යහපාලනය යටතේ පාඩු ලබන්නේ රාජ්‍ය ආයතන 11ක් පමණයි.. අන් සියල්ල ලාබ ලබනවා..
October 31, 2017 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම සහ මිල්කෝ ආයතනය එකාබද්ධව ඉදිකරන ලද සුපෝෂ සහ කිරිබීම අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජා-ඇල කදාන ප්‍රදේශයේ දී විවෘත විය.
මෙහිදී උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –
“රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධව අලෙවි මධ්‍යස්ථානයක් විවෘත කිරීම ඉතා හොද ලක්ෂණයක්. රාජ්‍ය ආයතන වෙළෙද පොලට ඇතුල්වීම තුලින් මිල පාලනයක් සිදු වෙනවා. කාර්යක්ෂම සේවාවක් තුලින් ලාභ ලබන තත්ත්වයට වෙළෙද ව්‍යාපාර පවත්වාගෙන යා යුතුයි. ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන මෙන්ම මිල්කෝ සමාගමේ නිෂ්පාදන ද පෝෂණය අතින් ඉතා වැදගත්. ත්‍රිපෝෂ නිෂ්පාදන ගර්භනී මාතාවන්ට සහ දරුවන්ට මෙතෙක් කල් ලබාදුන්නා. එහි අතිරික්ත නිෂ්පාදනය සුපෝෂ ලෙස වෙළෙදපොලට නිකුත් කරනවා. කරගකාරීත්වය තුලින් පාරිභෝගික ජනතාවට ලාභයක් ලැබෙනවා. රාජ්‍ය ආයතන දෙකක් එක වහළක් යට තම නිෂ්පාදන අලෙවි කිරීමේ වැඩපිළිවෙල දීප ව්‍යාප්තව සිදු කළ යුතුයි. රාජ්‍ය ව්‍යාපාර කෙරෙහි විශ්වාසය තැබිය යුතුයි. රාජ්‍ය ආයතන ලාභ ලැබිය හැකි තත්ත්වයට පත් කළ යුතුයි. රාජ්‍ය ආයතන තුලින් ලාභ ලැබීමට නොහැකි බව ප්‍රකාශ කිරිම මිථ්‍යාවක්.
මම අමාත්‍ය ධූර දරන ලද සෑම අමාත්‍යාංශයකම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළා. එහිදී වැදගත් වන්නේ මග පෙන්වීම හා කළමණාකරණයයි. සමහර අමාත්‍යාංශවල දී මට ලැබුනේ පාඩු ලබන ආයතන. නමුත් එම ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කර ලාභයෙන් කොටසක් සේවකයින්ට ද ලබාදුන්නා. නමුත් පසුකාලීනව එම ආයතන කඩා වැටුනා. රජයන් වෙනස්වීම් තුලින් ආයතනවල වෙනස්වීම් ද සිදු වෙනවා. වත්මන් රජය යටතේ රාජ්‍ය ආයතන 11 ක් හැරුණු විට අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් වී තිබෙනවා. රාජ්‍ය ආයතන දියුණු කිරිම සදහා රජයේ සහයෝගය ද ලබාදිය යුතුයි.”
මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ත්‍රිපෝෂ සමාගමේ සභාපති එම්.ඩී බන්දුසේන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති සරත් ලියනගේ, කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ කළමණාකාර අධ්යක්ෂ පී. සුන්දරලිංගම් යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව
– ප්‍රසන්න අධිකාරී
රට කාපු එකා
Did you get the word right? Laabha or Labba
පහුගිය අාණ්ඩු යටතේත් ඔය ටිකම තමයි පාඩු ලැබුවෙ.කරපු වෙනසක් නෑ. ඔය 11 තමයි රටේ ලොකුම හා වැඩිම පාඩු ලබන අායතන. පුලුවන්නම් විකුනලා දාපල්ලා.
ඇමතිවරුන් නම් හැමදාම ලැබ ලබනවා. පෙඅදුනාම තම්ම පාඩු ලබන්නේ. තොණ්ඩා වගේ පති මාරු කරන අය්යලා හැමදාම ලාබ ලබනවා. පවුල් පිටින්ම.
Kunu datho wadiyenma padu labanne Maha Bankwa neda?