යහපාලනේ අන්තිම ‘යහ පුරුක’ත් ගැලවේ…

September 20, 2016 at 9:20 am | lanka C news
යහපාලනේ අන්තිම ‘යහ පුරුක’ත් ගැලවේ…

යහපාලන රජය මහජන අනුකම්පාව දිනා ගැනීම සදහා භාවිතා කළ ප්‍රධාන අවියක් වුයේ අහිතකර කෘෂි රසායන තහනම් කිරීමයි.

පසුගිය රජය ඒ වෙනුවෙන් යමක් නොකළ බව පැවසු යහපාලන පෙර ගමන් කරුවෝ එය “මෙගා ඩීල්” එකක් ලෙසද හැදින්වුහ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුර්ණ වල නාශකයක් වූ ග්ලයිපොසෙට් රටට ගෙන්වීම සහ බෙදා හැරීම මුළුමුනින් තහනම් කරන ලදී. ඒ අවස්ථාවේ එසේ නොකරන ලෙස සමාගම් වලින් දැඩි බලපෑමක් එල්ල වූ බවත් ඒ සියල්ල නොසලකා හැර තමන් මහජනතාව වෙනුවෙන් එම පියවර ගත් බවත් ජනාධිපතිතුමා පැවසීය.

කෙසේ වෙතත් සමාගම් සහ ඔවුන්ට හිතවත් උගතුන් කිහිප දෙනා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම රජයට බලපෑම් එල්ල කළේය. එහි ප්‍රතිපලයක් ලෙස ග්ලයිපොසෙට් තහනම ලිහිල් කරමින් උඩරට තේ වගාවට එම රසායනිකය එදීමට අවසර දීමට එකග වූ බව වාර්තා වේ. ග්ලයිපොසෙට් පිළිකා කාරකයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර ඇත.

මූලාශ‍්‍රය මෙතනින්

34 views

5 Comments to “යහපාලනේ අන්තිම ‘යහ පුරුක’ත් ගැලවේ…”

  1. කරුණු සොයා බලා ඇත්ත කතා කරමු. says:

    අන්තර්ජාලය පිරික්සූ කල මෙවැනි ලිපි ද දැකිය හැකි බව ඇත්තය.
    https://www.theguardian.com/environment/2016/may/16/glyphosate-unlikely-to-pose-risk-to-humans-unwho-study-says

    එහෙත් මෙවැනි ලිපි ද ඕනෑ තරම් හමුවෙයි.
    http://www.thehealthyhomeeconomist.com/roundup-banned-netherlands-france-brazil-likely-soon-follow/
    http://www.globalresearch.ca/france-to-ban-glyphosate-regardless-of-eu-vote/5526489
    http://www.reuters.com/article/us-france-glyphosate-idUSKCN0X512S

    එම ලිපි වලට අනුව ග්ලයිෆොසේට් ශරීරගත වූ අය ගේ පහත රෝග ඇති වෙයි.
    Infertility
    Kidney disease
    Birth defects
    Severe gastrointestinal ailments
    Parkinson’s Disease
    Cancer
    Nervous system damage

    මේ රටවල් ග්ලයිෆොසේට් තහනම් කරන්නේ නිකම් නොවෙයි.

    ග්ලයිෆොසේට් ශරීරගත වූ අය ගේ වකුගඩු වලට හා අක්මාව ට හානි වෙයි.
    http://www.alternet.org/environment/monsanto-roundup-herbicide-linked-kidney-and-liver-damage

    එමෙන්ම සූර්‍ය රශ්මිය ට නිරාවරණය වන අය ට ග්ලයිෆොසේට් ශරීර ගත වුනොත් චර්ම පිළිකා ඇති වෙයි.
    http://gmwatch.org/news/latest-news/16866-exposure-to-glyphosate-herbicides-with-sun-exposure-increases-risk-of-skin-cancer-study

    පියයුරු පිළිකා ද ඇති වෙයි.
    http://www.gmoevidence.com/criigen-gm-maize-and-roundup-can-cause-tumours-multiple-organ-damage-and-premature-death/

    ගල්යිෆොසේට් යනු මුළු ශරීරයම වනසන රසායනිකයක් බවත්, ලෝකයේ ප්‍රවණතාවය ඇත්තේ එම රසායනිකය තහනම් කරන දිශාවට බවත් වටහා ගතයුතුවෙයි.

  2. හාලිඇල රත්නායක says:

    කෝ මේ රතන හාමුදුරුවෝ, උන්වහන්සේ විශාල සටනක් ගෙන යමින් අහිතකර කෘෂි රාසායන යෙදීමට විරුද්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ පෙනී හිටියා නේ, ඇත්තම තත්ත්වය නම් මෙරටට ගැල්පොසයිට් ගෙන්වන ප්‍රධානතම සමාගම වන්නේ සිරස මාධ්‍ය ජාලය හිමි මහාරාජ සoවිධානයේ සතු හාර්ක්‍රොස් සමාගමයි.
    මේ වනවිට ඉතා විශාල සන්තෝසන් දේශපාලන බලවතුන්ට දෙමින් ගැල්පොසයිට වල ඇති අවස්ථාවකය රජය ඒත්තු ගන්වමින් සමහර අමාත්‍යවරුන් ලවා රතන හිමිගේ කෘෂි රසායන ද්‍රව්‍යය භාවිතය විරෝධය බොරුකොට, එහි අත්‍යවශ්‍යතාවය පෙන්වීමට විශාල මුදලක් මේ වන විටත් යොදා අවසන්.
    මතකද, සිරස හරහා මුලින්ම මහින්ද රාජපක්ෂ සමයේ ආරම්භ කරපු චීන පෝට් සිටි ව්‍යපතියට විරුද්ධව විශාල මතයක් ඇති කොට පසුව එම චීන සමාගමේන් විශාල මුදලක් ලබාගෙන එය ඉතා හොඳ ව්‍යපතියක් ලෙස පෙන්වමින් රටපුරා ගඩොල් උස්සගෙන යන පෙරහැර පවත්වා අවසන් දින වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙනවිත් එම මතය ඔහුන් ලවාම බොරුවක් බවට පත් කල හැටි,
    ගැල්පොසයිට් වලටත් ඒ වැඩේම තමයි කරන්නේ, සමහරවිට රතන හිමියි ජනාධිපති මෛත්‍රීයි දෙන්නම ගොනාට අන්දවා ලොකු උත්සවය තියලා මේක කරයි ,

  3. john kothalawala says:

    අහෝ රතන ……..ඔබ නොදුටු කෘෂි රසායනික ද්‍රව්‍යයේන් තොර රටක්.

  4. Notthischange says:

    Rathane hitiyanam mehema wenne na. Meeta Roti Sobhitha…

  5. මීරිගම රමනි says:

    රතන හාමුදුරුවෝ ඉතා ප්‍රබලව තම හඩ අවදි කරන්නේ මොනවා හරි වාසිදායක දෙයක් තමාට ලබාගැනීමටයි. ඒ වගේම ඒ සටන අතහැර ඉතා නිහඩව පවා දෙන්නෙත් තමගේ කටට සැලකිය යුතු යමක් වැටුන විටයි.

Main News