යහපාලනය නිසා ජනතාව දුම්පානය 48% කින් අඩුවෙලා..

April 14, 2017 at 7:08 am | lanka C news
යහපාලනය නිසා ජනතාව දුම්පානය 48% කින් අඩුවෙලා..

රෝගීන්ගේ ඩි.එන්.ඒ පරික්ෂා කර බලා ඒ අනුව ඖෂධ නියම කිරීමෙි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට තමන් අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ පිළිබදව ඇමරිකාවෙි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පර්යේෂණ සිදුකර ඇති අතර, එම පර්යේෂණවල ප්‍රගතිය මත මෙම වැඩපිළිවෙල රෝහල්වල දියත් කිරීමට අනුමැතිය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

ඒ අනුව පිළිකා රෝගීන් සදහා පළමුව එම ප්‍රතිකාර ක්‍රමය ආරම්භ කිරීමට නියමිතය. එම ප්‍රතිකාර ක්‍රමය මගින් පිළිකා රෝගීන්ට ජීවත්විය හැකි කාලය සියයට 84 දක්වා වැඩි කිරිම තම අපේක්ෂාව බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

තෙල්දෙනිය මුලික රෝහලේ පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“සෞඛ්‍ය සේවාවට මොනවද කළේ කියලා ඇතැම් අය අපෙන් අහනවා. රුපියල් සත වලින් නොවෙයි අපි කරපු ක්‍රීයාකාරකම් ගැන කථා කරන්නේ. එය මෛත්‍රි පාලනයේ ලක්ෂණයක්. ජනතාවට පුර්ණ නිදහස ලබා දී තිඛෙනවා. සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමටත් ඇතැම් අය උත්සාහ කරනවා. ඒ මුදල් මත බැදුනු පුද්ගලයින්. එම කඩාකප්පල්කාරීන් පරාජය කර සෞඛ්‍ය සේවාව නංවාලිය යුතුයි. සෞඛ්‍ය සේවාව මුහුණ දී ඇති ප්‍රබලම අභියෝගය තමයි බෝනොවන රෝග පාලනය කිරීම. එහිදී දුම්බීම අවම කිරිම ප්‍රධානයි. දුම්බීමෙන් වාර්ෂිකව 25,000 ක් මිය යනවා. දුම්බීමෙන් තොර ශ්‍රී ලංකාවක් ආරම්භ කිරීමෙි සටන වත්මන් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිය දී ආරම්භ කළා. නමුත් හිටපු ජනාධිපතිවරයා සිටියේ දුම්කොල සමාගම් පැත්තේ. නමුත් යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී තිඛෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් අපේ එම ප්‍රතිපත්තියට අනුගත වී සිටිනවා. එය හොදයි. මම එම මන්ත්‍රීවරයාට ප්‍රකාශ කළා දුම්පානය අඩු කිරීමෙි ප්‍රතිපත්තියට අනුගතවීම ඉතා හොද ලක්ෂණයක් බව.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

40 views

15 Comments to “යහපාලනය නිසා ජනතාව දුම්පානය 48% කින් අඩුවෙලා..”

  1. Vimarshana says:

    “සෞඛ්‍ය සේවාවට මොනවද කළේ කියලා ඇතැම් අය අපෙන් අහනවා”.

    කල්කුඩාහි මත්පැන් නිෂ්පාදනාගාරයක් ඇරඹීම සඳහා අනුග්‍රහය ලබාදීම.
    රජය සතු වී තොග මත්පැන් නිපදවීමසඳහා කුණු කොල්ලයට විකුණා එමගින් කෘතීම හාල් හිඟයක් ඇතිවීමට ඉඩ සලසා, වී ගොවීන්ගෙන් අඩු මුදලකට ගත් වී වලින් අධික ලාභයක් උපයා ජනතාව ගසා කෑමට ජනාධිපතිගේ සහෝදරයා ඇතුළු වී මෝල් හිමියන්ට අවස්තාව උදා කර දීම.
    බියර් නිෂ්පාදකයන් හට බදු සහන දීම.

    මතට තිතද ? තිතට මතද?

Main News