යහපාලනය නිමයි… ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..

July 15, 2017 at 10:40 am | lanka C news
යහපාලනය නිමයි… ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් 18 දෙනකු සැප්තැම්බර් මාසයේ ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට ගෙන ඇති තීරණය වෙනස් කිරීම සලකා බැලීමට එම කණ්ඩායම ජනාධිපතිවරයා වෙත කොන්දේසි දෙකක් ඉදිරිපත් කිරීමට යයි.

ආණ්ඩුවෙන් ඉවත් වීමට යන එම කණ්ඩායමේ මුල්පෙළ සිටින පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් කීවේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් තම කණ්ඩායමට විපක්ෂයේ අසුන් ගැනීමට ජනාධිපතිවරයා අවසරය ලබාදිය යුතු බවයි. කොන්දේසි වශයෙන් ඉදිරිපත් කරන මේ ඉල්ලීම් දෙක ඉටු නොවන්නේ නම් ස්ථීර වශයෙන්ම මේ කණ්ඩායම සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර විපක්ෂයේ අසුන් ගන්නා බව අරුන්දික ප්‍රනාන්දු මහතා සහතික කෙළේය.

මේ තීරණය ගැනීමට පෙර තම කණ්ඩායමේ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටින බවත් එම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගි කරවන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දීමක් කරන බවත් නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා පැවැසීය.

පසුගිය බදාදා (12දා) ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලනිප ඇමැතිවරුන් ඇතුළු පිරිස හමු වී කළ සාකච්ඡාවේදී තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගන්නා බවට කළ දැනුම්දීමේදී දෙසැම්බර් මාසය දක්වා එය කල් දමන ලෙසට ඉල්ලීමක් කළත් ඒතරම් කාලයක් ආණ්ඩුවේ රැඳී සිටීමට අපේක්ෂාවක් නැති බව පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා ජනාධිපති හා අගමැති සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදුන්නොත් ඊළඟ තීන්දු ගැන සලකා බැලීමට හැකිවනු ඇතැයි කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරන්නැයි ඔබලා කියනවා නම් එයට විකල්පය කුමක්දැයි ඇසූ විට කීවේ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වශයෙන් පත් කිරීමට තම කණ්ඩායම මෙන්ම රටේ බහුතර ජනතාවද කැමැති බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වන්නට යන්නේ කවුරුන් දැයි නම් වශයෙන් සඳහන් කළ හැකි දැයි නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් ඉරිදා ‘මව්බිම’ ඇසූ විට කීවේ, එහෙනම් මගේ නම ඉස්සෙල්ලාම ලියාගන්නැයි කියමින් ‘අරුන්දික ප්‍රනාන්දු’ යනුවෙන් නම සඳහන් කරමින් සෙසු අයගේ නම් සඳහන් කරමින් ටී.බී. ඒකනායක, නිමල් ලාන්සා, ඩුලිප් විජේසේකර, සුමේධා ජයසේන, සුසන්ත පුංචිනිලමේ, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, පියංකර ජයරත්න, සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්. ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එල්.එම්. හිස්බුල්ලාහ් ආණ්ඩුවෙන් ස්ථිර වශයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව කීය.

මේ පිරිස සංඛ්‍යාත්මක වශයෙන් 14ක් වන බව පෙන්වාදුන් විට නියෝජ්‍ය ඇමැතිවරයා කීවේ, ඔව්, තවත් අය ඉන්නවා. ඒ අයගේ නම් ටිකත් මම කියන්නම් යැයි පවසමින් කෑගල්ල, මධ්‍යම හා උෟව පළාත් වල මන්ත්‍රිවරුන් තිදෙනකුගේද නම් සඳහන් කරමින් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රිවරයකුත්, නැඟෙනහිර පළාත නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රිවරයකුත් විපක්ෂයේ අසුන් ගැනීමට කැමැත්ත පළකර තිබෙන බවද කීවේය.

මෙයට අමතරව ශ්‍රී ලනිපය නියෝජනය කරන පසුපෙළ මන්ත්‍රිවරුන් කීප දෙනකුද එජාපය නියෝජනය කරන මන්ත්‍රිවරුන් කීපදෙනකු මේ කණ්ඩායම සමඟ සාකච්ඡා කරමින් සිටින බව නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

– මව්බිම

157 views

24 Comments to “යහපාලනය නිමයි… ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් මෙන්න..”

  1. Chandrasena Pandithage says:

    Do not trust these people. Trust only people who stand with patriotism.

    • ලංකා ලොජික් says:

      UNP යහපාලනට එක්වුණු ශ්‍රීලංකා කස්ටිය නැව පෙරලෙන බව දැනගෙන අනික් පැත්තට මාරු වෙන්න යනවා. හරියට නිකන් යුද්දේ පැරදෙන්න කිට්ටු වුනාම කොටි සාමාජිකයින් හමුදාවට බාර වුනා වගේ.

      හැබැයි ඉතින් ගෝඨාභය මහතා ඒ කොටිසාමජිකයින් හමුදාවට බදවා ගත්තේ නෑ.
      පුනරුත්ථාපනය කළා පමණයි. අන්න එහෙමයි යුද්දේ දිනුවේ.

      ගෝඨාභය හිටියේ නැත්නම් කොටින්ව හමුදාවට බදවගෙන මහින්ද අම්බානකට කනවා නියතයි.

      • sanidu sooriarachchi says:

        exactly correct.

      • Amda says:

        so true

      • ඇටම් බොම් says:

        යුද්දේ පරදෙන්න කිට්ටු වුනාම තවත් දෙයක් වුනා………
        මරණයට බය වෙච්ච කොටි නායක සුසෙයි මෙහෙම යෝජනාවක් ගෙනාවා……….
        කොටි නායක කමෙන් වැඩ බැරි ප්‍රභාකරන්ව පන්නලා ඒ වෙනුවට කොටි නායක කම ගෝඨාභයට පවරන්නම්……. කොටින් වෙනුවෙන් දිගටම සටන කරගෙන යන්න පුලුවන්ද ඇහුවා.
        ගෝඨාභයට එක හෙලාම ඒ ඉල්ලීමට පයින් ගහලා සටන ජයග්‍රහණය කරා මෙහෙයවූවා.
        ඔන්න ඔහොමයි යුද්ධය දින්නේ……….. හොද වෙලාවට ඔය ඉල්ලීම මහින්දට නොකලේ 🙂

        • nilu says:

          May I say you “Gedara Gihilla Kelapan”? 🙂

        • ගිරවා says:

          මේ යහපාලනයක් නොවේ යමපාලනයක් ..නමුත් ආණ්ඩුවෙන් එළියට බහින ශ්‍රීලනිප ප්‍රබලයන් විශ්වාස කල නොහැකි පිරිසක් …ඔවුන් රට ජාතියට කලේ සතුරුකමක් , සතුරන්ට සහයදී…
          නායකයකු කියන්නේ එක එකා ගහන පදවලට නටනා එකෙකු නොව, තමන්ගේ පදයට අනෙක් උන් නටවන්න පුළුවන් කෙනෙකුටය
          එහෙත් ජනවාරි 8 2015 අපේ රටේ අවාසනාවට මේ රටට කොන්දක් නැති පුද්ගලයක් නායකයා විය මේ කවුද​? සරලම උත්තරේ මේ වසලයෙක් .පාවාදෙන්නෙක් කපටියෙක් …ආව දා ඉඳලා අපේ රට අගදයේ .. ස්වභාවධර්මය වනසමින් මුස්ලිම් කොළණි හදමින් උතුරේ කොටි ත්‍රස්තවාදීන්ට පන දෙමින් මේ යමපාලනය යන්නේ කොහෙද ? සිරිසේන අපේ රටට කරන්නේ විනාශයක් …තිත්ත ඇත්ත මෙයයි…..මේ යතාර්ථය තේරුම් ගෙන කරබාගෙන නොසිට සිංහලයෙනි අපේ රට ජාතිය ආගම රැක ගැනීමට එක්වෙයව්
          මේ රටට කොන්දක් ඇති නායකයකු අවශ්‍යයි

    • Amda says:

      සහතිකවම.

      දැන් ඉතින් ගිලෙන නැවෙන් පනිනවා මීයො වගේ.
      කලින් ආන්ඩුවෙනුත් කාලා, මේ ආන්ඩුවෙනුත් කාලා…ඊලඟ ආන්ඩුවෙනුත් කන්න??

      මීට හොඳයි.. විශ්වාස කරන්න පුලුවන්, මහින්ද එක්ක හැමදාම හිටපු ..පලාත් මට්ටමේ නියෝජිතයන් උඩට ගන්න.

  2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විතරක් නෙමේ ආයුබෝවන් යුඇන්පියෙත් කළකිරුණු අවංක දේශපාලනකයෝ විශාල පිරිසක් ඉන්නවා විපක්ෂයේ අසුන් ගැනීමට

  3. තව මාස 06ක් මුං යටතේ රට තිබුනොත් වැසිකිලි යාමටත් බදු නමයි. වරෙවි වරෙවි වරදාන වරප්‍රසාද අත්හැර දා වරෙවි වරෙවි. ඒකිය රට අමු අමුවේ කඩාබිද දා මිනිවලවල් කපන අසුචී පාලනය අත්හැර වරෙවි වරෙවි වරෙවි

  4. අනුර අප්‍රියදර්ශනත් ඉන්නවා නේද ඕයි?

  5. Mahinda sulanga says:

    Me kaalakanni ralata aaith ahuwenawada kiyala janathaawa teeranaya karanna oona. mun nisaa tamai mahinda rajapaksha paradune. mun kotinta wadiya hapan deesha paaluwo. kuhakayo

  6. Norata Eka says:

    කිය කිය ඉන්නෙ, බහිනවකො, මුන්ට කොන්දක් නෑ ඒක කරන්න, මේ තව සැප සම්පත් ඉල්ලන උත්සාහයක් විතරයි….

  7. සිංහල බන්ඩා says:

    දැන් නම් ජනතාවට ‘යහපාලනය’ තිත්තම වෙලා. මැතිවරනෙට කල් තියා ‘යහපාලනයෙන්’ එලියට අාවොත් මුන් ටික ගොඩ. පහු උනොත් ඉතින් චන්දෙදි කපුට්ස් තමය්.

  8. Chapa says:

    api hithanne naeha janadipathithuma kata agamaethikama dunnath mahindata dei kiyala,mahinda maethithunam ethuma laga danin waetila agamathikama illanawa wenna puluwan,

  9. මේ අපායෙන් රට ගොඩගන්න නම් නැවත මහින්දට බලය ලබාදිය යුතුමයි නැත්නම් ලංකාව තුන්වෙනි ලෝකේ නොදියුනුම රට බවට 2020 දී පත්වෙනවා

  10. deshapremiya says:

    Mun aanduwa prana apayata arang kappam illanna hadanne. Thawa waraprasada tikak wadi karanawai kiuwama yanawa thiya hithana ekakuth naha. Maha awasthawadiyo.

Main News