යහපාලන අපි කල වැඩ වෙන කිසිවෙකු කර නෑ.. නමුත් රට්ටු දන්නේ නෑ.. ඒකයි ඡන්දෙ නොදුන්නේ..- රාජිත

April 2, 2018 at 5:30 pm | lanka C news
යහපාලන අපි කල වැඩ වෙන කිසිවෙකු කර නෑ.. නමුත් රට්ටු දන්නේ නෑ.. ඒකයි ඡන්දෙ නොදුන්නේ..- රාජිත

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ විමධ්‍යගත ප්‍රතිපාදන මත පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ස්වේච්ඡා සංවිධාන සදහා පුටු බෙදාදීම සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බදුරලිය මොරපිටිය ප්‍රදේශයේ දී සිදු කෙරිනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට රජය කටයුතු කරනවා. අග්‍රාමාත්‍යවරයා පිළිබද ගැටලු ඇත්නම් එය විසදා ගත යුතුයි. වත්මන් රජය ඉතා කැපවීමෙන් යුතුව ජනතා සේවාවේ යෙදෙනවා. නමුත් එම සේවාව පිළිබදව ජනතාව දැනුවත් වී නැහැ.

ගංවතුරෙන් නිවාස අහිමිවූවන් සදහා පසුගිය රජය සමයේ ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂයයි. නමුත් වත්මන් රජය යටතේ නිවසක් ඉදිකිරිම සදහා රුපියල් ලක්ෂ 16 ක් ලබා දී තිබෙනවා. ඒ පිළිබදව ජනතාව දැනුවත් වී නැහැ. වත්මන් රජයේ සංදර්ශණ නැහැ.

යහපාලන රජය සමයේ ලබාදුන් සහන වෙනත් කිසිම රජයක දී ලබා දී නැහැ. රාජ්‍ය සේවක වැටුප රුපියල් 10,000 කින් වැඩි කිරීම ඇතුලු සහන රැසක් ලබාදී තිබෙනවා. නියං සහනාධාර යටතේ විපතට පත් පවුලකට රුපියල් 5000 ක සහන මල්ලක් ලබාදුන්නත් ජනතාව ඒ පිළිබදව දැනුවත් වී නැහැ. ඒ බව මැතිවරණ ප්‍රතිඵල වලින් මනාව ඔප්පු වෙනවා. අපේ රජයේ සිටින ඇතැම් අය රජයම විවේචනය කරනවා. ඒ අය රජය නිර්මාණය කිරීමට පැමිණ අය නොවෙයි. 2015 මැතිවරණයේ දී ඔවුන් හිටියේ වෙනත් අදහසකයි.

2015 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීමේ අවස්ථාව උදා වී තිබුනා. නමුත් රට හැදීම සදහා පක්ෂ දෙක එකතු වුනා. නමුත් රජය විවේචනය කරමින් ප්‍රශ්න හදන්න උත්සාහ කරනවා. විශ්වාසභංගය පරාජය කර නව වැඩපිළිවෙළක් ඔස්සේ රජය ඉදිරියටම ගමන් කරනවා.”

– ප‍්‍රසන්න අධිකාරී

103 views

24 Comments to “යහපාලන අපි කල වැඩ වෙන කිසිවෙකු කර නෑ.. නමුත් රට්ටු දන්නේ නෑ.. ඒකයි ඡන්දෙ නොදුන්නේ..- රාජිත”

  1. Nilu Gamage says:

    Gamwala inna bayyanta owa therenne naha amathiyo.

  2. DRS says:

    So its your fault then. As the media spokes person what have you been doing. Talking out of your ar**

  3. Pedro says:

    YES, RAJITHA YOU ARE CORRECT. OTHER PEOPLE NOT CHEATED TO CENTRAL BANK.

    ANE PALAYAN MODAYA.

  4. සාධාරණ මිනිසා says:

    ඕක හැමදාම කිය කිය ඉදල වැඩක් නැහැ.ජනතාව දැනුවත් කිරීමට වැඩ පිලිවෙලක් සකස් කරන්න.සාධාරණව සිතන මිනිස්සු මේ රජයේ වැඩ පිලිවෙල ගැන දන්නව උනාට රටේ බහුතරය දන්නෙ නැත.

  5. Samuvel says:

    ඔවු දත් දොස්තර මහත්තයෝ, යහපානල කියල කියල බලය ගත්තු ම්යි 3 සහ රනිල් ඇතුලු ඔහේලා කරපු දේවල් රට්ටු දන්නෙ නෑ. දෙකයි දන්නේ 1. මහ බැන්කු මන්කොල්ලය අගමැතිගේ සන්විදානත්වයෙන් , ඔහෙලාගේ අනුමැතියෙන් සිදු වීම. 2. අපේ රටේ සම්පත් කුනු කොල්ලෙට විකිනීම පටන් ගැනීම. ජනතාව ඔය දෙක විතරක් දැනගෙන දුන්න නේද ඔහෙලට දුවන්නම. ඉතුරු ටිකත් හෙලි කරන්න අනේ දත් වෙඩ මහතා, ජනතාව දේවී දුවන්න නොවේ වැටෙන්නම.

  6. kadiya says:

    සාක්කුවේ පසුම්බියක් දමාගෙන සිටීමේ, ගෙදරට බඩු මිලදී ගැනීමේ මුදල් ගණන්කිරීමේ කටයුතු කලයුතු නැති නිසා ලැබුන සහනය අපමණයි. අපි විඳින දුක් වේදනාවලට වඩා මේ කාලකන්ණියාගේ වසල කථා හිතට වේදනා ගෙනදෙනවා.

  7. SMA Panadura says:

    What have you done to the country. You launched an expensive propaganda to say that the price of 48 drugs were reduced. Ultimately the prices of them have come to the earlier level or to the higher level. It is better you may shut up your damn mouth during the next two years.At least then you be able to leave the political field peacefully.

  8. Hoo N P Kaaraya says:

    Kathawa ram hariyatama galapenawa.
    1). Kuliyapitiye Volkswagen factory eka
    2). Agriculture ministry building ekata laksha 250/= k maasekata kulee geweema
    3). SAITM ekatath laksha 250/= maasekata kappan geweema……

  9. ලැජ්ජයි ..ලැජ්ජයි .. says:

    ඒ කාලෙත් ඔහොම කොරල ලේබල් අලවලා මන්ත්‍රී පට්ටමටත් කෙලවා ගත්තා මතකද? ලැජ්ජයි ..ලැජ්ජයි ..ලැජ්ජයි ..

  10. Sadda says:

    උඹල රටට කරපු වින්නැහිය රට්ටු දැකල තමා රට්ටු උඹලට චන්දෙ නොදුන්නෙ.

Main News