යහපාලනය 2025 දක්වාම… ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමතයි..

July 17, 2017 at 6:33 am | lanka C news
යහපාලනය 2025 දක්වාම… ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවේ අනුමතයි..

වත්මන් යහපාලන රජය වසර 2020 දක්වා රාජ්‍ය පාලනය සිදු කරන බවත්, ඉන් පසු ද යළි බලය ලබා ගනිමින් වසර 2025 දක්වා ද රාජ්‍ය පාලනය සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව කියා සිටියේය.

යහපාලන රජයේ ගිවිසුම වසර 2020 දක්වා ක්‍රීයාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍යම කාරක සභාව ද පසුගියදා තීරණය කළ බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී සදහන් කරන ලදි. නියෝජ්‍ය අමාත්‍යවරුන් 17 ක් ඉවත් වන බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යෙවිදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එය ඉදිරියේ දී විසදෙන ප්‍රශ්ණයක් බවයි.

මෙි අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙි සභාපතිධූරය පිළිබදව මාධ්‍යෙවිදීන් විමසා සිටියේ ය. එයට පිළිිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේය.

‘ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙි සභාපති ධූරය සදහා විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේම නම් යෝජනා වී තිඛෙනවා. ඒ පිළිබදව ද සාකචිඡා කර ඉදිරියේ දී තින්දුවක් ගන්නවා. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකචිඡාෙවි දී නම් දෙකක් ලබාදුන්නා. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සභාපති ධූරයෙන් ඉවත් වන මට දැනුම් දී තිබුනා. නමුත් එය වෛද්‍ය සංගමය දන්නේ නැහැ. වසීම් තාජුඩින් ඝාතන පරීක්ෂණය අවසන් වන තුරු තමන්ට සභාපතිධූරයේ වැඩකටයුතු කරගෙනයාමට ඉඩ දෙන ලෙස මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා ඉල්ලීමක් කර තිබුනා. ඒ අනුව මම වසර 05 ක් සහ මාස 06 ක කාලයක් ඔහුට ඉඩ ලබාදුන්නා’

– ප‍්‍රසන්න අධිකාරී

37 views
Main News