යහපාලනය නොවෙයි සල්ලාලපාලනයි.. 2020ට කලින් පන්නා දැමිය යුතුයි..

July 3, 2017 at 12:00 pm | lanka C news
යහපාලනය නොවෙයි සල්ලාලපාලනයි.. 2020ට කලින් පන්නා දැමිය යුතුයි..

රට විනාශ වීමට ප‍්‍රථම නව පාලනයක් පෙරට ආ යුතු බවත් 2020 තෙක් බලා හිටියොත් මේ රටේ අනාගතය ලිවීමට විපක්‍ෂයේ කිසිදු දේශපාලන නායකයකු ඉතිරි නොවන බවත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මහතා පෙන්වා දෙයි.

මහනුවර තැපැල් ශ‍්‍රවණාගාරයේ පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත‍්‍රණය අමතමින් ඒ මහතා මෙසේ පැවසීය.

‘යහපාලනය – යමපාලනය – සල්ලාලපාලනය’

‘‘රට ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටින නිසයි මෙවැනි සම්මන්ත‍්‍රණ මාලාවක් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලැබුවේ. 2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ අපි දැක්කේ ‘දින 100 ආණ්ඩුවක්’. ‘දින 100න් අලුත් රටක් හදනවා’ කියලයි මේ අය පාරම්බෑවේ. නමුත් අලුත් රටක් හැදුනද? නැහැ. මෙය අය ‘යහපාලනයක්’ නොවෙයි ‘යමපාලනයක් බවට පත් වුණා. දැන් අවුරුදු දෙකහමාරක් ගෙවෙන විට යමපාලනය, සල්ලාල පාලනයක් බවට පත් වෙලා.

යහපාලනය යටතේ ‘නීතිය සුරකිනවා. සාමය, සමගිය, සංහිඳියාව ඇති කරනවා. ආර්ථිකය හදනවා’ කියලයි කිව්වේ. දැන් ජනතාවට තිබුණු දේත් නැති වෙලා. අද සාමය තිබෙනවාද? ජාතීන් අතර ගැටුම් හදන මේ ආණ්ඩුව තිබූ සාමයත් ජනතාවට අහිමි කොට තිබෙනවා. සාමය, සමගිය, සංහිඳියාව මේ ආණ්ඩුව කියපු විදියට හැදුවේ නැහැ. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ජනතාවට ආර්ථික නිදහස ලැබුණාද? නැහැ. අද ජනතාව වේලක් කාලා, වේලක් නොකා ඉන්න තත්ත්වයක් ඇති වී තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ නීතියේ ආධිපත්‍යය අද තිබෙනවාද? නැහැ. තමන්ට එරෙහි දේශපාලන පක්‍ෂ නායකයන් සිරගත කරන්න මේ ආණ්ඩුව නීතිය තමන්ට ඕන විදියට නමමින් ඉන්නවා. අපේ පක්‍ෂයේ නායක, විමල් වීරවංශ, ඒකාබද්ධ විපක්‍ෂයේ නාමල් රාජපක්‍ෂ, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වැනි මන්ත‍්‍රීතුමන්ලා සිරගත කළේ නීතිය තමන්ට ඕනෑ විදියට භාවිතා කරමිනුයි. විපක්‍ෂයේ දේශපාලන නායකයන් දඩයම් කරලා තමන්ට එරෙහිව එන ජන සටන පොඩිපට්ටම් කරන්නයි අද මේ ආණ්ඩුව හදන්නේ.

‘තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ ගැන කතා කරපු මේ ආණ්ඩුව අද තමන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් පාරට බහින ශිෂ්‍යයන්ට පහර දෙනවා. වර්ජනවල නිරත වන සේවක පිරිස් මර්දනය කරනවා. අද වන විට අලුතින් නීති ගෙනවිත් හෝ තමන්ගේ පාලනයට එරෙහි වන පිරිස් නිහඬ කරමින් රටට හානිකර ගමනකයි මේ ආණ්ඩුව යමින් ඉන්නේ. යහපාලනය සල්ලාල පාලනය තෙක් පෙරට ඇවිත් අද රට වනසමින් සිටිනවා. මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට යාමට ඉඩ දීම රටට, ජනතාවට හානිකරයි.

‘2020 තෙක් ඉවසාගෙන ඉන්න
පුළුවන්ද?

දැන් 2020 හැදෙන නායකයෝ බුරුතු පිටින් ඉන්නවා. නමුත් මේ තත්ත්වය හමුවේ 2020 තෙක් ඉවසා ගෙන, නිහඬව ඉනන පුළුවන්ද? සල්ලාල ආණ්ඩුවක සල්ලාල නායකයන් යටතේ අපට 2020 තෙක් නිහඬව බලා ඉන්න පුළුවන්ද? දැනටමත් ඇමෙරිකාවට, ඉන්දියාවට අවශ්‍ය මේ රට කැබැලි කරන නව ව්‍යවස්ථාවක් හැදෙමින් තිබෙනවා. මේ සල්ලාල පාලනය වෙනස් කරන්න 2020 තෙක් බලා ගෙන හිටියොත් අපට ඉතිරි වෙන්නේ කැබලිකරණය කරන ලද බෙදුණු රටක්. ඒ වගේම 2020 වන විට ආර්ථික වශයෙන් බෙලහීන වූ, අලූත් දෙයක් උත්පාදනය කිරීමේ කිසිදු හැකියාවක් නොමැති රටක් තමයි අපට ඉතිරි වන්නේ.

‘ජනතාව ඉල්ලා සිටින වෙනස’

අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාවේ මහ නාහිමි ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා මේ ආණ්ඩුව පිළිබඳ නිවේදනයක් නිකුක් කළා. මේ රටේ සබුද්ධික ජනතාවට තේරුම් ගන්න. එවැනි නිවේදන නිකුත් වන්නේ තීරණාත්මක අවස්ථාවන්වලයි. ඒ තමයි අද මේ රට පත්වෙලා තිබෙන තැන. මේ සල්ලාල පාලනය අද ඔප්පු කර පෙන්වා අවසන් ‘අපිට කිසිවක් කළ නොහැක’ කියා. අද මේ රටේ විපක්‍ෂයේ දේශපාලන නායකයන්ට වගකීම තිබෙනවා, ජනතාව ඉල්ලා සිටින ‘වෙනසට’ නායකත්වය දීමට.

මේ රට විනාශ වෙන්න කලින් අලුත් නායකත්වයක් 2020ට කලින් පෙරට ආ යුතුයි. එහෙම නැතිව 2020 වන තෙක් බලා හිටියොත් මේ රටේ අනාගතය ලියන්න විපක්‍ෂයේ කිසිදු නායකයකු ඉතිරි වන්නේ නැහැ. 2020ට අලුත් නායකයො ඕනෙ වෙන්නෙ නැහැ. විනාශ වුණු රටකට මොකටද නායකයො? මේ රටට සිදු වන විනාශය වළක්වන්න ජනතාව එක තැනකට ගෙන එන්න ඕනෙ. යහපාලනයේ නාමයෙන් ආපු සල්ලාල පාලනයේ ගමන අවසාන කරන්න පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලනවා.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

33 views

5 Comments to “යහපාලනය නොවෙයි සල්ලාලපාලනයි.. 2020ට කලින් පන්නා දැමිය යුතුයි..”

  1. Chapa says:

    ubala awoth etath eha

  2. WELL SAID as always PLEASE SAVE OUR COUNTRY SOOOOOOOOOOOOON with the Maha Sangha & the patriotic PUBLIC!

  3. Daham says:

    අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාවේ මහ නාහිමි ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා බණ්ඩාරනායක අගමැතිතුමාව 1958 දී වෙඩි තබා ඝාතනය කල තල්දුවේ සෝමාරාම සහ ඔහුට උදව් කල මාපිටිගම බුද්ධරක්ඛිත ට සමාන කල හැක.

  4. Bindu says:

    Chapa kiyanne vesaviyakage lamayekda?

  5. M de silva says:

    Chapaa Champa, Daham – all are in one rotten basket .I think they are traitors.

Main News