යහපාලනය යටතේ ජනතාව දූම්බීම අවම කර ගැනීම විශාල ජයග්‍රහණයක්..

June 7, 2017 at 8:02 am | lanka C news
යහපාලනය යටතේ ජනතාව දූම්බීම අවම කර ගැනීම විශාල ජයග්‍රහණයක්..

ඉදිරි මාස 03 තුල දරුවන් වෙනුවෙන් ඇටමිදූලු බද්ධ කිරීමෙි සැත්කම් අරඹන බව සෞඛ්‍ය ඇමැති පවසයි.

බණ්ඩාරගම ගෝනදූව ග්‍රාමිීය රෝහලේ තෙමහල් නව ගොඩනැගිල්ල සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය.

“ග්‍රාමිීය රෝහල් සංවර්ධනය කිරිම ඉතාම වැදගත්. එහිදී ග්‍රාමිීය රෝහලකට හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තනයක් වත්මන් රජය විසින් සිදූ කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පිළිගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන වාර්ෂික සැසිවාරයේ දී ශ්‍රී ලංකාව ගෙන ඇති සෞඛ්‍ය තීන්දූ සහ තීරණ අගය කළා. දූම්කොළ පාලනය කිරිම සහ බෝනොවන රෝග පාලනය කිරිම ඉන් ප්‍රධානයි. දූම්කොළ පාලනය කිරීම යටතේ දූම්වැටි සදහා බදූ පැනවීමෙන් දූම්වැටි අලෙවිය සියයට 47 කින් අඩු වී තිබෙනවා. රජයේ බදූ ආදායමත් අඩු වුනා. නමුත් ජනතාව දූම්බීමෙන් අවම කර ගැනිමට හැකිවීම රජය ලැබූ ජයග්‍රහණයක්. දූම්වැටි පාලනය සදහා ඉදිරියේ දී තවත් තීන්දූ තීරණ ගන්නවා. පාසල් අවට මීටර් 500 ක් දූරින් දූම්වැටි අලෙවි කිරිම තහනම් කිරීම, තනි සිගරට් අලෙවිය තහනම් කිරිම එම පියවර අතර වෙනවා. වසර 2020 න් පසු දූම්කොළ වගාව තහනම් කරන අතර, එම ගොවීන් සදහා විකල්ප වගා ක්‍රම හදූන්වා දෙනවා.

ඖෂධ මිල අඩු කිරීම, ස්ටෙන්ස් නොමිලේ ලබාදීම, අක්ෂි කාච ලබාදීම පිළිකා රෝගීන්ට ජිවිත කාලය පුරා ඖෂධ නොමිලේ ලබාදීම වැනි තීන්දූ තීරණ වලින් ජනතාවට විශාල ප්‍රතිලාභ හිමි වුනා. එය යහපාලනයේ ලක්ෂණයක්. නිදහස් සෞඛ්‍ය සේවාවෙි ලක්ෂණයක්. ඇටමිදූලු බද්ධ කිරීමෙි සැත්කම් මෙි වනවිට ආරම්භ කර තිබෙනවා. දැනට මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරීෙමි සැත්කම් සිදූ කරනවා. ඉන් පසු තැලසීමියා රෝගීන්ගේ ඇටමිදූලු බද්ධ කිරිම මහනුවර මහ රෝහලේ ආරම්භ කරනවා. ඉදිරි මාස 03 තුල කොළඹ රිඡ්වෙි ආර්යා ළමා රෝහලේ ඇටමිදූලු බද්ධ කිරීමෙි සැත්කම් දරුවන් වෙනුවෙන් ආරම්භ කරනවා. දරුවන්ගේ ඇටමිදූලු බද්ධ කිරීමෙි සැත්කමක් සදහා රුපියල් මිලියන 5 ක් වැය වනවා. එවැනි මුදලක් අපේ රටේ දෙමාපියන්ට වැය කරන්න අමාරුයි.”

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

8 views

One Comment to “යහපාලනය යටතේ ජනතාව දූම්බීම අවම කර ගැනීම විශාල ජයග්‍රහණයක්..”

  1. lasith says:

    Kata ariyoth gon kataeak

Main News