යහපාලනය යටතේ පොලිසිය දැන් ඉතා ස්වාධීනයි.. එය කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහයි..- පොලිස්පති

September 29, 2018 at 10:38 pm | lanka C news
යහපාලනය යටතේ පොලිසිය දැන් ඉතා ස්වාධීනයි.. එය කලේ අගමැති රනිල් වික‍්‍රමසිංහයි..- පොලිස්පති

කලින් තිබුනාට වඩා ඉතා නිදහස්ව ස්වෛරීව පොලිසියේ කටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබුණේ මේ යහපාලන රජය නිසා බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

තමන් එම ප්‍රකාශය කරන්නේ ඉතාම වගකීමෙන් යුතු බවද ඒ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොලිසිය තුළ මෙම වෙනස ඇති කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවද එය කවුරුත් දැනගත යුතු කරුණක් යැයි ද ඔහු පැවසීය.

පොලිස්පති වරයා මෙම අදහස් පළ කලේ වනාතවිල්ලුව නව පොලිස් ස්ථානය විවෘත කිරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් උත්සවය අමතමිනි.

83 views