යහපාලනය පරාද කිරීම ගැන අද ජනතාව දුක් වෙනවා..

October 5, 2021 at 12:40 pm | lanka C news
යහපාලනය පරාද කිරීම ගැන අද ජනතාව දුක් වෙනවා..

යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම ගැන අද ජනතාව දුක් වන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි.

ආණ්ඩුව පැවැති කාලයේ ජනතාවක් හොඳට කාලා ඇඳලා ජීවත් වූ බවත් සෞභාග්‍ය දැක්මේ ප්‍රතිඵල ජනතාවට විඳින්නට සිදුව ඇති බව ඔහු පවසයි.

මාස තුනක පමණ කාලයක් තිස්සේ ගෑස් සහ කිරිපිටි ප්‍රශ්නයට විසඳුමක් දීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත් අද වන විට සිමෙන්ති සැපයුමද ගැටළුවක් වී ඇතැයි ඒ මහතා පැවසීය.

ගෑස් හා කිරිපිටි පෝලිමේ සිටි ජනතාව දැන් සිමෙන්ති පෝලිමට තල්ලු කර දමා ආණ්ඩුව අත දාගෙන සිටින බවද ඔහු සඳහන් කළේය.

මෙම ප්‍රශ්නයන්ට විසඳුම් නොදීම නිසා ජනතාව මහත් පීඩාවකට පත්ව සිටින බවද ඒ මහතා පවසයි.

යහපාලන ආණ්ඩු සමයේ ගෑස් කිරිපිටි සිමෙන්ති මෙන්ම පොහොර ද අඩු මුදලට ලබා දුන් නමුත් සෞභාග්‍යමත් රටක් හැදීමට ජනතාව යහපාලන ආණ්ඩුව ගෙදර යැවූ බව බවත් අද ඒ සෞභාග්‍ය ඔවුන් අත්විඳින බවත් ඒ මහතා තව දුරටත් පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමිනි.

14,309 views

30 Comments to “යහපාලනය පරාද කිරීම ගැන අද ජනතාව දුක් වෙනවා..”

  1. ranja says:

    APO NAHA

  2. Duminda says:

    බිරිඳ දුක් වෙනවා ඇති

  3. Nimal says:

    නැහැ නැහැ….හොටු ගෑණි ඵපා උනා කියල කැහි ගෑණි හොඳ වෙන්නෑ.

  4. 3% ට බය බයියා says:

    ඔය කියන ජනතාව උම්බෑ කියනවද?

    • CAT says:

      යහපාලන ආණ්ඩු සමයේ ගෑස් කිරිපිටි සිමෙන්ති මෙන්ම පොහොර ද අඩු මුදලට ලබා දුන්නේ රටේ ජාතික සම්පත් චීනෙට වසර 198,99 බදුදිලා මහා බැංකුව මංකොල්ලා කාලා ..ඒ ණය ගෙවන්නේ කවුද ? රටේ ජනතාව නොවේද ? බැංකු මගඩියේ මහා හොරා ජන්දෙන් පැරදිලත් පාර්ලිමේන්තුවේ නේද ?එවැනි දේවල් සිදුවන්නේ රුවන් වැනි මෝඩයෝ අපේ රටේ තාමත් සිටින නිසයි …යහපාලනය නොවේ එක යමපාලනය …පාස්කු ප්‍රහාරය සිදුවුයේ යහපාලන ආණ්ඩුවේ වරදින් නොවේද ? ඒ අපරාධකාරයෝ තාමත් නිදැල්ලේ ..පොහොට්ටුවෙත් යහපාලනයේත් වෙනසක් නැහැ … යහපාලනය නවතපු දෙයම දිගටම පොහොට්ටුව කරනවා ..ඔවුන්ට රට ජාතිය ගැන ආදරයක් ගෞරවයක් නැහැ …බලේ පෙන්වමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් දිගටම ඉටුකර ගන්නවා

      • පැන්ඩෝරා පේපර්ස් says:

        දැන් අපි යහපාලනේට බනිමුකො , යහපාලනේ ප්‍රධානම ඇමතිකං කොරපු පහෙන් එකක් විතර ඉන්නේ සජබේ , ඉතිරි පහෙන් දෙකක් විතර ගෙදර , ඊලග පහෙන් තුන පොහොට්ටු ඔඩොක්කුවේ ! පව් නේද බන් උබලා , උබලට අවංකවම සධාචාරාත්මක අයිතියක් නෑ යහපාලනේට බනින්න උන්ගෙන් බාගෙටත් එහා උබලගේ රෙද්ද අස්සේ දාගෙන.

  5. Amda says:

    😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

Main News