යහපාලන අපි කල වැඩ වෙන කිසිවෙකු කර නෑ.. නමුත් රට්ටු දන්නේ නෑ.. ඒකයි ඡන්දෙ නොදුන්නේ..- රාජිත

April 2, 2018 at 5:30 pm | lanka C news
යහපාලන අපි කල වැඩ වෙන කිසිවෙකු කර නෑ.. නමුත් රට්ටු දන්නේ නෑ.. ඒකයි ඡන්දෙ නොදුන්නේ..- රාජිත

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන සදහා පුටු බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය මොරපිටිය ප්‍රදේශයේ දී සිදු කෙරිනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට රජය කටයුතු කරනවා. අග්‍රාමාත්‍යවරයා පිළිබද ගැටලු ඇත්නම් එය විසදා ගත යුතුයි. වත්මන් රජය ඉතා කැපවීමෙන් යුතුව ජනතා සේවාවේ යෙදෙනවා. නමුත් එම සේවාව පිළිබදව ජනතාව දැනුවත් වී නැහැ.

ගංවතුරෙන් නිවාස අහිමිවූවන් සදහා පසුගිය රජය සමයේ ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂයයි. නමුත් වත්මන් රජය යටතේ නිවසක් ඉදිකිරිම සදහා රුපියල් ලක්ෂ 16 ක් ලබා දී තිබෙනවා. ඒ පිළිබදව ජනතාව දැනුවත් වී නැහැ. වත්මන් රජයේ සංදර්ශණ නැහැ.

යහපාලන රජය සමයේ ලබාදුන් සහන වෙනත් කිසිම රජයක දී ලබා දී නැහැ. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීම ඇතුලු සහන රැසක් ලබාදී තිබෙනවා. නියං සහනාධාර යටතේ විපතට පත් පවුලකට රුපියල් 5000 ක සහන මල්ලක් ලබාදුන්නත් ජනතාව ඒ පිළිබදව දැනුවත් වී නැහැ. ඒ බව මැතිවරණ ප්‍රතිඵල වලින් මනාව ඔප්පු වෙනවා. අපේ රජයේ සිටින ඇතැම් අය රජයම විවේචනය කරනවා. ඒ අය රජය නිර්මාණය කිරීමට පැමිණ අය නොවෙයි. 2015 මැතිවරණයේ දී ඔවුන් හිටියේ වෙනත් අදහසකයි.

2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ අවස්ථාව උදා වී තිබුනා. නමුත් රට හැදීම සදහා පක්ෂ දෙක එකතු වුනා. නමුත් රජය විවේචනය කරමින් ප්‍රශ්න හදන්න උත්සාහ කරනවා. විශ්වාසභංගය පරාජය කර නව වැඩපිළිවෙළක් ඔස්සේ රජය ඉදිරියටම ගමන් කරනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

107 views

24 Comments to “යහපාලන අපි කල වැඩ වෙන කිසිවෙකු කර නෑ.. නමුත් රට්ටු දන්නේ නෑ.. ඒකයි ඡන්දෙ නොදුන්නේ..- රාජිත”

  1. pravenidasa says:

    😂😂😂😂😂😂😂😂

  2. Pal says:

    Rajitha cuts his awn grave , which is good for the country.
    A cunning fox 🦊, still thinks that he can fool the majority.
    Only API CHUU NP Maruwath Kola group will enjoy his statements.

  3. Nimal R says:

    මොකද රට්ටු දන්නේ නැත්තේ . කොටි දත් දොස්තර රාජිත සේනාරත්න දත් ගලවලාම නැවු හතක් ගත්තු එකත් දන්නවා .

  4. ලපයා says:

    යහපාලන අපි කල වැඩ වෙන කිසිවෙකු කර නෑ.. නමුත් රට්ටු දන්නවා. ඒකයි ඡන්දෙ නොදුන්නේ..- රාජිත
    මහා බැංකු මංකොල්ලය, බටහිරට රණ විරුවන් පවා දීම, භික්ෂුන් හිරේ දැමීම, රටේ ආර්ථිකය කාබාසිනියා කිරීම, පලි ගැනීම, ජාතික වස්තුන් විදේශයන්ට විකිණීම, රටේ ණය ප්‍රමාණය ඩබල් ත්රිබල් කිරීම, අහිංසක ජනතාවට බදු, උබලට ඒවා සැප ගන්න,ලක්ෂ 600 වාහන, තව දහසකුත් දේ ලිවිය හැකියි.ඉතින් චන්දෙ දෙයිද උබලට ?තව දත් ටිකක් ගල වල නැව් තුන හතරක් ගනින්.

  5. sisiraanu says:

    රට්ටු බොලා කොල හරිය හරියටම දැනගත්තානම් චන්දෙ පරද්දල නවතින්නේ නෑ බොලව්.
    ගහල එළවන්නේ….

  6. ගන්ජ බන්ඩා says:

    යකෝ අද රටේ වෙන දේ දේසපාලකයන්ට වැඩිය හොදට ජනතාව දන්නවා. පච කෙලල බොරැ පොරොන්දු දීල ජනතාව අන්දපු කාලෙ ඉවරය්.

  7. daminda says:

    mahabankuwata kala dae namm janathawa hondata danee…………

  8. Niru says:

    We know one very well. That is the Bank job. Do not have much information about your ships etc. make that more public and they will respond you then.

  9. ගන්ජ බන්ඩා says:

    යකෝ අද රටේ වෙන දේ දේසපාලකයන්ට වැඩිය හොදට ජනතාව දන්නවා. කුඩ්ඩො රජ වෙලා. පතාලය මිනී මරනවා. දේසපාලුවො රාජ්‍ය දේපොල මංකොල්ල කනවා. පච කෙලල බොරැ පොරොන්දු දීල ජනතාව අන්දපු කාලෙ ඉවරය් දතෝ.

  10. Saman says:

    Le mapila thani game ekak denne. …uba hadavath rogiyek. …mariyan ikmanata

Main News