යහපාලනේ කරන්න ගිහින් අන්තිමේ බිලිවුනේ මමයි..- ඇමතිකමක් නැති දුක ජනපති අගමැති ඉදිරියේ මන්ත‍්‍රී රවි කවියෙන් කියයි..

May 25, 2018 at 10:00 am | lanka C news
යහපාලනේ කරන්න ගිහින් අන්තිමේ බිලිවුනේ මමයි..- ඇමතිකමක් නැති දුක ජනපති අගමැති ඉදිරියේ මන්ත‍්‍රී රවි කවියෙන් කියයි..

2015 ජයග‍්‍රහාණයෙන් පසු යහපාලනය ක‍්‍රියාත්මක කරන්නට ගිහින් අන්තිමට ඊට බිලිවන්නට සිදු වූයේ තමන්ට යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

මන්ත‍්‍රිවරයා මෙසේ කියා සිටියේ මාදම්පිටිය හේනමුල්ල නිවාස ව්‍යාපාතියක් ජනතා අයිතියට පත් කරමිනි.

මන්ත‍්‍රීවරයා සිය කතාව අවසන් කලේ එස්. මහින්ද හිමියන්ගේ කවියක්ද ගායනා කරමිනි.

මෙම උත්සවය පැවැත්වුනේ ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ ප‍්‍රදානත්වයෙනි.

70 views

11 Comments to “යහපාලනේ කරන්න ගිහින් අන්තිමේ බිලිවුනේ මමයි..- ඇමතිකමක් නැති දුක ජනපති අගමැති ඉදිරියේ මන්ත‍්‍රී රවි කවියෙන් කියයි..”

  1. Ra says:

    Your obligations are Robbed banks and buy a expensive house
    Don’t insult Mahinda hamuduruwa

  2. dudley says:

    What ‘Yahapalaya’ with rouges? He dosnt know the meaning of Yahapalanaya. Actually speaking he should be in the Jail at this juncture.

  3. Pedro says:

    NOW HE HAVE TO SING THE KAPIRINDA BAILA. HE IS A REAL FOOL.

  4. patta hora meka thama

  5. Niru says:

    Getting ready to steal again. Once a thief is always a thief. Only difference is looking for new ways to cheat and steal.

  6. Kadiya says:

    මොන යහපාලනේද, මොනක් රෙසිඩන්සිස් පගාව ගත්තට ඇමැතිකම නැතිවුණා. පගාකාරයා අනිවාර්යෙන්ම රිමාන්ඩ් කලයුතුය. පසුව නඩු. ඊළඟට ජම්පරේ තමයි.

  7. Aurora says:

    “2015 ජයග‍්‍රහාණයෙන් පසු යහපාලනය ක‍්‍රියාත්මක කරන්නට ගිහින් අන්තිමට ඊට බිලිවන්නට සිදු වූයේ තමන්ට යයිද සියලු දෙනාම එකතුවී මහබැංකුව කොල්ලකන ලද නමුත් මොනක් රෙසිඩන්සිස් පගාව තමුන් තනිවම ලබාගැනීම නිසා තමාව පමණක් කොටුකිරීමට රනිල් ප්‍රමුඛ නඩේම ක්‍රියා කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.” යන සම්පුර්ණ ප්‍රකාශය කලානම් තමයි වටින්නේ. ඕනනම් වැඩිදුරටත් කිව්වා කියා කියන්න තිබුන “රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකළ ආකාරයටම නීතිපති හෝ මම තෝරාදෙන නීති නිලධාරියෙක් ප්‍රශ්න කරන්න යොදන්නේ නැතිව දප්පුල ලිවේරා මගෙන් ප්‍රශ්න කිරීම ඉතාම අසාධාරණ ක්‍රියාවක්” කියල.

  8. අශෝක දයාරත්න says:

    රවි කරැණානායක ඉදිරියටත් දේශපාලනය කරන්න බලාපොරොත්තු වන්නේ නමි වහාම ඔහුට හොඳ උපදේශකයන් පත්කර ගත යුතුයි.ඔහු කිසි දිනක පාර්ලිමේන්තුවෙි හෝ මහජන සභාවක පැහැදිලි සාරගර්භ කථාවක් කර නැහැ.කොටින්ම ඔහුට ලියල දෙන දෙයක්වත් හරියට කියවගන්න බැහැ.කතාවෙ අගක් මුලක් නැහැ.ඔහේ කියවනවා මිනිස්සුන්ට මොකුත්ම තේරෙන්නෙ නැහැ.

    රවි ඇමතිකමෙන් ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවෙි කළ කථාවෙිදී සිය බිරිඳටත් ස්තුති කළා.එය පාර්ලිමේන්තුවෙි කරන කථාවකට උචිත දෙයක් නෙවෙයි.සෑම දේශපාලනඥයෙකුගෙ බිරිඳක්ම සමාජ පීඩනයන් දරාගැනීමට හුරැවිය යුතුයි.එම කථාවෙන්ම තහවුරැ වන්නේ රවිගේ සෑම කටයුත්තකටම බිරිඳගේ ඇති බලපෑමයි.එම කථාව සකස් කළ අයට පවා බිරිඳ උපදෙස් දී අැති බවක් පෙනෙනවා.
    රවි මෙම අර්බුදයට ඇද දැමීමෙි වගකීමෙන් 90% ක්ම බිරිඳ සහ ඇයගේ ඥාතීන් බාරගත යුතුයි.

    • තිනියාවල ගණින්නාන්සේ. says:

      රවිගෙ උපදේශක මම කියල තමුසෙ දන්නෙ නැද්ද? මම කළ සේවයට තමයි රවි මට ලංකා හොස්පිටිල් එකේ අධ්‍යක්ෂ කමක් දීලා,මොනම සුදුසුකමක් වත් නැති මගේ මල්ලිට බැංකු සභාපතිකමක් දීල,උගේ දුවටත් අමාත්‍යාංශයේ රැකියාවක් දුන්නෙ.

      ටිබෙටි ජාතික ඇස්.මහින්ද හිමියන්ගෙ කවිය මමයි රවිට ඉගැන්නුවෙ.රවි කතා කරනකොට කරැංක ගෙඩියක් කටෙි හිරකරගෙන වගේ කතාකළාට මං මක්කොරන්නද?
      මම හදන්නෙ රවි කවදහරි ජනාධිපති කරන්න.

  9. Love nature says:

    මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවන සමයේ මුදල් ඇමතිව සිටි රවී එම බැඳුම්කර වංචාවේම හවුල්කාර ප්‍රාතමික ගැනුම්කරුවා වන අර්ජුන් ඇලෝසියස් සමග 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 87කදීත් දුරකථන සංවාදයේ යෙදී ඇති බව එම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේදී අනාවරණය වී තිබේ.

    ඒ එම ගනුදෙනු සම්බන්ධ පරීක්ෂණ සඳහා සහාය වීමට පත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ආධාර ඒකකයේ නිලධාරීන් විසින් බැඳුම්කර කොමිසම වෙත ලබාදුන් සාක්ෂිවලින් සහ වාර්තා මගින් අදාළ කරුණු හෙළි දරුව් වී ඇත.

    එම කරුණු අනුව හිටපු මුදල් අමාත්‍යවරයාගේ බිරිඳ සහ දියණියන් දෙදෙනාද මෙම පර්පෙචුල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු මෙන්ම අදාළ බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන හවුල්කරුවෙකු වන අර්ජුන් ඇලෝසියස් සමග අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

    ඒ අනුව රවී ගේ බිරිද මෙලා 2015 පෙබරවාරි 01 සිට 2017 ජුනි 01 දක්වා කාලය තුළ අවස්ථා 320ක් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී ඇත.

    එමෙන්ම රවී ගේ දියණියන් දෙදෙනාගෙන් ඔනෙලා අවස්ථා 18කදීත් ශෙනෙලා අවස්ථා 05කදීත් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සංවාදයේ යෙදී ඇති බව හෙළිදරව් වී තිබේ.

    රවී බිරිඳ හා දියණියන්ගේ පදිංචිය සඳහා අතිසුඛෝපභෝගී මන්දිරය මිලදීගෙන ලබාදී තිබුනේද අර්ජුන් ඇලෝසියස් විසින් යැයි පසුගිය කාලයේදී බැඳුම්කර කොමිසමේදී අනාවරණය වූ අතර ඉන් පසු රවී සිය ඇමති ධුරයෙන්ද ඉල්ලා අස්වීමට සිදු විය.

  10. neil says:

    BOND HORA RAVI !!

Main News