යහපාලනය වනසා රාජපක්ෂලා බලයට එන්නයි හදන්නේ.. එනිසා අප ජිවිතයත් මරණයත් අතරයි.. මිග් යානා පරීක්‍ෂණ ඉක්මනට අරඹනවා..

March 9, 2017 at 3:00 pm | lanka C news
යහපාලනය වනසා රාජපක්ෂලා බලයට එන්නයි හදන්නේ.. එනිසා අප ජිවිතයත් මරණයත් අතරයි.. මිග් යානා පරීක්‍ෂණ ඉක්මනට අරඹනවා..

යහපාලන රජයේ අපිරිසිදු මිනිසුන්ගෙන් සිදුවන වැරදිවලට එරෙහිව සටන් කරන බව සෞඛ්‍ය ඇමැති පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේ රුපියල් ලක්ෂ 46 ක මුදලින් ඉදිකළ පයාගල පාලයන්ගොඩ දෙමහල් ප්‍රජා ශාලාව, බෙිරැවල පිංහේන අඹෙිපිටිය පාලම ඉදිකිරිම සදහා මුල්ගල් තැබීම, බෙිරුවල වලතර අකුරැස්ස පාලම සදහා මුල්ගල් තැබීම, වස්කඩුව කුමාරකන්ද ජල යෝජනා ක්‍රමය විවෘත කිරිම, වාද්දුව බාලිකා විද්‍යාලපාර විවෘත කිරිම, පානදුර දිබිබැද්ද වෙන්දේසිවත්ත හතරමං හන්දියේ සිට ඉහළ කොටස සංවර්ධනය කිරිම, නාරංපිටිය පුඤ්ඥානන්ද මාවත සංවර්ධනය කිරිම, පිංවත්ත උපෝසථාරාම මාර්ග සංවර්ධනය කිරිම, පානදුර හොරේතුඩුව මාර්ගය සංවර්ධනය කිරිම, බණ්ඩාරගම අළුත්ගම රුක්ගහ තොටුපල මාර්ගය සංවර්ධනය කිරිම යන සංවර්ධන ව්‍යාපෘතින් ජනතාව අයිතියට පත් කිරීමෙි අවස්ථාවන්ට එක්වෙමිනි.

පසුගිය රජයේ දේශප්‍රේමි ලේකම්වරයා යුක්රේනයේ මිග් යානා මිල දී ගැනීමෙ ගණූදෙනුව සිදු කළ ආකාරය පිළිබදව ගැටළු පවතිනවා. සමහරු උත්සාහ කරනවා එම ලේකම්වරයා බලයට ගේන්න. මිග් යානා ගනුදෙනුව පිළිබදව යුක්රේන රජය එකඟ වූ පිටපත් ලක් රජයට ලබාදී තිඛෙනවා. ඒ පිළිබදව විදේශ කටයුතු අමාත්‍යවරයා අඛණ්ඩව සාකචිඡා පවත්වනවා. යුක්රේන හිටපු ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්සන ව්‍යාජ ලෙස සකස් කර මෙම ගනුදෙනුව සිදුකර තිඛෙනවා. ඒ පිළිබදවත් සොයා බලනවා. යහපාලනය විනාශ කර යමපාලනය යළි ගෙනඒමට රාජපක්ෂලා සුදානම් වෙනවා. එම නිසා ජිවිතයත් මරණයත් අතර සටනකයි අප ඉන්නේ. දේශප්‍රේමින් යැයි කියා ගන්නා පුද්ගලයින් කළ අපරාද අප පසුගිය කාලයේ දෙනෙතින් දැක්කා. එම නිසා තමයි අපි යහපාලන රජය බිහි කළේ.

පෞද්ගලික රෝහල් නියාමනය කිරිම සදහා තොරතුරු වාර්තාවක් සකස් කිරිමට පෞද්ගලික අංශයට බාර දී තිඛෙනවා. එම වාර්තාව අප්‍රේල් මස 05 වනිදා ලැබීමට නියමිතයි. ඉන් පසු රෝහල් නියාමනය කිරීමෙි වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. දැනට ලෝකයේ හොදම සෞඛ්‍ය සේවාව ඇත්තේ කියුබාවෙි. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා ලක් රජය ආරම්භ කර ඇති සෞඛ්‍ය වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කළ හොත් වසර 2020 වනවිට ලෝකයේ හොදම සෞඛ්‍ය ඇති රටවල් 05 අතරට ශ්‍රි ලංකාවටත් පත්විය හැකි බව.
අපේ රටේ ඇතැම් අය ලබා දී ඇති නිදහස අයුතු ලෙස බුක්ති විදිනවා. අවශ්‍යතාවයක් නොමැති විෂය ක්ෂේත්‍ර සදහාත් උද්ඝෝෂණ පවත්වනවා. නිදහස අයුතු ලෙස බුක්ති විදින්න එපා. යහපාලන රජය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. සුදු පිරුවට ඇන්දට සිල්වත් වන්නේ නැහැ. අපිරිසිදු මිනිසුන් අතරින් සිදුවන වැරදි වලට එරෙහිව සටන් කරනවා. කැලෑ නිතිය ක්‍රියාත්මක කරන්න බැහැ. පසුගිය රජයේ විවිධ අපරාධ වලට සම්බන්ධ අයට නඩු පැවැරීමට කටයුතු කරනවා.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

100 views
Main News