යහපාලනය ගෙන ඒම ගැන කණගාටු වෙනවා..- නගරාධිපතිනි රෝසි මාධ්‍ය කැදවා යහපාලනයට පලි ගහයි..[Video]

October 6, 2018 at 10:56 pm | lanka C news
යහපාලනය ගෙන ඒම ගැන කණගාටු වෙනවා..- නගරාධිපතිනි රෝසි මාධ්‍ය කැදවා යහපාලනයට පලි ගහයි..[Video]

යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කරන ලද කාන්තාවක් ලෙස අද තමන් ඒ ගැන කනගාටුවට පත් වන බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

කොළඹ නගර සභාවේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ඇය මේ බව කියා සිටියාය.

කොළඹ නගර සභා සීමාව තුළ කුණු කසල බැහැර කිරීම හෙට දිනයේ සිට නතර කිරීමට ද ඉඩ ඇති බවත් ඇය සඳහන් කරයි.

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව නගර සභාවේ කසළ බාර නොගැනීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව ද ඇය පවසයි.

කුවු ටොන් එකක් සදහා සංස්ථාවට ගෙවනු ලබන මුදල ඉහල දැමීම නිසා මෙම ගැටුම ඇති වී ඇති බව ද ඇය සඳහන් කරන්නීය.

විෂයභාර අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සම්බන්ධ කර ගැනීමට තමන් අවස්ථා කිහිපයකදීම උත්සාහ කලත් ඒ සඳහා අවස්ථාවක් නොලද බව පැවසීය.

155 views
Main News