‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක්…

June 11, 2019 at 8:02 am | lanka C news
‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක්…

‘වියත්මග’ සංවිධානය ‘රට සහ හෙට’ මැයෙන් බිංගිරියේදී පැවති සම්මන්ත‍්‍රණය අමතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා මෙම අදහස් පල කලේය.

එදා මහින්ද රාජපක්‍ෂ රජය ගෙදර යවන්න කටයුතු කළේ අධිරාජ්‍යවාදීන්. විදේශ බලවේගවලට මහින්ද රාජපක්‍ෂ රජය අවනත වුණේ නැහැ. තිස් වසරක් තිස්සේ පැවති ත‍්‍රස්තවාදය අවසන් කරන්නට හැකි වුණේ විදේශ බාධා මැදයි. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ රජය චීනය සමඟ රටේ සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා. විදේශ බලවේග චීනය ලංකාවේ මිත‍්‍රයෙක් වීම අනුමත කළේ නැහැ. යහපාලන ආණ්ඩු පෙරළිය විදේශ බලවේගවල ව්‍යාපෘතියක්. බලගතු රටවල් අවියෙන් හෝ මැතිවරණවලින් ආණ්ඩු වෙනස් කරනවා. විදේශ බලවේගවලට අවනත, යටත් නොවන ආණ්ඩු වෙනස් කරනවා. රෙජීම් චේන්ජ් කියන්නේ මෙවැනි ව්‍යාපෘතිවලටයි. එදා සිටම යහපාලන ආණ්ඩුව ක‍්‍රියා කරන්නේ තමන් බලයට ගෙන ආ බලවේග සතුටු කිරීම සඳහායි. හැටදෙලක්‍ෂයක් වූ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා නොවෙයි.

මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු බලවත් රටවල නායකයන්, නියෝජිතයන් වැලනොකැඞී ආවා. ඒ එන හැම නියෝජිතයෙක්ම කියන්නේ බලය බෙදන්න, නව ව්‍යවස්ථාවක් ගේන්න, යුද්ධය අවසන් කළ රණවිරුවන්ට දඬුවම් කරන්න කියලයි. ඒ ගමන තමයි දැන් යමින් සිටින්නේ. රටේ ආරක්‍ෂක හමුදා ත‍්‍රස්තවාදයට එරෙහි කළ සටනේදී මානව හිමිකම් කඩකළ බවට, යුද අපරාධ කළ බවට ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ යෝජනාව මේ රජය කැමැත්තෙන්ම පිළිගත්තා. සෙසු කණ්ඩායම් සහභාගි කරගෙන ජනතාව මුලාකරගෙන ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු කරමින් සිටිනවා. වක‍්‍ර මාර්ගයකින් අපේ රට විේදශ කොළනියක් කරා ගමන් කරමින් සිටිනවා.

රටේ ස්වාධීනත්වය රැක ගන්නවාද කියන අභියෝගය අප ඉදිරියේ තිබෙනවා.  ස්වාධීනත්වය අහිමි කර ගන්නවාද? අධිරාජ්‍යවාදීන්ට යටත් වෙනවාද? ජාතීන් අතර අසමගියක් ඇති කරගෙන රට ලිබියාවක්, ඉරාකයක් කර ගන්නවාද? ලෝකයේ කිසිදු රටකට, ජාතියකට නැඟීසිටින්නට බැහැ ස්වාධීනත්වයක් නැතිව. එවැනි රටක ඔබේ ¥ දරුවන් ජීවත් වෙනවාද කියන ප‍්‍රශ්නය ඉදිරියේ පවතිනවා. මෙවර සටන අවුල් කරන්න විවිධ බලවේග ඇවිත් ඉන්නවා. මේ සටනින් රටට හිතවත් බලවේග පරාජය කරන්න විවිධ අවතාර ඉන්නවා. නිවැරදි කඳවුර තෝරාගන්න. රටේ ස්වාධීනත්වය, ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින කඳවුර තෝරා ගන්න. නිවැරදි කඳවුර තෝරා නොගතහොත් වෙන්නේ අපේ විනාශයයි.

– වියත්මග මාධ්‍ය ඒකකය

17,176 Viewers

5 Comments to “‘යහපාලනය’ විදේශ ව්‍යාපෘතියක්…”

  1. Sun says:

    Thank you for publishing this type of information. Our people do not know much. They cannot think beyond the happenings in the country. All are pre-planned and aiming de-establishing the countries structures. Creating problems and difficulties, so they cannot survive. The country will be full of problems. These are the targets of some western superpowers to catch the whole world step by step, creating problems unknowingly. We have to be very careful. If we loose the track,that is the end. We cannot come up. Unless we someone with genuine interest to develop the country with a strong vision.

  2. සිරා says:

    දැන් රොබට් බලේක් කියන එකමයි මෙයත් කියන්නේ..මොකක්ද ඒ රාජපකෂලාව නැවතත් බලයට ගේන එක තමා විසදුම කියන එක.ඇයි බ්ලක්ට දැන් රාජපක්ෂලා හොඳ වෙලා තියෙන්නේ…1949 චිනයේ වුනා වගේ ලංකාවෙත් මහා දේශපාලන,සමාජ පෙරලියක් වෙලා තමන්ට මේ රට හැසිරවීමේ බලය අහිමි වෙයි කියලා බටහිර බය වෙලා.රාජපක්ෂලාව හෝ යොදාගෙන 225ට එරෙහිව ඇති වන ජනතා රැල්ල,සැබෑ වෙනසකට පෙලගැහෙන ජන බලය කඩාකප්පල් කරන්න බටහිර හති දාගෙන වැඩ.දැන් ලංකාවේ අළුත්ම මගුල් කපුවා බ්ලේක්.ලිබියාවේ සිරියාවේ මිනිස්සුන්ට මරණ සහතික දීපු බ්ලේක් අද ලංකාවේ සමහරකට චරිත සහතික දෙනවා

  3. Sathya says:

    Please inform the general public about the name of the ‘correct patriotic group’.

    • කටකට says:

      කට කට,උඹට ඒ පන්ඩිතකම් ඕනේ නෑ නේ.
      මිනි මෝරගේ කටේ “කියත්මඟ දිගේ” ගිහින් “රතු එලියක්” දකීවි ඕනෑ නැති ඒවා කියවන්න ගිහිල්ලා

  4. Sun says:

    There are some people getting together headed by Nagananda coming with some policies entirely different from the current one. Thank you.

Leave a Comment

Main News