යහපාලනය පජාත වෙලා බලු වෙලා කුජීත වෙලා..- එජාප මන්ත්‍රී බුද්ධික පතිරණ
August 5, 2017 at 10:40 am | lanka C news
‘ඉදිරි වසර ටික අවසන් වන්නට පෙර යහපාලනය කියන වචනයට වෙනත් වචන සොයා ගැනීමට සිදුවෙනවා. එසේ නොවුණ හොත් යහපාලනය යන වචනය තවත් පහත් තත්ත්වයකට වැටෙනවා. දැන් යහපාලනය කියන වචනය පජාත වෙලා, බලු වෙලා, කුජීත වෙලා තියෙන තත්ත්වයක් ඇතිවෙලා. අද මාතර දිස්ත්‍රික්කයේ හන්දියක් හන්දියක් ගානේ හොර අරක්කු වැහි වැහැලා. අපේ ආණ්ඩුවට යහපාලන ආණ්ඩුවට ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. මෙහෙම ගියොත් යහපාලන ආණ්ඩුවට කියන්න වෙන වචනයක් සොයා දෙන්න වෙනවා’
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඒ අදහස් ප්‍රකාශ කළේ අකුරැස්ස මහා විද්‍යාලයේ පැවති දහම් පාසල් ළමුන්ට ඩෙස් පුටු ලබාදීමේ උත්සවයකදීය. එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හා බුද්ධශාසන අමාත්‍ය විඡේදාස රාජපක්ෂ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා,
‘මේ අවුරුදු හතර ඉවර වෙනකොට යහපාලනය කියන එකට හොඳ සිංහල වචනයක් හොයලා දෙන්න වෙයි. මොකද යහපාලනය කියන වචනයේ ගෞරවය රැකදෙන්න ඕන නිසා. අධිකරණ කිහිපයක විනිසුරුවරුන් මේ හැලි අරක්කු කසිප්පු ඇල්ලීම පිළිබඳව පොලිසියට අයිතියක් නැත කියලා තීන්දුවක් දීලා තියෙනවා. සමාවෙන්න. මම මෙහෙම කිව්වට. විනිශ්චයකාරවරු කියන්නෙත් නීතිඥවරු කියන්නෙත් පෘතග්ජන මිනිස්සු අපේ හාමුදුරුවනේ. සෝවාන් සකෘදාගාමි අනාගාමි වෙනකම්ම සියලු දෙනා පෘතග්ජන මිනිස්සු. ගාල්ලේ මේ නීතිය නෑ. කළුතරත් මේක නෙමෙයි තත්ත්වය. මාතර මෙහෙම දුන්න තීන්දුවක් නිසා අද පොලිසියට නොහැකි වෙලා තියෙනවා මාතර දිස්ත්‍රික්කයේ තියෙන නීති විරෝධී මත් වතුර වැටලීම් කරන්න. සුරාබදු දෙපාර්තමේන්තුවට පමණයි මේක කරන්න පුළුවන් කියන තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. අවාසනාවකට සුරාබදු දෙපාර්තමේන්තුවෙත් මාතර දිස්ත්‍රික්කයට ඉන්නේ 16 දෙනයි. ඒකෙනුත් මේ ක්රියාවේ යෙදෙන්න පුළුවන් 09 දෙනාටයි. මම අහනවා සාමාන්‍යයෙන් පොලිස් බලප්රදේශයක 20 ක් 30 ක් ඉඳලත් කරන්න බැරි එකේ දිස්ත්‍රික්කයකටම සුරාබදු නිලධාරීන් 16 ක් 09 ක් ඉඳලා කරන්නේ කොහොමද කියලා. දැන් හන්දියක් හන්දියක් ගානේ හොර අරක්කු වැහි වැහැලා. මේක අපේ ආණ්ඩුවට නම් එච්චර හොඳ නැහැ’
– දිවයින
surameraya majja pamadattana kiyanne hora arakko pamanak noweyi.
Me yahapalanaya pajatha, kujitha saha balu wenabawa apinam janawary 9 wenida indalama danegena hitiya.
පජාත වෙලා, බලු වෙලා, කුජීත වෙලා තියෙන තත්ත්වයක් ඇතිවෙලා නම් තොපි ඔක්කොම හැඳි ගෑවිලා පලයන් අපේ රටේ නිදහසේ අපිට ඉන්න දීල
Eta passe sudo sudi MRA palanaya denna neda…..hari shoi ane..
Thope jadapalane pajatha wela nam mona magulakatada thawath eke lagagena inne .
Umba oya karana wade hariyata umbe ganita “gonnek” kiyal bana bana thawath ekith ekkama deega kanawa wage wadak ne yako.