යහපාලනය පෙරලා දමන්න ඉන්දියාව මහින්දට එක් වේ.. දේශපාලන සුනාමියක් මග.. [Video]

September 16, 2018 at 10:34 pm | lanka C news
යහපාලනය පෙරලා දමන්න ඉන්දියාව මහින්දට එක් වේ.. දේශපාලන සුනාමියක් මග.. [Video]

වත්මන් යහපාලන ආණ්ඩුව පෙරළා දැමීම සඳහා ඉන්දීය සහාය ලැබෙනු ඇති බව ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවෙන් ආරාධනා කරන ලද්දේ ලංකාවේ ඒ සඳහා ඉඟි කිරීමක් වශයෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද පවතින ආණ්ඩුව වැටෙන බව ඉන්දියාව පවා දැන ගෙන ඇති බවද කී මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ මහතාට ඉන්දියාවෙන් ආරාධනාවක් ආවා මිස ඔහු ඉන්දියාවේ නොගිය බව ද සඳහන් කළේය.

බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව පෙරළා දැමීමට ඉන්දීය සහය හිමිවනු ඇති බව දැනි ආණ්ඩුව ද බියට පත්වී සිටින බවත් ඉදිරි දින කිහිපයේදී හොඳ හොඳ සෙල්ලම් දැකබලා ගැනීමට හැකිවනු ඇති බවත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

212 views
Main News