යහපාලනය ගේන්න සමන් රත්නප‍්‍රිය විශාල මහන්සියක් දැරුවා.. ඔහු ඉල්ලන ඕනෑම දෙයක් දෙන්න රජය සූදානම්..- රාජිත ප‍්‍රසිද්ධියේ කියයි..

April 5, 2017 at 1:11 am | lanka C news
යහපාලනය ගේන්න සමන් රත්නප‍්‍රිය විශාල මහන්සියක් දැරුවා.. ඔහු ඉල්ලන  ඕනෑම දෙයක් දෙන්න රජය සූදානම්..- රාජිත ප‍්‍රසිද්ධියේ කියයි..

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික සැසිවාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“හෙද උපාධිධාරීන්ට රැකියා ලබාදීමට මම තීරණය කළා. රුපියල් සතවලට වඩා ගෞරවනීය සේවයක් හෙද නිලධාරීන්ගෙන් ඉටුවීම සදහා හෙද නිලධාරීන්ට උපාධිය ලබාදීම ඉතාම වැදගත්. ඔවුන් සදහා වෙනම වැටුප් තලයක් ද නිර්මාණය කරනවා. හෙද හෙදියන් 2000 ක් පුහුණූ කළ හැකි හෙද උපාධී පීඨයක් සහ හෙද නේවාසිකාගාරයක් ඉදිකිරිම සදහා අමත්‍ය මණ්ඩල අනුමැතිය අද (04) හිමි වුනා. උපාධි පීඨය ආරම්භ කරන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ ද සහයෝගයෙන්. හෙද නේවාසිකාගාරය මහල් 14 කින් යුක්තයි. එහි පිහිණුම් තටාක. කායවර්ධන මධ්‍යස්ථාන සියල්ලම ඇතුලත්. මහජන සෞඛ්‍ය හෙද නිලධාරී සේවයත් මම පසුගිය කාලයේ යළි ආරම්භ කළා.

පසුගිය රජය සමයේ දී මෙම පහසුකම් ඔබට ලැබුනේ නැහැ. අනෙක් හෙද වෘත්තීය සමිතිය කළේ හෙද හෙදියන් 3000 ක් විතර ගෙනල්ලා දේශණ පවත්වපු එක විතරයි. ජනාධිපති, සෞඛ්‍ය ඇමැති, මෙන්ම මම එම දේශණ වලට සහභාගි වුනා. ජනාධිපති මන්දිරයෙත් සෞඛ්‍ය අමාත්‍යවරු හිටියා. එම වෘත්තීය සමිතිය වැඩිකළ වැටුපට අතිකාල දීමනා නොලැබුන බව ප්‍රකාශ කරමින් වෘත්තීය සමිති අරගල දියත් කළා. අපි වැටුප් වැඩිවීමක් කළේ නැත්නම් වර්ජනයක් නැහැ. ප්‍රශ්ණය නිර්මාණය කළෙත් අපි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අය ආසයි වැඩවර්ජන කරන්න. මෙි 21 වන ශතවර්ෂයයි. සාකචිඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදා ගන්න පුළුවන්. වත්මන් රජය බිහි කිරීමට සමන් රත්නප්‍රිය මහතා විශාල කාර්යභාරයක් ඉටු කළා. එම නිසා ඔහුගේ වෘත්තීය සමිති ව්‍යාපාරය ඉල්ලන ඔීනෑම ඉල්ලීමක් ඉටු කිරීමට මම සුදානම්. රජය බිහි කිරීමට එකට කැප වුනේ නම් අයිතීන් ලබාගැනීමත් සිදුවිය යුත්තේ එකටයි. ස්වාමිීන් වහන්සේගේ හෙද සංගමය පසුගිය කාලයේ කළ වර්ජනය අසාර්ථක වැඩවර්ජනයක්. තිබුන නමත් නැතිකර ගත්තා.

වෛද්‍ය වෘත්තීය වගේ ගෞරවනීය වෘත්තියක් ලෙස හෙද සේවය පත් කළ යුතුයි. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට පත්වන විට විදේශීය ශිෂ්‍යත්ව ලැබුනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට පමණයි. ඇතැම් නිලධාරීන් ඇදුම් මාරුකර ගන්න විතරයි ලංකාවට ඇවිත් තිබුනේ. මම එම ක්‍රමවෙිදය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කළා. වර්තමානයේ සෑම ක්ෂේත්‍රයකම සෞඛ්‍ය සේවකයින්ට විදේශීය සංචාර හිමි වෙනවා. ලිං මැඩි හා දුපත් මානසිකත්වයෙන් සිටින අය තමයි ලංකාවෙි ඉන්නේ. මෙය ලෝකය නොවෙයි. ජාති, ආගම්, කුල ප්‍රශ්ණ ඇතිවී තිඛෙන්නෙත් දුපත් මානසිකත්වය හේතුවෙන්.

හෙද හෙදියන්ට උපාධිය ලබාදෙන විට වෛද්‍යවරුන් ඊට විරුද්ධ වුනා. ඒ වෛද්‍යවරුන්ගේ ලිංමැඩි මානසිකත්වයයි. තමන් වෛද්‍යවරයෙකු වුවත් තීක්ෂණ බුද්ධියක් නැහැ. වෛද්‍යවරු එංගලන්තයට ගොස් ඉගෙන ගත්තත් හෙද හෙදියන්ට එම රටේ තිඛෙන සමානාත්මතාවය ඔවුන් දන්නේ නැහැ. තමන්ට අවාසි නම් ඊට විරුද්ධ වෙනවා. වෛද්‍ය සහතික අරගෙන එංගලන්තයට ගොස් ශ්‍රී ලාංකිකයින්ට ඉගෙන ගන්න පුළුවන්. නමුත් එංගලන්තයේ වෛද්‍යවරයෙක් ලංකාවෙි පුහුණුවකට ආවොත් ඊට විරුද්ධ වෙනවා. අපේ ලංකාවෙි බොහෝ පිරිසක් එහෙමයි. ඇමරිකාෙවි පුරවැසිභාවය ලබාගන්න අපේ අය දගලනවා. නමුත් ඇමරිකානු ජාතිකයෙකුට ලංකාවෙ පුරවැසිභාවය දුන්නොත් විරෝධතා මතු කරනවා. මෙම ලිං මැඩි මානසිකත්වයෙන් ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම ඇති එකම අවස්ථාව තමයි විදේශ සංචාර ලබාදීම.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

37 views

3 Comments to “යහපාලනය ගේන්න සමන් රත්නප‍්‍රිය විශාල මහන්සියක් දැරුවා.. ඔහු ඉල්ලන ඕනෑම දෙයක් දෙන්න රජය සූදානම්..- රාජිත ප‍්‍රසිද්ධියේ කියයි..”

  1. Amda says:

    You can give him your wife

  2. BARCARDI says:

    These three men are three different idiots in three different levels. But one thing in common to them. They all need a new constitution to separate the country.

  3. sasi says:

    මූට සබන් කැල්ලක් දීපන් මුන හෝදන්න , තව බටර් කැල්ලක් දීපන් NGO කාරයන්න්ගේ ඩොලලර් දාල පස්ස පුරෝ ගන්න ,

Main News