යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කෙරේ.. අලූත්ම වාර්තාව මෙන්න..

January 26, 2017 at 12:31 am | lanka C news
යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කෙරේ.. අලූත්ම වාර්තාව මෙන්න..

ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index – CPI), වාර්තාවට අනුව රටවල් 176 ක් අතුරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්ව තිබේ. 2015 වසරේ මෙම වාර්තාවට අනුව රටවල් 168 ක් අතුරින් 83 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබිණි.

යම් රටක රාජ්‍ය අංශය කොතරම් දුරකට දූෂිත ද නැතිද යන වග මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කර සිටී. 0 සිට 100 දක්වා සිදුකරනු ලබන ශ්‍රේණිගත කිරීම් මෙම අධ්‍යයනයේ දී අනාවරණය කෙරෙනු ලබන අතර එහිදී 100 අගයට ආසන්න වීම දූෂිත බව අඩුම රටවල් ලෙසත්, 0 අගයයට ආසන්න වීම දූෂිත බවින් ඉහළම රටවල් ලෙසත් වර්ගීකරණය කෙරෙනු ඇත.

2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ලකුණු 37ක්, ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන්ව තිබුණු අතර පසුගිය 2016 වසරේ දී එම අගය 36 ක් දක්වා පහත වැටී ඇත.

ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 90 බැගින් ලබා මෙම සටහනේ දූෂිත බවින් අඩු ප්‍රමුඛ රටවල් බවට පත්ව ඇති අතර ලකුණු 10 ක් ලබා ඇති සෝමාලියාව, මෙම වර්ගීකරණය අනුව දූෂිතම රට ලෙසින් 176 වන ස්ථානයට පත්ව තිබේ.

මෙම වාර්තාවට අනුව ඉන්දියාව ලකුණු 40 ක් ලබා 79 ස්ථානයට පත්ව තිබෙන අතර 2014 වසරේ දී ලකුණු 38 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම ස්ථාන හිමිකර ගෙන තිබුණි. මේ අනුව ගෙවී ගිය වසර දෙක තුළ දී රජ්‍ය අංශය දූෂණය වීම තවදුරටත් ශ්‍රී ලංකාවෙන් දක්නට ලැබෙන අතර ඉන්දියාවෙන් එම තත්ත්වයේ අඩු වීමක් වාර්තා වේ.

අදාල ලයිස්තුව මෙතනින්

– biz.adaderana.lk

81 views

14 Comments to “යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කෙරේ.. අලූත්ම වාර්තාව මෙන්න..”

  1. Asankawlk says:

    Aadambarinam gahanna appudiyak

    • alaya says:

      ආඩම්බරයි පුතේ ….. ලංකාවට විතරක් නෙවෙයි උඹ ලෝකෙටම ආඩම්බරයක්

  2. madu says:

    ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා! ජය වේවා!

    • sky says:

      යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කිරීම පුදුමයක් නොවේ
      අපේ රටේ ආර්ථිකය අන්තයටම පිරිහෙලා, රටේ ජාතික සම්පත් විකුණා දැමීමට රටේ පාලකයින් උත්සාහ දරනවා ..මහා බැංකුව , බැංකුවේ අධිපතිම මහදවාලේ හොරා කාලා ..තාමත් හොරු බැංකුව පාලනය කරනවා අගමැති හොරුන්ව ආරක්ෂා කරනවා …. සිංහලයට එක නීතියක්, දෙමළට තව නීතියක්, හම්බයට තව නීතියක්. තවත් අපේ රටේ මි හරක් සිටිනවා තවම ලජ්ජා නැතුව කඩේ යනව මේ නපුන්සක ආණ්ඩුවට. යහපාලන ආණ්ඩුවම කියනවා ජනතාවට ක්‍රෝටන් කොළ .තණකොළ කන්න සිදුවන බව ..
      අපිට කොළපාට ඕනත් නැ නිල ඕනත් නැ රතු ඕනත් නැ. අපිට ඕනා කොන්ද පන තියෙන නායකයෙක්. එක එකට ඕන විදියට නටන එවුන් නායකයෝ නෙමෙයි.මිනිසුනේ දැන්වත් රට ජාතියට සිදුවන විපත විනාශය තේරුම් ගනිව් .දැන්වත් යථාර්ථය තේරුම් ගනිව් මේ රෙජීමය ඉවත්කර රට බේරාගැනීමට ඉදිරියට වරෙව් නිදා සිටිනා සිංහලයා නැගිව්

    • sky says:

      යහපාලනය යටතේ ශ‍්‍රී ලංකාව ලෝකයේ අන්ත දුෂිත රටක් ලෙස නම් කිරීම පුදුමයක් නොවේ
      අපේ රටේ ආර්ථිකය අන්තයටම පිරිහෙලා, රටේ ජාතික සම්පත් විකුණා දැමීමට රටේ පාලකයින් උත්සාහ දරනවා ..මහා බැංකුව , බැංකුවේ අධිපතිම මහදවාලේ හොරා කාලා ..තාමත් හොරු බැංකුව පාලනය කරනවා අගමැති හොරුන්ව ආරක්ෂා කරනවා …. සිංහලයට එක නීතියක්, දෙමළට තව නීතියක්, හම්බයට තව නීතියක්. තවත් අපේ රටේ මි හරක් සිටිනවා තවම ලජ්ජා නැතුව කඩේ යනව මේ නපුන්සක ආණ්ඩුවට. යහපාලන ආණ්ඩුවම කියනවා ජනතාවට ක්‍රෝටන් කොළ .තණකොළ කන්න සිදුවන බව ..
      අපිට කොළපාට ඕනත් නැ නිල ඕනත් නැ රතු ඕනත් නැ. අපිට ඕනා කොන්ද පන තියෙන නායකයෙක්. එක එකට ඕන විදියට නටන එවුන් නායකයෝ නෙමෙයි.මිනිසුනේ දැන්වත් රට ජාතියට සිදුවන විපත විනාශය තේරුම් ගනිව් .දැන්වත් යථාර්ථය තේරුම් ගනිව් මේ රෙජීමය ඉවත්කර රට බේරාගැනීමට ඉදිරියට වරෙව් නිදා සිටිනා සිංහලයා නැගිටිව්

      • OLU says:

        කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
        නොපෙනත්කම් ගිනි ලා අවුලා නම්
        කුමටද උන් හා සීල සමාදන්
        සටනින් තොර මුනිවත අවදානම්…….
        … සිංහලයෙනි ,අපි යහපාලනේ වහල්ලු නෙමෙයි. අපි කටවත් වහල්ලු වෙලා ජිවත් වෙන්න අවශ්‍ය නැත . අපි හැමොම එකට එකාවන්ව සමගිවී දැන්වත් රට ජාතිය රැකීමට පෙරට වරෙව් අපේ රට අනතුරේ ……

  3. පිස්සා says:

    යකෝ මේකෙ රුසියාවත් රතු පාටයිනෙ. ඇමරිකන් කාරයොන්ගෙ වැඩක් වගේ

  4. sura says:

    යහපාලනයේ හොදම ලක්ෂණය මෙික තමයි. යහපාලනයට ජයවේවා !!!!!!

  5. Luxman says:

    Methodology of the TI Corruption Index should inaccurate. With ever senior Minister and PM is upto briber and corruption we should be very close to Somalia

  6. Wali Amuna Hora says:

    Transparency big man WaliAmuna rubbed 3.5 million for Sri Lankan Air Line Gossip Report and daily robbing with Govt. INSTITUTIONS

  7. pp says:

    me NOG karayo kiyana ewa gannan ganaepa. me sanwidana thamayi lokaye thiyana dosithama sanwidana.

  8. sinha le says:

    අප රට ඉස්ලාම් කරණය සඳහා ක්‍රියාත්මක දීර්ඝ කාලීන න්‍යාය පත්‍රයක ප්‍රධාන අංගයක් වන ආරාබි භාෂාව හා සංස්කෘතිය ව්‍යාප්ත කිරීම ඉතාමත් වේගවත්ම මේ වන විට සිදු කරමින් පවතී.

    මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල මෙතෙක් පැවති පාරම්පරික සම්ප්‍රදායන් බිඳ දමමින් මෙලෝ වැඩකට නැති අරාබි සංස්කෘතිය හා භාෂාව ව්‍යාප්ත කිරීම සඳහා විවිධ වැඩ සටහන් සිදු වෙමින් පවතී. මුලින්ම මුස්ලිම් පල්ලි වලට සීමා වූ අරාබි සංස්කෘතිය පසුව වේගයෙන් අනෙකුත් රාජ්‍ය හා පුද්ගලික ආයතන ද වසාගෙන මහජතානාව වෙත ද ව්‍යාප්ත වෙමින් පවතී.

    මෙහි දෘෂ්‍ය සලකුණුක් ලෙස හිජාබය දැක ගත හැක. එදා සාරියෙන් හිස වසාගත් මොට්ටැක්කිලිය අද දක්නට නැත. වර්තමානයේ සමහර තැන්වල ඇවිදින කලුපැහැති ගුලි දැක ගත හැකිය. ඒ තරමට අරාබි සංස්කෘතිය මෙරට මුස්ලිම් ජනතාවගේ ඔලු තුලට කාවද්දා ඇත.

    මෙම ව්‍යාප්තිවාදයේ තවත් එක් වැදගත්ම පියවරක් වන්නේ මද්රසා (අරාබි දහම් පාසල් ) නමින් හඳුන් වන අරාබි සංස්කෘතිය, භාෂාව හා කුරණය පමණක්ම උගන්වන ස්ථාන හතු පිපෙන්නාක් මෙන් බිහි වීමයි. සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල පාසල් ගනනට වඩා මද්රසා පිහිටුවා ඇත.

  9. dil says:

    අපි 95 රුසියාව 131 !!!!!!!!!!!!!!!

  10. Dilini says:

    Kopamana mahansiwelada oya nambu namaya genawe malath kola mare maru.Ammapa mehemath moda thakathiruwo wasana ratak dakkamai.

Main News