යහපාලනය නොතේරෙන පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා.. දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අය හෙලි කරනවා..

December 8, 2016 at 5:30 pm | lanka C news
යහපාලනය නොතේරෙන පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා.. දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අය හෙලි කරනවා..

මහා පරිමාණ දුෂණ වංචා සෙවීමෙි පරීක්ෂණවලට බාධා කරන පුද්ගලයින්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. මෙි පිළිබදව තමන් අමාත්‍ය මණ්ඩලය ද දැනුවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

දුප්පත් දරුවන් 600 කට පාසල් උපකරණ ඛෙදාදීම සදහා අලුත්ගම ධර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ පසුගියදා පැවැති උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එචි.එම්.එම් රූමි මහතාගේ පවුලේ පිරිසගේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම පාසල් උපකරණ ඛෙදා දීම සිදු කරන ලදි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

‘මුස්ලිම් ජනතාව පෙර කාලයේ අධ්‍යාපනය හැදෑරීමට වඩා වෙළෙදාමට ඉතාම දක්ෂයි. නමුත් මෙම සත් කාර්යට දායකත්වය දක්වන රූමි මහතාගේ පවුලේ අය ව්‍යාපාරවලට මෙන්ම අධ්‍යාපනයටත් මූලිකත්වය ලබාදුන්නා. පැවැති ක්‍රමය වෙනස් කිරීමෙි සටනට මම සමග දායකත්වය දැක්වූවා.

වර්තමානයේ රැකියා ප්‍රශ්නයක් තිඛෙනවා. වෙළෙදපොලට අවශ්‍ය ප්‍රමාණයට කලා උපාධිධාරීන් බිහි වෙනවා. සැළැස්මක් නැහැ. කලා විෂයට දරුවන් යොමු වන්නේ ගම්බද පාසල්වල තාක්ෂණාගාර සහ විද්‍යාගාර පහසුකම් අවම වීම නිසායි. එවිට රැකියා විරහිත උපාධිධාරින් රටට බිහි වෙනවා. පාසලේ දී හෝ කාර්මික අධ්‍යාපනයට යොමු කළ යුතුයි. මම ඉදිකිරීම් හා ඉංජිනේරු අමාත්‍යවරයාව සිටි කාලයේ NVQ ක්‍රමය ඔස්සේ රැකියා අවස්ථා නිර්මාණය කළා. ශ්‍රී ලංකාෙවි පවත්වන සාමාන්‍යපෙළ හෝ උසස්පෙළ විභාගය ලන්ඩන් නුවර පිළිගන්නේ නැහැ. නමුත් NVQ ක්‍රමය මුළු ලෝකයම පිළිගන්නවා. මෙම ක්‍රමය ලංකාෙවි ආරම්භ කර තාක්ෂණ විශ්ව වද්‍යාලයක් පවා ස්ථාපිත කළා. බොහෝ විද්‍යාඥයින්ට කොල කැබැලිවල සුදුසුකම් නැහැ. අධ්‍යාපනය කියන්නේ පොතපතෙන් ලබන සුදුසුකම පමණක් නොවෙයි. එහෙම වුනාම තමයි දේශපාලන පක්ෂවලට බැදිලා සරසවි සිසුන් උද්ඝෝෂණය කරන්නේ. තමන්ට අනාගතයක් තිබෙි නම් එවැනි උද්ඝෝෂණවලට යන්නේ නැහැ. විශ්ව විද්‍යාලවල මෙම තත්ත්වය උදාවී තිඛෙන්නේ අධ්‍යාපනයේ වැරැද්ද නිසයි. එම නිසයි අපි යහපාලන රජය බිහි කළේ. හැබැයි අපේ රජය යටතේ ද යහපාලනය නොතේරෙන පිරිසකුත් ඉන්නවා’

මෙම උත්සවයේ දී අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමට ගත් පියවර අගය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරුනි. ධර්ගා නගරයේ අඹගහහන්දිය විහාරස්ථානය සංවර්ධනය කිරීම සදහා මූල්‍ය ප්‍රතිපාදන ද ලබාදෙන ලදි.

– නිපුන් ඒකනායක

0 views

2 Comments to “යහපාලනය නොතේරෙන පිරිසක් ආණ්ඩුවේ ඉන්නවා.. දුෂණ වංචා පරීක්ෂණවලට බාධා කරන අය හෙලි කරනවා..”

  1. මොනරා says:

    බල්ලෝ තෝ තමා ඩීල් දා ගෙන ඉන්න එකා

  2. pura vasiya says:

    රාජිත ඇමතිතුමා,අර එකොළොස් වතාවක් අල්ලස් කොමිසම මග හැරපු මහ හොරාවත් ඔය ගමන්ම හෙලි කරන්න.ඌ හැමදාම සරම ඇඳන් ඔලුවෙන් හිටගන්නව.

Main News