එජාප, ශ‍්‍රීලනිප, ජවිපෙ, ටීඑන්ඒ අපි යහපාලනය රකින්න කැපවෙනවා..

December 28, 2016 at 5:30 pm | lanka C news
එජාප, ශ‍්‍රීලනිප, ජවිපෙ, ටීඑන්ඒ අපි යහපාලනය රකින්න කැපවෙනවා..

යහපාලන රජය ආරක්ෂා කිරීමට කැපවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
නව රජය බිහි කළේ ජනතාව වෙනුවෙන් බවත්, එය කිසිවෙකුට අයිති රජයක් නොවන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

යහපාලන රජය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් දේශපාලන පක්ෂ, ද්‍රවිඩ දේශපාලන පක්ෂ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් රජයක් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා මෙම රජය ජනතාවගේ අයිතීන් ආරක්ෂා කළ යුතු බවත්, ජනවාරි 08 දින ලබාදුන් පොරොන්දු ඉටු කළ යුතු බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

1990 වසරෙන් පසු කිසිදු සංවර්ධනයක් සිදු නොවු බණ්ඩාරගම අළුත්ගම තොටුපොල පාර කාපට් කිරීම ආරම්භ කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. කිලෝමිටර් 2.4 ක දුරින් යුත් මෙම මාර්ගය කාපට් කිරිම සදහා වැය කරන මුදල රුපියල් මිලියන 25 කි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය බලතල දන්දෙමින් සිටිනවා. වර්තමානයේ ජනාධිපතිවරයා විවෙිචනය කිරිමට, නඩු පැවැරීමට ඔිනෑම අයෙකුට අවස්ථාව උදාවී තිඛෙනවා. ඉදිරියේ දී ගෙනඒමට යෝජිත නව ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපතිධූරය අහෝසි කරනවා. මෙම වෙනස රුපියල් සත වලින් මනින්න එපා. ජනවාරි 08 දින අපි මෙම රජය බිහි කිරිමට කටයුතු කළේ දැඩි භිෂණයක් මතයි. අපි පැවැති ක්‍රමය වෙනස් කළා. නව රජයේ මැතිවරණ ප්‍රකාශණය සියළු දෙනා එකමුතුව සකස් කළා. එම පොරොන්දු මෙි වනවිට ඉටු කරමින් සිටිනවා.

සෞඛ්‍ය සේවාව වෙනුවෙන් නව රජය වැඩසටහන් රැසක් දියත් කර තිඛෙනවා. පළාත් සභා රෝහල් සියල්ල සංවර්ධනය කරනවා. කලුතර දිස්ත්‍රීක්කයේ රෝහල් රැසක් ද ඒ යටතේ සංවර්ධනය කරන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනවශ්‍යය වියදම් අවම කර නිදහස් සෞඛ්‍ය සේවාව ක්‍රියාත්මක කිරීම සදහා වැඩසටහන් රැසක් දියත් කර තිඛෙනවා.”

– නිපුන් ඒකනායක

15 views

5 Comments to “එජාප, ශ‍්‍රීලනිප, ජවිපෙ, ටීඑන්ඒ අපි යහපාලනය රකින්න කැපවෙනවා..”

  1. Raja-Hitaha says:

    NATO – No Action Talk Only

  2. ගස් ගෙම්බෙක් දියට පනී. ලංකාවම කක්කුසි ගදයි. කකුසිකටා කට ඇරලා වෛරසය පැතිරීමෙන් වසංගතයක්. මේ ගද අසූචි කට වසා දමා වසංගතය නිමකිරීමට සදාකාලිකව වැසිකිලිකට වසාදමන මෙන් ලංකාව අරක්ගත්තා වු දෙවි දේවතාවුන්ගෙන් ඉල්ලසිටින්නේ මේ පුදභූමියේ කකුසි ගදෙන් ආරක්ෂාකර දෙන ලෙසටය

  3. Vigrawansha says:

    Ko meke hama ekatama liyana applause. Mun Nidida? Muntaa paid gewanne meke liyana eth kanapalenna gahala kalinma ada nidi wage

  4. saradieal says:

    පින් ගොනා ඇමති

  5. යුක්තිය says:

    මූ දන්න මගුල..දත් දොස්තර උනාට මූටත් හොයා ගන්න බැරි විදිහට මුගෙ දත් පනුවො කනව මැරෙන්න ඉස්සෙල්ල..කියන බොරැ වලට.. හංසය මස් කරනව,කෑලි ගලවනව ගොඩක් බව පේන්න..එතකොට නොදැනුවත්ම කුනු වෙලා ගද ගහනව, පනුවො පිරිල දැක්කම පිලිකුල් වෙන තරමට…. දැන් හංසයට ඒක නෙවෙයිද වෙලා තියෙන්නෙ….