේ ද කීය .

” මේ රටේ ජනතාව අද ජීවත් වෙන්නේ බොහෝ දුක් ගැහැට මැද .පොදු ජනයාට ආණ්ඩුවේ කිසිම තැනකින් සහනයක් ලැබෙන්නෙ නෑ .කියන්න කෙනෙක් නෑ.නිලධාරියෙකුට කීවත් විසඳුමක් ලැබෙන්නෙ නෑ .ඉහළ පෙළේ නායකයන්ට මිනිස්සුන්ගෙ දුක තේරුම් ගන්න බෑ .ඔවුන් සිටින්නෙ වෙනම ලෝකයක .ටයි කෝට් දාගත් ආණ්ඩුවේ පිරිසක් ඉංග්‍රීසි බස පාවිච්චි කරමින් හොරකම් කරනවා . තව පිරිසක් සුදු ඇඳුම් ඇඳ ගෙන කයිවාරු ගසමින් හොරකම් කරමින් කාලය ගෙවනවා .රට අනාරක්‍ෂිත වෙලා .මෙවැනි තත්වයක් මැද යහපාලනයේ කොටස් කරුවෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සදාචාරාත්මක අයිතියක් තියෙනවද ?2015 දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා යහ පාලකයන්ට බාර දුන්න රට අද කෝ ?

ගොඩ එන්න අමාරු තැනකට රට අද තල්ලු කරලා .මිනිස්සුන්ගෙ අතට එදා මුදල් ලැබුන සියලු ආර්ථික උල්පත් අද වන විට වැසී ගිහින් .ආණ්ඩුවේ අමන වැඩ නිසා අපේ සුලු අපනයන බෝග ටිකටත් විනාශය අත් වුණා . .සමහර උපාධි ධාරීන්ට ජීවත් වෙන්න කසිප්පු විකුනන්න සිදු වෙලා .එදා තිබුන රැකියා ටිකෙනුත් ලක්‍ෂ 5 කට පමණ රැකියා අහිමි වෙලා .තරුණයන්ගේ ප්‍රශ්න බරපතලයි .පොදු ජනයාගේ ප්‍රශ්න වලට පාලකයන්ගේ කිසිදු සංවේදී බවක් නෑ .

සමාජය හැම තැනම පිරිහී ගිහින් .සමාජ වටිනාකම් වලට තැනක් නෑ .බොහෝ දේශපාලකයන් ගැන ද අද ඇත්තේ ජනතාව තුළ අප්‍රසාදයක් .සමහරුන් ජනතා සිතුම් පැතුම් වලට ගැලපෙන විදියට වෙනස් වෙන්න උත්සාහ කරන්නේ නෑ .අහංකාරකම උද්දච්ච කම නැති කර ගන්න බලන්නේ නෑ .ඒ නිසා ඔවුන් තව තවත් පිරිහෙනවා .දේශපාලකයන් පොදු ජනයාගේ සිතුම් පැතුම් තේරුම් ගත යුතුයි .එසේ නැතිව වැඩ කරන්න යන කිසිවෙකුට පැවැත්මක් නැති බව යහපාලන ආණ්ඩුව ද ඔප්පු කර තිබෙනවා .ඒ අය දැන් ජනතාවගේ කෝපයට ලක් වෙලා .

මේ පාලනය වෙනස් වෙන්න ඕනෑ .මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කඳවුරෙන් ගෝඨාභය මහතා ජනාධිපතිවරණ තරඟ බිමට දැන් ඇවිත් තිබෙනවා .ජයග්‍රහණය ගැන සැකයක් නෑ .එතැන් සිට රටට යහපතක් උදා කෙරෙන ආණ්ඩුවක් නිර්මාණය වනු ඇතැයි ද හෙට්ටිගේ මහතා කීය .

– Khmedia

50 views

9 Comments to “යහපාලනය ගෑවුන කෙනෙක් ජනාධිපතිරවණයට එන්න එපා..”

  1. මහජනයා says:

    පසුගිය මහ මැතිවරණයෙන් එජාපය බහුතර ආසන සංඛ්යාුවක් දිනාගන 50% සඳහා අවශ්යඟ සුළු මන්ත්රී න් සංඛ්යා ව විපක්ෂයෙන් බිලිබා ගෙන (මුදල් හෝ ඇමතිකම්) ඉතා පහසුවෙන් එජාප රජයක් පිහිටුවීමට හැකියාව තිබිය දීත් සුළු පක්ෂ සමඟ ගනුදෙනු කරනවා වෙනුවට මහ පක්ෂය (ශ්රීපලනිපය) සමඟ රජයක් පිහිටුවා මහ ජාතිය එක්ව රට පාලනය කිරීමට ගත් උත්සාහය බිඳ වැටෙන්නේ 1956 බණ්ඩාරනායක කලාක් මෙන්ම ශ්රීයලනිප යෙන් පලුවක් ගලවාගන පොහොට්ටුව පිහිටුවීමෙනි. දෙගොල්ලම සමගි වී රටවෙනුවෙන් එක්සත්ව වැඩ කලානම් අද යහපාලනය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන් යුගයකි. අදටත් සමහර එජාප පාක්ෂිකයින් රනිල් ට බනිනිනේ එම යහපාලන ඇතිකලාටය. නමුත් රනිල් පක්ෂය වෙනුවට රට තෝරාගත් නායකයෙකි.

  2. දිසානායක says:

    “මහජනයා”. කියන කතාව ඇත්ත. අපි ප්‍රධාන ජාතිය හැටියට පක්ෂ වලට බෙදෙන්නේ නැතුව එකට වැඩ කළා නම් රටට ගොඩක් හොඳයි. ගොටභය මහත්තයා දිනුවත් මොන පක්ෂේ හිටියත් හොඳ අයට ඇමති තනතුරු දීලා සම්මුති වාදී ආණ්ඩුවක් හදන්න. මහ ජාතිය එකට ඉන්න. අවුරුදු 10 රට ගොඩනඟලා පස්සේ වෙන වෙනම ඔනෙතරන් චන්ද කරන්න. සිරිසේන වගේ මෝඩයෝ පක්ෂ වල වහල්ලු.

  3. Nadaal says:

    Seems like an intelligent gentleman. His analysis is perfect. V need more of these type of gentleman.

  4. senalika says:

    මේ මුසලයව මට පේන්න බැහැ

  5. චන්දිමානි says:

    ජාතික ආණ්ඩුව කියන අටමගලය අටවාගෙන රටට කරපු වින්නැහිය ආපස්සට ගන්න ඉතාම අමාරුයි. එජාපයේ හෝ ශ්‍රීලනිපයේ කවුරුන් හෝ වේවා මේ අටමගලයට සම්බන්ධ වෙලා රට වනසන තීන්දු තීරණ ගන්න සහාය දුන් සියළු දෙනාටම පැත්ත පාට නොබලා ඉදිරි මැතිවරණයේදී ගෙදර යවන්න ජනතාව සූදානම්.

  6. chandimani says:

    ජාතික ආණ්ඩුව කියන අටමගලය අටවාගෙන රටට කරපු වින්නැහිය ආපස්සට ගන්න ඉතාම අමාරුයි. එජාපයේ හෝ ශ්‍රීලනිපයේ කවුරුන් හෝ වේවා මේ අටමගලයට සම්බන්ධ වෙලා රට වනසන තීන්දු තීරණ ගන්න සහාය දුන් සියළු දෙනාටම පැත්ත පාට නොබලා ඉදිරි මැතිවරණයේදී ගෙදර යවන්න ජනතාව සූදානම්……

  7. Open mind says:

    මාත්රුකාව නිවැරදි යි.තව දශක කීපයකට එනම් ජනතාව සබුද්ධික වනතෙක්.

Main News