යහපාලනය දෙදරවූ මෛත‍්‍රීගේ ප‍්‍රකාශය ගැන මහින්දගේ මතය මෙන්න..

October 14, 2016 at 9:50 am | lanka C news
යහපාලනය දෙදරවූ මෛත‍්‍රීගේ ප‍්‍රකාශය ගැන මහින්දගේ මතය මෙන්න..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පෙරේදි දිනයේ අල්ලස් කොමිසම, CID, FCID සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදහස් පල කරයි.

ඔහු සදහන් කරන්නේ එම ආයතන දේශපාලන අරමුණු මත ක්‍රියාකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නේ යයි ජනාධිපතිවරයා කල ප්‍රකාශය ගැන තමන් පුදුමයට පත්වෙන බවයි.

කල්ගත වී හෝ ජනාධිපතිවරයාට මෙය තේරුම් යැම වැදගත් යයිද හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටී.

18 views

13 Comments to “යහපාලනය දෙදරවූ මෛත‍්‍රීගේ ප‍්‍රකාශය ගැන මහින්දගේ මතය මෙන්න..”

  1. රිපෝටර් කොලුවා says:

    සිරිදාසගේ ඝර්ජනාව හෙවත් අදෝනාව

    බයිසිකලයේ නැගී හංදියට පැමිණි සිරිදාස, එය කාටත් පෙනෙන සේ කඩේ බිත්තියට හේත්තු කර කඩයට ගොඩවිය. සිරිදාස මහත් ආඩම්බරයෙන් පැද යන මේ බයිසිකලය අවුරුද්දකට එකහමාරකට පෙර ඔහුට ලැබුණු එකකි. එය කලින් අයිතිව තිබුනේ මහින්දරත්නට ය. සිරිදාස මෙම බයිසිකලය ලබා ගත්තේ රනිල් අප්පුගේ හා චන්ඩි අක්කාගේ උදව්වෙන් බව ගමේ කොයිකවුරුත් දන්නා වූ කාරනාවකි.

    බයිසිකලය ලැබුණු දා සිට සිරිදාස වැඩිපුර ගත කලේ පිට ගම් වලය. ඉඳහිට ගමට පැමිණෙන සිරිදාස කඩපිලේදී තමා ආගිය තැන් ගැන කියන්නේ මහත් උජාරුවෙනි. පිටගම් වලදී තමන්ව පිළිගන්නා ආකාරය ගැන මහා ඉහලින් වර්ණනා කරයි. වරක ඉහල ගමේ සුදු අත්තම්මා තමන්ගේ අතින් අල්ලාගෙන කතා කල ආකාරය ඔහු කියා පෑවෙ මහත් උජාරුවෙනි. ගමේ මිනිස්සු ඔහු ගැන එතරම් ගරුසරුවක් නොමැති වූ අතර, ඒ ගැන ඔහුගේ හිතේ කනස්සල්ලක් තිබුණු බව කතා බහෙන් පෙනුනි.

    මද වෙලාවකට පසු කඩෙන් එලියට පැමිණි සිරිදාස බිත්තියට හේත්තු කර තිබු තම බයිසිකලය නොමැති බව දැක වික්ෂිප්ත විය. කලබල වූ සිරිදාස මහත් ආවේගයෙන් එහෙ මෙහෙ දිව යන්නට විය. හන්දිය මැද සිටගත් සිරිදාස කාටත් ඇහෙන සේ මහා හඬින්…. ‘ එදා වෙච්ච සිද්ධිය ආයෙත් වෙන්න ඉඩ තියන්න එපා …. කවුද මගේ බයිසිකල ගත්තේ …. මම නරකයි කියන්න නම් එපා …එදා වෙච්ච සිද්දිය මෙතැන ආයෙත් වෙන්න ඉඩ තියන්න එපා ‘ යැයි මහා හඬින් පැවසීය. පෙනුමෙන් නොන්ජලයෙකු වූ සිරිදාස ගේ මෙම ඝර්ජනාව දෙස බැලුවේ මහත් විමතියෙනි. ඇඳසිටි සරම පැත්තකින් උස්සා ගත් සිරිදාස, පැත්තක් ඇදවුණු උරහිස කෙලින් කර, දබර ඇඟිල්ල ඔසවා රැස්ව සිටි පිරිස දෙස බැලුවේ මවා ගත් කෝපය දෙගුණ තෙගුණ කරමිනි.

    ‘මම නරක මිනිහා කියන්න එපා …..එදා වුනු සිද්ධිය ආයේ මෙතන වෙන්න දෙන්න එපා….මගේ බයිසිකලය ගත්ත එකා ආපහු දීපල්ලා ‘ යැයි ඝර්ජනා කරන සිරිදාස දැන් කඩපිලේ සිටින සියලුම දෙනාගේ අවධානය දිනා ඇත. දැන් සියලු දෙනාටම ඇති ප්‍රශ්නය නම් එදා සිරිදාසට වුවායැයි පවසන සිද්ධිය කුමක්ද යන්නයි.
    අද නම් සිරිදාස මෙතන හෙන ජංජාලයක් නටන බවත්, කීපදෙනෙකුට අත පය කඩා ගන්නට සිදු වෙන බවත් රැස්ව සිටි පිරිස අතර සිටි වැඩි දෙනෙකුගේ අදහස විය. මේ අතරේ සෙනග මැදින් ඉදිරිය පැමිණි රිපෝටර් කොලුවා ‘අනේ සිරිදාස අයියේ එදා උනේ මොකක්ද යි ‘ ඇසුවේ එය රැස්ව සිටි කාගේත් සිතේ ඇතිව තිබු එකම ප්‍රශ්නය එය වූ බැවිනි.
    කොලුවා දෙස එක එල්ලේ බැලූ සිරිදාස, එතෙක් කරමින් සිටි ඝර්ජනාව නවතා ඉහලට ඔසවා තිබු සරමද පහත හෙලා දණින් වැටි …බිම ඔලුව ගසා ගනිමින් මහා හඬින් වැලපෙමින් … ‘එදත් උනේ මේකමයි මල්ලියේ …මගේ බයිසිකලය මොකෙක්දෝ එකක් අරන් ගිහින් තිබ්බා …මම කොච්චර විලාප දුන්නත් ආයෙත් මට ලැබුනේ නෑ…. එදත් උනේ මම විලාපු දුන්නු එක විතරයි ‘ කියමින් අදෝනා නැගීය.

Main News